Saturday, May 22, 2010

පුංචි පහේ චූ කතාව


මේ දවස් වල මුලු සිංහල බ්ලොග් අවකාශයම චූ ගඳ ගහනවනෙ. කතන්දර කාරයගෙන් පටන් ගත්තු චූ කතා ටික මම කියවන බ්ලොග් අඩවි කීපයකටම ව්‍යාප්ත වෙලා. පෙරේද බලනකොට මාතලන් සහෝදරයත් දාලනෙ චූ කතාවක්.මටත් ඉතින් මෙහෙම වෙලාවට නිකන් ඉන්න බෑනෙ. ඒ නිසා මමත් අද කියන්න යන්නෙ චූ කතාවක්.
හැබ‍යි මේකත් මම කියන්න හිතාගෙන හිටපු කතා ලිස්ට් එකේ තිබුන. හැමෝම චූ ගැන කතා කතා කරන වෙලාවෙ මේ ගැන ලිව්වොත් අනිත් අයගෙ චූ ගඳ නිසා මේකෙ ගඳ වැඩිය දැනෙන එකක් නෑ කියල හිතල තමයි මෙක ලියන්න මේ වෙලාවම තෝරගත්තෙ.
මගේ මතක මංපෙතම චූ ගඳින් පිරිල කියල නම හිතන්න එපා. මේක තමයි මගේ මතක මංපෙතේ තියෙන මට මතක් වෙන එකම, ඒ කියන්නෙ වන් ඇන්ඩ් ඔන්ලි චූ කතාව.
මේකත් සිද්ධ උනේ මම 5 වසරෙ ඉන්න කාලෙ. ඒකත් එසේ මෙසේ තැනකදි නෙවෙයි, මගේ ශිෂ්‍යත්ව පන්තියෙදි. මගේ දෙවනි බ්ලොග් පෝස්ට් එක, ඒ කියන්නෙ පුංචි පහේ මං කියවපු අය දන්නවනෙ මගේ ශිෂ්‍යත්ව පංතිය ගැන. නොදන්න අය දැන්ම ගිල්ල ඒ කතාවත් කියවල එන්න.
මුලින්ම කියන්න ඕන, මේක මම කරපු දඟ වැඩක් නම් නෙවෙයි. මම බලාගෙන ඉන්දෙද්දි වෙච්ච දෙයක්.

මුලින්ම පොතේ ගුරා එවල කතාවෙ පසුබිම හදමුකො.

