Sunday, May 16, 2010

මම 1 වසරට ඇතුල් වුනු හැටි. හික්ස්!!!!!!


මේ දවස් වල කස්ටිය මාර විදිහට බිසී වගේ. හිටු කියල කවිමඩුවෙ හිටිවන කවි කියන්න ගිහිල්ලද මන්ද, මම කියවන බ්ලොග් වලට අලුත් කමෙන්ට් වැටෙන්නෙත් අඩුවෙන්.
කොහොමින් කොහොමින් හරි ඕං අදත් මං මෙතෙක් ආපු, මතකයන් පිරුනු මං පෙතේ තවත් මතකයක් හොයාගෙන පිය නගන්නයි ලෑස්තිය.

ඒ උනත් මාර කේස් එකනෙ. මම මේ බ්ලොග් එක පටන් ගන්නකොට හිතාගෙන හිටියෙ පොඩි කාලෙ මතකයන් මුලින්ම ලියල ටිකෙන් ටික ලොකුවෙනකොට ඒ කාලෙ මතකයන් පිළිවෙලට ලියාගෙන යනව කියල. ඒත් මගේ කලින් පෝස්ට් කියෙව්වනම් ඔයාලට තේරෙයි පොත් ගැන ලියපු ලිපි ටික ඇරුනහම අනිත් ලිපි, ඒ කියන්නෙ ශිෂ්‍යත්ව පන්තියෙ කේස් එක 5 වසරෙදි, මිසොං ඉම්පොසිබොල් කජු කෑම 4 වසරෙදි, පොඩි එකාගෙ අත්කම් 2 වසරෙදි වෙච්ච දේවල් කියල. මම ගිහිල්ල තියෙන්නෙ අනිත් පැත්තටනෙ. ඒ කියන්නෙ අවරෝහණද කොහෙද.
දැනුත් මට ලියන්න මතක් වෙන්නෙ මම 1 වසරෙ සිද්ධියකුයි, මට අවුරුදු 5 කාලෙ වෙච්ච සිද්ධියකුයි. මොකක් ලියනවද කියල තමයි මේ කල්පනා කරන්නෙ. මම ඉක්මනටම ලොකු වෙලා බස් කතා වෑන් කතා කියනකන් බලාගෙන ඉන්න "මම දන්නෙ නැහැ...." ලියන නංගට මාව අහු උනොත් එහෙම මාව මස් කරයි. අනේ නංගො සොරි වෙන්න ඕන. මට මේ කතා ටිකත් ලියන්නමයි හිත.

ඔන්න එහෙනම් මම තෝරගත 1 වසරෙ කතාව ලියන්න. 1 වසරෙ කිව්වට තාම 1 වසරෙම නෙවෙයි. 1 වසට ඇතුලත් කරගැනීමේ ඉන්ටර්විව් එක දවසෙ වෙච්ච කේස් එකක්. මට මේක මතක් උනේ "මාතලන්" සහෝදරය ලියපු පොස්ට් එකක් කියෙව්වහම. ඒ පොස්ට් එක කියවන්න මෙතනට කොටන්න.

