Monday, May 10, 2010

පොත් නිසා මට වෙච්චි දේ


මම A/L කරන කාලෙ තමයි අපි හික්කඩුවෙ අපේ ගෙදර විකුණල මාලඹේ ගෙයක් හදන්න පටන් ගත්තෙ. ඉතින් පරණ ගෙදරින් පිටවෙලා අලුත් ගෙදර පදිංචි වෙන්න පුලුවන් මට්ටමට හදල ඉවර වෙනකන් අවුරුද්දක විතර කාලයක් අපි පදිංචි වෙලා හිටියෙ තාත්ත උගන්වපු ගාල්ල කාර්මික විද්‍යාලයෙ නිලනිවාස වල. සිංහලෙන්ම කියනවනම් ක්වාටස් වල.
එතෙක් කල් හැමදාම උදේ ඉස්කෝලෙට යනකන් පැයක් විතර බස් වල කට්ට කාපු මට දැන් බයිසිකලෙන් ඉස්කෝලෙට යන්න ගතවෙන්නෙ විනාඩි 15යි. ගාල්ලෙ ටවුමට විනාඩි 5යි.ගාල්ලෙ පංති වලට පට ගාල යන්න පුලුවන්. එක්ස්ප්‍රස් බස් එකකට ගොඩ උනහම අම්බලන්ගොඩ පන්තිත් නිකන්ම කවර්. මම ඒ කාලෙ හිටියෙ මිටින් අත ඇරපු කුරුල්ල වගේ. හැබැයි බස් එකේ ඉස්කෝලෙ නොගිය එකෙන් එක ලොකු ලොකු පාඩුවක් නම් උනා. ඒ ගැන වෙනමම ලියන්නම්කො.හික්ස්!!!!!!!!

ඔය කාලෙ ගාල්ලෙ ග්‍රවුන්ඩ් එකේ පැවිලියන් එකට නිතරම පොත් ප්‍රදර්ශණ එනව. හැම මාසෙකටම සතියක් විතර මොකක් හරි පොත් ප්‍රදර්ශණයක් තියෙනව. අලුතෙන් පොත් ගන්න එක නවත්තල තිබුනත් ඉතින් පොත් ප්‍රදර්ශණේට ගිහිල්ල පැයක් දෙකක් විතර පොත් අතපත ගාල හරි එන සිරිතක් තිබුන. A/L කරන කාලෙ හින්ද කතා පොත් ගන්න නම් ගෙදරින් සල්ලි ඉල්ලනව බොරු.
ඔහොම වේලි වේලි ඉන්න අතරෙ තමයි නිකමට ගන්න හිතිල ගත්තු මහජන සම්පතකට රුපියල් 5000 ක් ඇදුනෙ. සෙල්ලංද කොල්ලෝ කිව්වලු. පොත් දිහා බල බල හූල්ල හූල්ල හිටපු මට කොහෙන්ද කඩාගෙන පාත් වුනු පිනා චාන්ස් එකක් තමයි ඒක.ඒ 5000 න් ගත්ත අලුත්ම පොත් 25ක් විතර. ආයෙත් පටන් ගත්ත මගේ සුපුරුදු පොත් එකතු කිරීම. පොත් ගන්න සල්ලි නොලැබුනත් A/L කරන කාලෙ නිසා පොකට් මනී යහමින් ලැබෙනවනෙ.
ඒ වගේම මුල් ලොතරැයිය ඇදුනු දවසෙ ඉඳල සතියට සැරයක් මහජන සම්පත දෙකක් ගන්න පුරුද්දක් තිබුන. අපරාදෙ කියන්න බෑ ඒ දෙකෙන් එකකට හරි රුපියල් 20ක් වත් ඇදෙනව. 100,500,1000 ඒවත් නැතුවම නෙවෙයි. අනේ කවුරුවත් චෝදනා කරන්න එපා මම සූදුවට අනුබල දෙනව කියල. ඒත් මොනම හරි හේතුවකට මට ලොතරැයිය වලින් නම් පාඩුවක් උනේ නෑ. මහ ගොඩක් ගත්තෙත් නෑ. සතියට දෙකයිනෙ. ඔය පුරුද්ද මම ජපානෙට එන දවස වෙනකන්ම තිබුන. ඒ වෙනකොට පොත් එකතුවත් ආයෙමත් 200 විතර වෙනකන් වැඩි කරගන්න පුල්ලුවන් වුනා. කොහොම හරි මම ලංකාවෙන් එනකොට කබඩ් එකේ ගොඩගහල ආපු පොත් වලින් 60% ක් විතරම ලොතරැයිය පොත්. ඉතුරු ටික ගන්න අක්ක ජොබ් එකක් කරන්න පටන්ගත්තට පස්සෙ එයාගෙනුත් පොඩි සප් එකක් ලැබුන.
මම දැන් ලංකාවෙ නැති නිසා එයා තමයි මගේ පොත් ටික රන් කරන්නෙ. එයත් ඉඳල හිටල පොත් ටිකක් ගෙනැත් එකතු කරනව. BMICH පොත් ප්‍රදර්ශණේ කාලෙට මස්සිනා මහත්තයත් එක්ක ගිහින් පොත් 20 ක් වත් අරගන්නව.
අක්කත් මම වගේම පොත් ගුල්ලෙක් තමයි. ඒත් හොඳ වෙලාවට එයාගෙ ඉගෙනීම පාඩු කරගන්න තරමට පොත් වලට ඇබ්බැහි වුනේ නෑ. මමනෙ ඉතිං එහෙම ගොං වැඩ කරන්නෙ.හික්ස්!!!!
අපරාදෙ කියන්න බෑ මස්සිනා මහත්තයත් පොත් වලට බොහෝම කැමතියි. ඔන්න දෙන්නත් එක්ක එකතු වෙලා ගෙදර දැන් 350ක් විතර එක්තු වෙලා තියෙන පොත් ටික Lybrary System එකකට දාලලු. කාටහරි දුන්නත් ඒ දුන්නු කෙනා අමතක නොවෙන්න.
තාම අවුරුද්දක්වත් නැති පොඩි එකෙක් එක්ක කොහොම මේව කරන්වද මංද.
දැන් ඒ දෙන්න ලංකාවට වෙලා මගේ සිංහල පොත් එකතුව වැඩි කරමින් ඉන්නව.