හැම පන්තියකටම වගේ මගේ ශිෂ්‍යත්ව පන්තියටත් තිබුන ටොයිලට් එකක්. ඕකට යන්න පුලුවන් පන්තිය පටන් ගන්න කලින්, පන්තිය ඉවර උනාට පස්සෙ සහ පන්තියෙ අතරමැද දෙන විවේක කාලයෙදි, සිංහලෙන්ම කියනවනම් ඉන්ටවල් එකේදි විතරයි. පන්තිය අතරතුර යන්න ඕන නම් සර්ට විශේෂ හේතු දැක්වීමක් කරල තමයි යන්න ඕන.
සර්ගෙ තිබුනු කරුණාවන්ත කම නිසාම ළමයි කවුරුවත් පන්තිය අතරමැද ටොයිලට් යන්න අහන්නෙ නෑ. මොකද,එහෙම ඇහුවහම සර් දාන කරුණාවන්ත බැලමට එතනම සුලුදිය පහවෙන්න ඉන්ඩ තියෙන නිසා. ඇහුවත් අහන්නෙ ඉවසගන්න බැරුව රතු කට්ට පැනපු කෙනෙක් තමයි.
ඒ නිසා ඉන්ටවල් එක කියන්නෙ ඔය ටොයිලට් එක බොහොම කාර්ය බහුල වෙන වෙලාවක්.
ගැහැණු ළමයින්ගෙ ටොයිලට් එකයි පිරිමි ළමයින්ගෙ ටොයිලට් එකයි එකට අල්ලල තමයි හදල තියෙන්නෙ. වටේට අඩි 6ක විතර බිත්තියක් තියෙනව. ටොයිලට් දෙක වෙන් කරන බිත්තියත් අඩි 6ක් විතර තම්යි. (පොඩි කාලෙ ඔය බිත්ති අපිට වඩා ගොඩක් උසයි. අඩි 5 ද, 6ද කියන්න හරියටම දන්නෙ නෑ. )
ඒවගේම මුලු ටොයිලට් එකම වහල රහිත එකක්. පහලින් තියෙන රූපෙ බලන්නකො ඒ ටොයිලට් එක මොන වගේද කියල දැනගන්න. පිරිමි ළමයින්ගෙ පැත්තනම් ඔය තියෙන විදිහම තමයි. බිත්තිය වටේට පොඩි කාණුවක් තිබුන. එච්චරයි!!!!! ඊට වඩා ඉතින් ඕනෙත් නෑනෙ.හික්ස්!!!
ගැහැණු ළමයින්ගෙ පැත්ත නම් මොන වගේද කියල දන්නෙ නෑ. මොකෝ ඇතුලට ගිහිල්ල තියෙන එකක්යැ.
ඔය කාලෙ අපේ ළමයින්ගෙ අතරෙ ටොයිලට් එකේදි කරන අමුතු සෙල්ලමක් තිබුන. ඔය ඉතිං!!!!! එක එක අය දැන එක එක ඒව හිතනවනෙ. බය වෙන්න එපා, ඔය එකක්වත් නෙවෙයි. බොහොම සරල අහිංසක සෙල්ලමක්. ඒක තමයි පුලුවන් තරම උත්සාහ කරල තටමල තටමල ඔය උස බිත්තියෙන් එහාපැත්තට මුත්‍ර පාරක් විදින එක. අපි ඕකට කිව්වෙ ගිනි නිවන්න පුරුදු වෙනව කියල. හිතාගන්න බැරි අය ඔය යූ ටියිබ් එකෙන් ගිනි නිවන වීඩියෝ එකක් හොයාගෙන බලන්නකො.
හෝව් හෝව්!!!!! මේ ලිපිය කියවන කාන්තා පාර්ශවය කලබල වෙන්න එපා. මම ලංකාවට එනකොට විරෝධතා ව්‍යාපාර සංවිධානය කරන්න ලේස්ති වෙන්නත් එපා.
අපි මේ ගිනි නිවීම පුරුදු වුනේ බොහොම අහිංසක විදිහට, කාටවත් කරදරයක් නොවෙන්න. ඔය ගැහැණු ළමයින්ගෙ පැත්තෙ බිත්තියට උඩින් වතුර පාරවල් විදින්න තුන් හිතකවත් තිබුනෙ නෑ. අපි ගිනි නිවීම පුරුදු වුනේ අනිත් බිත්තියෙ, ඒ කියන්නෙ ඔය පිංතූරෙ "X" කියල ලියල තියෙන බිත්තියෙ. ඔය "Y" පැත්තෙ සිද්ධ වුනේ සාමාන්‍ය ක්‍රියාකාරකම් විතරයි.
ඔය ඕනම සෙල්ලමක් කොච්චර සංතෝසෙන් සාමයෙන් කරගෙන ගියත් ඕක ලෙල්ලම වෙන වෙලාවකුත් තියෙනවනෙ. එදා කරුමෙට මාත් එතන හිටිය. ඒ වුනාට ජොලියකුත් නොතිබුනාම නෙවෙයි.

මෙන්න මේකයි සිද්ධිය.