මගේ කලින් පෝස්ට් කියවපු අය දන්නව ඇතිනෙ මම ගියේ ගාල්ලෙ මහින්දෙට කියල. ඒ වගේම මගේ ගම හික්කඩුව කියල. ඉතින් හික්කඩුවෙ ඉඳල ගාල්ලට අඩු නැතුව කිලෝමිටර් 17ක් තියෙන එකේ මම ඉස්කෝලෙට ඇතුල් වුනු හැටි ගැන කියන්න ඕන නෑනෙ. බොරු ඇඩ්රස් දීල.
ඔන්න ඉතින් අම්ම්යි තාත්තයි මම ඉපදෙනකොටම මාව ගාල්ලෙ ඉස්කෝලෙකට දාන කියල හිතාගෙන ඉඳපු නිසාද කොහේද මගේ ගම හික්කඩුව ප්‍රදේශය උනාට මගේ පියාගෙ ලිපිනය විදිහට තියෙන්නෙ ගාල්ලෙ ගෙදරක්.
ඔන්න ඉතින් අම්මයි තාත්තයි ගාලෙ මහින්දෙට මාව දාන්න ඇප්ලිකේශන් එහෙම දාල මාව ඉන්ටවිව් කරන දවසත් ආවලු.
මාව දාන්න බලපු තවත් ඉස්කෝලෙකුත් තුබුනත් ඒකට අපහාසයක් වෙන්න ඉඩ තියෙන නිසා මම ඒ ගැන කියන්නෙ නෑ. මේ කතාවෙදි "ස්ටික් ටු ද ස්ටෝරි" කියන මෙතඩ් එක පුලුවන් තරම් රැකගන්න බලන්නම්කො.
ඉතින් අපිට කාර් බාර් නොතිබුනු ඒ කාලෙ අම්මයි තාත්තයි දෙන්නම නිවාඩු දාල මාවත් එක්කගෙන බස් එකේ ඉස්කෝලෙට ගියාලු.( මම මේ කතාව "ලු" ටයිප් එකෙන් කියන්නෙ, මේක මට මතක තියෙන කතාවක් නොවෙන හින්ද. අම්ම තාමත් රස කර කර කියන, කියල හොඳටම හිනා වෙන, මට අමතක, ඒත් අම්මට මතක තියෙන මතකයක් නිසා)
මහින්දෙට ගියපු ඕනම කෙනෙක් දන්නව ඉස්කොලෙට ඇතුල්වෙන ගේට්ටුවට කලින් පහුකරන්න වෙන ලොකු බාධකයක් තියෙනවනෙ. ඒ තමයි අලපලාව කන්ද.බස් එකෙන් ඇවිල්ල සංඝමිත්ත ලඟ බැහැල අලපලාව කන්ද නැගල තමයි ඉස්කෝලෙට යන්න ඕන. මහා ලොකු කන්දක් නොවුනත් කන්ද උඩට එනකොට හොඳටම මහන්සි දැනෙන තරමට ලොකුයි. ඉතින් මමයි අම්ම්යි තාත්තයි හති දමාගෙන කන්ද නැගගෙන ඉන්ටවීව් එකට ගියාලු. මගේ උප්පැන්නෙ ඇඩ්රස් එක තියෙන ගෙදරත් තියෙන්නෙ ඔය කන්දෙ තමයි. අපි යනකොට ඒ ගෙදරත් පහු කරගෙනයි ගිහිල්ල තියෙන්නෙ. ඒ බව මම දැන ගත්තෙ තවත් අවුරුදු ගානකට පස්සෙ. ඒත් මෙතුවක් කාලෙකට මම ඒ ගෙදරට එකපාරක්වත් ගිහිල්ල නෑ.
ඔන්න අපි හති දමාගෙන ඉස්කෝලෙට ඇවිල්ල ඕල්කට් හෝල් එකේ (මහින්දෙ ප්‍රධාන ශාලාව.ඔය උඩ පිංතූරෙ තියෙන්නෙ මේ ඕල්කට් හෝල් එක තමයි. ) වාඩි වෙලා බලාගෙන ඉන්නවලු මගේ අවස්ථාව එනකන්.
කොහොමින් කොහොමින් හරි මගේ ටර්න් එකත් ආවැයි කියමුකො. අම්ම මාත් එක්ක ගිහිල්ල ඉස්සරහින් වාඩි වෙලා හිටපු ප්‍රින්සිපල්, වයිස් ප්‍රින්සිපල්, ප්‍රාථමික අංශ භාර මැඩම් ලඟට ගිහිල්ල, අදාල ලියකියවිලි බාර දුන්නලු (මේ ටික නම් තාමත් මගේ හිතේ ස්ලයිඩ් ශෝ එකක් වගේ රැඳිල තියෙනව. යන්තං මතකයි )
ඊලඟට එන්නෙ මගෙන් ප්‍රශ්ණ අහන් වෙලාව.
අම්මල මාව මේ ඉස්කෝලෙට දාන්න කොච්චර උත්සාහ කරත් මට බොරු කියන්නනම් ඉගැන්නුවෙ නෑ. මටත් ඉතින් ඔය සබකෝලය කියන එක ඇච්ච කාලෙ ඉඳලම පොඩ්ඩක්වත් තිබුනෙ නෑනෙ. ප්‍රින්සිපල්ගෙන් ප්‍රශ්ණ වලට මමත් පට පට ගාල උත්තර දෙනවලු.
ඔන්න දැන් තමයි ක්‍රිටිකල්ම ප්‍රශ්ණෙ.
"පුතා අද කොහොමද ඉස්කෝලෙට ආවෙ?"
අම්මත් බලාගෙන ඉන්න්වලු මම මොකද කියන්නෙ කියල.
"උස....... කන්දක් නැගල ආවෙ. අම්ම මාව ඇදගෙන නැග්ග. මම අම්මව තල්ලු කරගෙන නැග්ග" ඔන්න ඕකලු මගේ උත්තරේ.
කන්ද නැගපු මහන්සියට මට බස්වල ආපු මහන්සිය අමතක වෙලා තියෙන්න ඇති.
මගේ උත්තරේ තිබුනු නැචුරල් ගතිය නිසාද මන්ද, මගෙන් තවත් ප්‍රශ්ණ අහල නෑ.
ප්‍රාථමික අංශ භාර මැඩම් කිව්වලු "හරි..... හුරතල් පොඩි එකා" කියල.
අම්ම තාමත් කියන්ව " මමත් ඉතින් කට කොනින් හිනාවක් දාල ඔලුව වැනුව. මමනෙ දන්නෙ මුගේ තිබුනු හුරතලේ තරම" කියල.
ඔන්න ඔහොමයි මම කරදරයක් නැතුව බොරු ඇඩ්රස් දීල ඉස්කෝලෙට ගියෙ.
තව දෙයක් කියන්න ඕන. ඉස්කෝලෙට මාව ගන්න සතයක්වත් ඉල්ල නෑ. හැම අවුරුද්දෙම ආරක්ෂක අරමුදලයි පහසුකම් ගාස්තුයි ගෙව්වහම ඇති කිව්වලු.
මහින්දෙට ගියපු අවුරුදු 13ටම මමත් ඒ ගාස්තු ඇරෙන්න වෙන කිසිම අනිවාර්ය ගාස්තුවක් ගෙවල නෑ කියන එකනම් ආයෙත් මතක් කරන්න ඕන.
ඊලඟ දවසෙ මම මොන්ටිසෝරි යන කාලෙ කරපු ඇට්ටර වැඩක් අරගෙන එන්නම්කො. ඒකන්ම් මට තාමත් මතක මගේම මතකයක්. එතකන් ඔය පහලින් තියෙන කොටුවෙත් මොනව හරි ලියල යන්නකො.