මමත් මෙහේට වෙලා නිකං ඉන්නව කියලද හිතන්නෙ. පහුගිය කාලෙ බිගල්ස් පොත් වලට ඇබ්බැහි වුනු නිසා බිගල්ස් පොත් සෙට් එකේ තියෙන පොත් 98 න් 67ක්ම සල්ලි දීල අරගත්ත. බිගල්ස් පොත් කීපයක් පී.බී.සේනානායක මහත්මය විසින් සිංහලට පරිවර්තනය කරල තියෙනව. "වැලි කතරේ සංග්‍රාමය" "සතුරු කඳවුර"වගේ. සම්භාව්‍ය පොත් නම් නෙවෙයි. ඒත් සිංහල පරිවර්තන වලටවඩා ඉංග්‍රීසි පොත් ටික බොහොම රසවත්. ඒ පොත් ගැනිල්ලත් ගිය සැප්තැම්බර් වලින් නැවත්තුව. මම දන්නෙම නැතුව අගෝස්තු මාසෙ මගේ ක්‍රෙඩිට් කාඩ් බිල 50,000 පැනල. බිල එනකොට තරු පෙනුනෙ දාස් ගනන් වලින්.හික්ස්!!!. E-Bay එකෙන් ලංසු තියල පරණ පොත් ගන්නකොට ගනං යනව තේරෙන්නෙ නෑ.මගේ මේ ගොන් වැඩේට බනින්නනම් එපා ඔන්න. මටත් නොදැනිමයි පොත් එකින් එක රගෙන තියෙන්නෙ.
ඒත් දැන් හිතෙනව ඒ සල්ලි ටික තිබුනනම් තව සිංහල පොත් 300 ක් වත් ගන්න තිබුන නේද කියල. ආයෙනම් එහෙම ගොන් වැඩ කරන්නෙ නෑ කියල හිතාගත්ත. මාස ගානකට පස්සෙ අලුතෙන් පොතක් ඕඩර් කරේ මීට දවස් හතරකට කලින්. ඒ තමයි Indu Sundaresan ගේ The Twentieth Wife කියන පොත. ඒකත් චේඡනා අක්ක ලියපු මෙන්න මේ ලිපිය දැකල තමයි ගන්න හිතුනෙ. ඒකත් ආවට පස්සෙ කියවල බලමුකො.

ඒත් මේ දවස් වල නම් ආසාවට කියවන්න සිංහල පොතක් නැතුව නිකං සාංකාව වගේ. මෙතෙක් කල් අවුරුද්දකට සැරයක් වත් ලංකාවට ගිහින් අවුරුද්දකට ඇතිවෙන්න පොත් කියවල ආව. මේ අවුරුද්දෙ ලංකාවට ගියෙත් නෑනෙ. ආයෙත් යන්න වෙන්නෙ ඊලඟ මාර්තු වල තමයි. කියවන්න ඇබ්බැහි වුනු කෙනෙක්ට කියවන්න පොතක් නැති වෙනව කියන්නෙ කොච්චර අමාරු දෙයක්ද කියල දැනගන්න නම් ඒක අත්විඳින්නම ඕන. ඉවසන්නම බැරි වුනොත් අක්කට කියල පොත් කීපයක් තැපෑලෙන් හරි ගෙන්නගන්නව. හික්ස්!!!!