එක දවසක් මමත් සුලුදිය පහ කරන්න ඔය ටොයිලට් එකට ගියපු වෙලාවක එකෙක් "X" පැත්තෙ බිත්තියෙ ගිනි නිවීම පුරුදු වෙනව. අනිත් කොල්ලො ටික පිටිපස්සට වෙලා චියර් එක දෙනව. බිත්තිය අපිට වඩා ගොඩක් උස නිසා බොහොම කලාතුරකින් තමයි බිත්තිය උඩින් සුලුදිය පහරක් විදින්න පුලුවන් උනේ.
මූත් මුලු ඇඟේම තියෙන වෙර දාල තටමල ගේම දෙනව. පිටිපස්සෙනුත් හොඳ චියර් පාරක් එනවනෙ. කොහොම හරි තටමල වැඩි වෙලාද කොහේද මූට ගියා පොඩි වාතයක්. වාතෙ පොඩි උනාට ටිකක් සද්දෙට ගියා. ඕකට කොල්ලො ටික බඩ අල්ලගෙන හිනා වෙන්න පටන් ගත්ත. චියර් කරපු කොල්ලො විරක් නෙවෙයි ඒ වෙනකොට සුලුදිය පහකිරීමෙ අතරමැද ලෙවල් එකේ හිටපු අයටත් මාර විදිහට හිනා. ඔය අතරෙ "Y" පැත්තෙ තමන්ගෙ පාඩුවෙ කාරිය කොර කොර හිටපු එකෙක්ටත් හෙන කික් හිනාවක් ගියා. හිනාව කොච්චර කික්ද කියන්වනම් ඒ කික් එක උගේ මුත්‍රාශයටම දැනෙන්න වැදිල තියෙනව.
හිනාවෙ පවර් එකේ සැර කමටද කොහෙද උගේ සුලුදිය පාරක් බිත්තිය උඩින් අනිත් පැත්තට විද්ද. හිතාගන්න බැරිනං පොඩ්ඩක් තදින් හිනා වෙලා බලන්නකො ඔය මුත්‍රාශය තියෙන පැත්තට කික් එකක් දැනෙන්නෙ නැද්ද කියල.
කෙල්ලොන්ගෙ පැත්තෙන් " ඊයා....... ඉකේ........යියා........." කියල සද්ද්යක් ඇහෙනව. වැඩේ දෙල් . වැදිල තියෙන්නෙ හෙන ගිනි ගොඩකට. ඒ මදිවට අරූගෙ ටැංකියෙ තිබිල තියෙන්නෙ පෙට්‍රල් ද කොහෙද. ඒ සුලුදිය පාර වැදිච්ච ගමන් එහා පැත්තෙන් හෝ ගාල ඇවිලෙන සද්දෙ ඇහෙනව.
අර චියර් දිදී ඉඳපු කොල්ලො සෙට් එක කොහෙන් ගියාද නෑ. ටොයිලට් ඒකේ ඉතුරු උනේ මමත් ඇතුලුව 5 දෙනෙක් විතරයි. ඇයි ඉතින් කාරිය කර කර ඉඳපු අය කාරිය අතරමැද නවත්තල දුවන්නයැ. සර්ගෙ කරුණාවන්ත කම දන්න නිසා අර එහා පැත්තට සුලුදිය විදපු එකාට ආයෙමත් මුත්‍ර බර හැදිල වගේ. හැමෝම මගේ දිහා බලනව. මොකද මම හැමදාඅම පන්තියෙ පළවෙනි 5 දෙනා අතර ඉන්නව. කොච්චර දඟ වැඩ කරත් සර් මට ටිකක් ආදරෙයි.
දැන් අහුවෙන්නෙ අපි 5 දෙනානෙ. 5 දෙනාම එකට එලියට ආව. එතකොට කෙල්ලො ටික සර්ටත් කතා කරල ඉවරයි. මුත්‍ර පාර වැදිච්ච ගෑණු ළමයත් බලාගෙන ඉන්නව. අම්මෝ!!!!! ඒක මහ ගිනි බෝම්බයක්!!!!
"කවුද මේ වැඩේ කරේ" සර්ගෙන් මුල්ම ප්‍රහාරය.
අපි කට්ටිය සයිලන්ට්.
සුලුදිය පාර විදපු එකා හරි අහිංසක කොල්ලෙක්. ඌ මගේ මූණ බලනව.ඒක දැකල අනිත් උන් 3දෙනත් මගේ මූන බලනව. හරියට මම වැරැද්ද කරා වගේ.
"මතක මංපෙත...... මේක තමුසෙගෙ වැඩක්ද?? මට ඇත්ත කියන්වා...." සර්ගෙන් දෙවනි ප්‍රහාරය.
" නෑ සර් මම නෙවෙයි...." මගේ උත්තරය.
"එහෙනං කවුද මේක කරේ? "
කවුරුත් සද්ද නෑ.
"කට්ටියම පන්තිය ඉවර වෙනකන් ස්ටෙජ් එක ලඟ දන ගහගෙන ඉතුරු පාඩම් ටික අහගෙන ඉන්නව. වැදිකාරය තමන්ගෙ වැරැද්ද පිලිගන්නකන් හැදාම දන ගහගෙන තමයි පන්තියෙ ඉගෙන ගන්න වෙන්නෙ." සර් බර අවි වලින් ප්‍රහාර එල්ල කරන්න පටන්ගත්ත.
එහෙම කියල සර් අනිත් පැත්ත හැරුන විතරයි එකෙක් ඉස්සරහට යන්නයි හදන්නෙ. මම උගේ බඩට ඇනල නවත්තගත්ත.පාවාදීම් වලට ඉඩ දෙන්න බෑනෙ.