24 comments:

දුකා said...

හප්පා . . උඹ නම් සිරා කොල්ලෙක් බන්z . .

මේ කොල්ලෝ . . උඹේ උප්පැන්නේ කොපියක් උඹ ලඟ තියෙනවාද . . ?

අනේ ඒක තරහ නැතුව පොඩ්ඩක් දිග ඇරලා බලපන් උඹේ නම විදිහට ඇම්ඩන් කියල කෑල්ලකුත් තියෙනවද කියලා. . . හික් හික්

දුකා said...

මචෝ උඹ මූනු පොතේ ඉන්නවාද? මට ඊමේල් එකක් එවපන් (sathula@yahoo.com) උබව අඳුන ගන්න ආසයි !

මතක මංපෙත said...

@ දුකා
මට තියෙන්නෙ හෙන දිග නමක්. ඒත් ඇම්ඩන් කියන කෑල්ලනම් නෑ. ඇම්ඩන් ජනප්‍රිය වුනේ 1990 ගනන් වල නිසා මම ඉපදෙන කාලෙ තාත්ත ඇම්ඩන් ගැන දැනගෙන ඉන්න නැතුව ඇති.හික්ස්!!!!!!
මේල් එකක් එව්ව. චෙක් කරන්නකො.

Hasitha said...

මේ කතාව නම් නියමයි. හැදෙන ගහ දෙපැත්තෙන් දැනෙනවා කිව්වලු. තව තව හොඳ වැඩ කරන්න ඇතිනේ. ඒවත් දාමු අපිට කියවන්න.

මතක මංපෙත said...

@ Hasitha
මම හම් අහල තියෙන්නෙ "දෙපැතෙන්" නෙවෙයි "දෙපෙත්තෙන්" කියල. කෙසේ වුනත් හික්ස්!!!!!
මේ පැත්තෙ ඇවිත් යන්න ආවට ටැංකූ කිව්ව

Hasitha said...

ඒකත් එහෙමද ? තැන්කු අයියා නිවැරදි කලාට......
කොහොම වෙතත් දැන් කාලේ හැදෙන කට්ටිය ගැන නම් තුන් හතර පැත්තකින්ම පේනවා :) :) :)

මතක මංපෙත said...

@ Hasitha
ඒ කියමනට නම් නැවත නැවතත් හික්ස්!!!!!
බිපෙසි

Hasitha said...

සහෝ මොකක්ද මේ බිපෙසි කියන්නේ ?

මතක මංපෙත said...

@ Hasitha
කැම්පස් කොල්ලෙක් වෙලත් ඕක දන්නෙ නැද්ද.
බිපෙසි කියන්නෙ "බිම පෙරලී සිනාසෙමි" කියන එකනෙ.
මට ඕක ඉගැන්නුවෙත් උඹේම කැම්පස් එකේ කොල්ලෙක් තමයි මලේ....

sansarasidu said...

මරු කතාව... මලයො
හික්ස්... කොල්ලා බස් කතාවක් කිව්වා නම් එහෙම..?