එදා පන්තිය ඉවර වෙනකන්ම අපි දන ගහගෙන. පන්තිය ඉවර වෙලා සේරම ළමයි ටික යනකන් අපිව තියාගත්ත.
සෙරම ළමයි ටික ගිහිල්ල ඉවර වෙලා සර් අපි ලඟට එනකොටම අර අහිංසක වැරදිකාරය නැගිටල කිව්ව
" මම තමයි සර් බිත්තියෙන් එහාපැත්තට චූ කරේ" කියල.
ඌ බයේ ගැහෙනව.
"එහෙනම් තමුසෙගෙ වැරැද්දට මෝම දඬුවම් විඳිනකන් බලාගෙන හිටිය නෙ...."සර් නිකං යකා වගේ.
" අපි කට්ටිය කතා උනා කවුරුවත් අල්ලල නොදෙන්න. අනික මේක හිතල කරපු දෙයක් නෙවෙයි සර්" මම පට ගාල නැගිටල උතර දුන්න.
ඊට පස්සෙ වෙච්ච සිද්ධියත් කෙටියෙන් විස්තර කරල දුන්න. සර්ටත් පුංචි හිනාවක් ගියා. මම දැනගත්ත වැඩේ ශේප් කියල.
ඕක මට පොඩි කාලෙ ඉඳල තියෙන දක්ෂකමක්. කාටහරි තරහ ගිහිල්ල හිටියත් ඒක පට ගාල නිවල දාන්න මගේ වචන දෙක තුනකට පුලුවන්. ටික ටික ලොකු වෙනකොට තමයි ඒකෙ පල ප්‍රයෝජන බොහොම තියෙන විත්තිය තේරුම් ගත්තෙ.හික්ස්!!!!

අපිට ගෙදර යන්න අවසර වගේම ඊලඟ දවසෙ ඉඳල නැවතත් සුපුරුදු ඩෙස් එකේම වාඩි වෙන්නත් අවසර ලැබුන.
මම පන්තියෙ ගේට්ටුවෙන් එලියට එනකොට තාත්ත බලාගෙන ඉන්නව. හැමදාම අපිත් එක්ක එකට පන්ති ඇරිල යන මගේ ඥාති සහෝදරිය, ඒ කියන්නෙ මට වඩා දවස් 11ක් බාල මගේ නෑන තාත්තට සේරම නිවුස් එක දීල.
ඉතින් ගෙදර ගිහිල්ල ඔය සිද්ධිය ගෙදර අයටත් විස්තර කරල දුන්නට පස්සෙ තමයි මගේ නම බේරගන්න පුලුවන් උනේ. හික්ස්!!!
ඔන්න මගේ චූ කතාවත් කියල ඉවර කරා. බ්ලොග් අවකාශය චූ කතා වලින් පිරී ඉතිරී යත්වා..!!! කියල හමෝම සාදුකාරයක් දෙන්න.............
දැන් මේ චූ කතාවට කැමති අය ඉන්නවනම් ඔය පහලින් තියෙන කොටුවෙ එක දාල යන්නකො.
අකමැති අයත් දත් මිටි කකා නිකං ඉන්න එපා. ඔය පහලින් තියෙන කොටුවෙ මට බැනල මොනව හරි ලියල යන්න.

30 comments:

හා පැටික්කි (MS) said...

:D :D :D :D :D

මතක මංපෙත said...

@ හා පැටික්කි (MS)
:P :P :P

Supun Sudaraka said...

බිම පෙරළෙමින් සිනාසේ! :D

CNP said...

එළ කතාව මචන්. පට්ට ආතල්.

මතක මංපෙත said...

@ Supun Sudaraka
ඉක්මනට නැගිටපන් මලේ.
මේ දවස් වල චූ ගලාගෙන යන හැටියට ඔයින් ටිකක් බිමටත් හැලිල තියෙන්නබරි නෑ.

@ CNP
මමත් ඉතින් පොඩි කාලෙ හිටියෙ ෆුල් ආතල් එකේනෙ. හික්ස්!!!!

හසී said...

හික්ස් විත් ලොල්ස්
පට්ට කතාව......හිනාව තාම නවත්වගන්න බෑ...ලියල තියෙන විදිහත් පට්ට......

Indika said...

ඔය නොකිය නොකිය හිටියට miss fire වෙලා කට්ටිය ඇඟෙ තෙමා ගත්තු කතා එහෙමත් ඇති මයෙ හිතේ...එහෙම නේද..?
මොකෝ ඉතින් ඔලුවටත් උඩින්නෙ විදින්න තීන්නෙ, නිකන් පොඩි හුලඟක් ආවනම් මදෑ...

මතක මංපෙත said...

@ හසී
එහෙනම් මතක ඇතුව මුත්‍ර කරන වෙලාවට මේ කතාව මතක් නොකරන්න මතක තියාගන්න.
මේක මතක් වෙලා හිනාවක් එහෙම ගිහිල්ල අරූට වගේ උඹටත් මුත්‍රාශයට කික් එකක් වදුනොත් එහෙම වටේ පිටේ ඉන්න අයටත් හික්ස් විත් ලොල්ස් තමයි.
හික්ස්!!!!!

@ Indika
අම්මෝ.....
ඒ කතා කියන්න ගියොත් එහෙම මගේ මුලු බ්ලොග් එකම කැසිකිලියක් වෙනව.
ගන්දස්සාරෙ ඉන්න බැරි වෙයි.
හුලඟ එන්නම ඕන නෑ.
බිත්තියෙ වැදිල රිෆ්ලෙක්ට් වෙන කේස්ම කොච්චර තියෙන්වද.

මාතලන් said...

ඔය තරඟය අපි ලොකු වෙලත් කලා..
පස්සෙ දවසක කියන්නම් ඒ කතා..
කොහොමද පොඩි උනාට ඔය ටොයිලට් වල ගඳ...

මතක මංපෙත said...

@ මාතලන්
ගඳ ගැන නම් මොන කතාද.
ඒ උනත් ඉතින් ඔය පොඩි කාලෙ ගඳ, දූවිලි, ජරාව ගැන වැඩිය බරපතල විදිහට හිතන්නෙ නෑනෙ.
වැඩේ ආතල් නම් කොච්චර ගඳ උනත් මොකෝ........

ආදර කතාව said...

නියමෙට ලියල තියනවා... නියමයි සහෝ....

මතක මංපෙත said...

@ ආදර කතාව
මේ පැත්තෙ ඇවිත් යන්න ආවට බොහොම තැන්ක්යූ... කිව්ව ඕං

දුකා said...

pissu hadenawa . . akwda ban me kataawalata akamati . . . matath bi. pe. si . tamai . . eth ape kolla hinda eka baha . . mokada ada gedara idan meka baluwe . . ela ela . . niyamai . .. niyameta liyala tiyewa supurudu paridi . . .

මතක මංපෙත said...

@ දුකා
ඉතින් ඔය කොල්ලත් එක්කම ටිකක් විතර බිම පෙරලුඅනාට ඒකෙ ඇති වදරක් නෑ නෙව.
තාත්ත බිම පෙරලෙන්ව දැකල සොඳුරු ත්‍රස්තවාඅදියත් බි.පෙ.සි වෙයිනෙ.
එක නෙවෙයි, එතකොට ඔය ඔෆිස් එකේදි බි.පෙ.සි පුලුවන්ද?????