@ Hasitha,
මල්ලියෝ.
පුංචි නිවැරදි කිරීමක් කළාට තරහ වෙන්න එපා...
හැදෙන ගහ දෙපැත්තෙන් නෙවෙයි දෙපෙත්තෙන් දැනෙයි කියල නිවැරදි වෙන්න ඕනෑ...

දුකා said...

ko ban . . mail ekak nahane . .

දුකා said...

hareeeee . . hambunaaaaa. . . .. !!!

දිල් said...

මරේ මරු.....පොඩි උන්ට බොරු උගන්නලා හරි ඉතින් හොද ඉස්කෝලෙකට දාන හදන්නේ උන්ගෙම හොඳටනේ...නේද කොල්ලො...කොහොමෙන් කොහොම හරි කොල්ල යන්තම් අම්මගෙයි තාත්තගෙයි ජාමේ බේරලා ....හික්ස්...නැත්තම් ඉතින් අපරාදේ ඒ දෙන්නගෙ මහන්සිය

AnythingAnytime said...

වැල යත අතට මැස්ස ගහල හරි යයිද මන්දා මොනා උන්ත් කතාව ඇත්ත අපෙ පෝරම් එකෙත් ලියන්න හොද ලිපි ටිකක්
www sriwow info

මතක මංපෙත said...

@ දිල්
බොරු කීමට තදින්ම විරුද්ධ අපේ අම්මට තමන්ගෙ පුතාට බොරු උගන්නන්න හිතෙන්නෙ නැතුව ඇති. හිකස්!!!!!!
ඒත් මම නම් ඉඳල හිටල බොරුවක් දෙකක් කියන්ව. නැත්තං කොහොමද ගෙදර ඉන්නෙ.
ඒකට අපේ අක්ක. අම්මට කවදාවත් තමන් වෙනුවෙන් බොරු කියල නෑ. ඉඳල හිටල බොරු හරි කියල තියෙන්නෙ" මල්ලි ගැහුවද" කියල අම්ම අහන කොට මාව බේරගන්න"නෑ" කියල කියන එක විතරයි.

@ AnythingAnytime
ඇවිත් යන්න ආවට බොහෝම පිං

අනුරාධ said...

අනේ අනේ බොල....

මතක මංපෙත said...

@ අනුරාධ
ඒක නෙවෙන්නං බොල..........හික්ස්!!!

මම said...

ම්ම් කමක් නෑ කමක් නෑ දාන්නකෝ පොඩි කාලේ වැඩ ටික.මං ආසයි ඒවත් කියවන්න.හෑබෑටම අයියේ ඔයාව ගිය අවුරුද්දේ වගේ දැනගත්තනම් මං ඔය ටිකිරි මොලේ මාස 7,8කට ඉල්ල ගන්නවා.මගේ A/L විභාගේ ඉවර වෙනකම්....හික්ස්..

Praසන්ன said...

කතාව ලස්සනයි. දිගටම ලියන්න.

මතක මංපෙත said...

@ මම
ඔව් ඔව් නංගො, ගිය අවුරුද්දෙ දැනගත්ත නම් මගේ මොළේ ටික කාලෙකට දෙන්න තිබුන. මොකද ඒක තාම තියෙන්නෙ ෆ්‍රෙශ් පිට. මම වත් A/L වලට ඒක පාවිච්චි කරේ නෑනෙ. ඉතින් ඔයාට ඒක අලුත් පිටම දෙන්න තිබුන. හික්ස්!!!!!!!

@ Praසන්ன
පුලු පුලුවන් විදිහට ලියන්නම්කො. මේ පැත්තෙ ඇවිත් යන්න් ආවට බොහෝම පිං.

Hasitha said...

මතක මංපෙත ට
තැන්කු වේවා අයියා කියාදුන්නාට. අපි තාම ඉගෙන ගනිමින් ඉන්න කොල්ලොනේ. :)

sansarasidu ට
තැන්කු වේවා අයියා කතාව නිවැරදි කලාට :)

ත‍රිඳු said...

අපේ ගෙදර අයනම් ඉපදෙනකොටම උප්පැන්නෙ ඉඳල හොර ඇඩ්රස් තමා. ඒ නිසා අවුලක් නෑ. මගෙ ඇහුවම කොහෙ ඉඳලද ආවෙ කියල මම කිවලු එලියේ ඉඳන් කියල.

වැප් said...

හි හි ....

මතක මංපෙත said...

@ ත‍රිඳු
එතකොට ප්‍රින්සිපල් මොකක්ද කිව්වෙ කියල එහෙම මතක නැද්ද?

@ වැප්
හ හා

Post a Comment