ජේ.ඩී said...

එළ එළ එළමකිරි කතාව........ හික්ස්..... මරුවට ලියල තියෙනවා. හිනා හිනා හතරහිනා කිව්වලු. :D

මතක මංපෙත said...

@ ජේ.ඩී
ඔහොම හිනා උනොත් උම්බේ මුත්‍රාශෙටත් අර කික් එක දැනෙයිද දන්නෙ නෑ.

මම said...

අනේ පව්නේ අර ගෑනූ ලමයා.එයත් පන්ති ඉවරවෙනකම්ම හිටියද අයියේ.ආපෝ ඔයාලානම් කරන වැඩ අප්පා..
කමක් නෑ කමක් නෑ ඒ කලේ ඔවා නොකලානම් අද කොහොමද අපි ලේ ඩිංගක් පිරිසිදු කරගන්නේ....

මතක මංපෙත said...

@ මම
ඒ ගෑණු ළමයට මොකද උනේ කියල නම් මතක නෑ.
නංගියො, ඒ කාලෙ ඕව නොකර දැන් කරන්න කියලද. එහෙම උනොත් ඉතින් දන ගහල බේරෙන්න බෑනෙ.
අනික කස්ටිය නිතරම ලේ රත්කරගෙන ඉන්න මේ කාලෙ ලේ ඩිංගක් පිරිසිදු කරගන්න උදවු වෙනව කියන්නෙත් සුළුපටු පිනක්ද......

වැම්පයර් said...

කොර !! ආයෙ කියන්න දෙයක් නෑ

Praසන්ன said...

නියමෙට ලියල තියනවා... මතක් වෙනකොටත් හිනා යනව.

දිල් said...

අනේ කොල්ලෝ...මට ඉතින් ලියන්න ඕනෙ දේ මෙතන ලිව්වනම් මාව ඉතුරු වෙන එකක් නෑ. මම උබට පස්සෙ කියන්නම්කො. දැනට නම් හොදටම හිනා...( උණ හැදිලා හොඳටම. ඒකයි comment පරක්කු )

හසී said...

:D

මතක මංපෙත said...

@ වැම්පයර්
මේ පැත්තෙ ආවට බොහොම පිං.
චූ යන කතා තිබුනට වැම්පයර්ට හරියන ලේ එන කතා නම් මගේ ලඟ නෑ ඕං.

@ Praසන්ன
එහෙනම් මතක ඇතුව මුත්‍ර කරන වෙලාවට මේ කතාව මතක් නොකරන්න මතක තියාගන්න.

@ හසී
:P

මතක මංපෙත said...

@ දිල්
දැන් අසනීපෙ හොඳද?
කවුරු හරි මොනවහරි කියන්න ආවොත් මාම ඉන්නවනෙ බේරගන්න.
ඒ නිසා හිතට එන දේ ලියන්නකො.
මෙතනම ලියන්නම බෑ කියල හිතෙනවනම් මේල් එකක් එවන්නකො.

වෙජී® (පුංචි එකා) said...

හෙහෙ ලොලේ ලොල් කතාව
සිරාවට කතාව වගේම ලියලා තියෙන විදියත් එළ. :D

අනුරාධ said...

බලන් ගියාම උඹත් මාර චූ කොල්ලෙක්නෙ.

මතක මංපෙත said...

@ වෙජී® (පුංචි එකා)
තැන්ක්යූ වෙවා තැන්ක්යූ වෙවා!!!

@ අනුරාධ
ආයෙත් අහල!!! තනිකරම කැසිකිලියක් අප්පා!!!

Anonymous said...

අදයි මුලින්ම මේ බ්ලොග් එක කියෙවුවේ...
දැනට කියවපු කතා දෙකම නියමයි.
Keep it up!
-AD

මතක මංපෙත said...

@ AD
ඉතුරු ටිකත් කියවලම බලන්නකො.

Anonymous said...

යසි

Post a Comment