25 comments:

දිල් said...

බලාගෙන ගියාම පොත් ගුල්ලෙක්ම තමා.මාත් ඒ දවස්වල එහෙමයි. නංගා යන්න කලින්මගෙ රූම් එකේ PC එකක් තිබ්බෙ නෑ. නංගගෙ PC එක තමා මම Use කරන්නේ.ඉතින් නෙට් එහෙම නැතිනිසා ඕනෙතරම් වෙලාව තිබ්බා කියවන්න.

අන්තීමටම කියෙව්වෙ God Of Small Things කියන පොත. ඊට පස්සෙ නම් තාම පොතක් කියෙව්ව නෑ.වෙලාවකට දුකත් එක්ක.මොකද කියවන්නේ නැතුව උන්නම ඒක හිතටත් බොහොම තදින් දැනෙනවා...

ඔයාට තියෙන්නේ අපූරු ආශාවක් ඒක හරිම හොද දෙයක්, මේ කාලේ රැල්ලට යන කොල්ලො අතරෙත් කියවන්න ආස කොල්ලෙක් ඉන්නවා කියන එකත් තරම් වටිනවද

අනුරාධ said...

අනේ අනේ.

මතක මංපෙත said...

@ දිල්
මම කවදාවත් රැල්ලට ඕන විදිහට ගහගෙන ගියෙ නෑ. නිතරම මටම ආවෙනික විදිහකට තමයි පීනුවෙ. කොටින්ම කිව්වොත් මම තාමත් කොණ්ඩෙ පීරන්නෙ අවුරුදු 10කට කලින් පීරපු විදිහටමයි. ඒත් දැන්නම් කොණ්ඩෙ ඉතා වේගයෙන් අඩු වේගෙන යනව. හික්ස්!!!!!

මතක මංපෙත said...

@ අනුරාධ
ඒක නෙවෙන්නං.

දිල් said...

පිට රටක ජීවත් වෙද්දී ඒක ඉස්සරවෙලාම බලපාන්නේ කොන්ඩෙට.මොකද වතුර නිසා. මාත් කාලයක් එක එක රටවල උන්න නිසා ඒ ගැන දන්නවා. කොණ්ඩෙ ජෙල් කරනවා නම් වහාම නවත්තන්න. මම කස්සට මෙහෙම් oil යවන්නෙ. මොකද එයාටත් ඔය ප්‍රශ්ණයම ආව නිසා

මතක මංපෙත said...

@ දිල්
මම ජෙල් තියා තෙල් වත් ගාන්නෙ නෑනෙ අප්ප . අම්ම තෙල් වගයක් එවල තියෙනව. ඉක්මනටම ගාන්න පටන් ගන්න ඕන.
මට නම් පිටරටකට ආවහම කොණ්ඩෙට කලින් බලපෑම දැනුනෙ බඩට.කොණ්ඩෙ නම් තට්ටෙ හරි ගාන්න පුලුවන්. ඒ වගේද බඩ. හික්ස්!!!!!!!!!!!

දිල් said...

ඔයා එහෙ ඉදන් බඩ ගැන හිතනවා. මම මෙහෙ ඉදනුත් ඔය දුකම විඳිනවා..පව් දිල් :)

අමාරුවෙන් උයාගන්නවා.ඊට පස්සෙ නංගව මතක් වෙද්දී කන්න බෑ.ඉතින් විසි කරනවා...

මතක මංපෙත said...

@ දිල්
ඇයි මිනූ නංගි ගැන මතක් වෙනකොට කන්න බැරි. මම එයා ගැන දන්නෙ ඔයාගෙ පෝස්ට් වලින් කියවපු දෙයක් විතරයි.

දිල් said...

ඒක දිග කතාවක්.පස්සෙ කියන්නම් :)

මම said...

හා හා අයියේ හොද ලමයා වගේ දාන්නකො බලන්න අර බස් එකේ විස්තරේ මොකක්ද කියලා....hiks

මතක මංපෙත said...

@ මම
යකඩො!!! මේ පැටික්කිට තියෙන තදියම බලාපල්ලකො.
ඔය බස් එකේ විස්තරේ කියන්න කලින් ස්කූල් වෑන් එකේ විස්තරේ කියන්න ඕන.
පොඩි එකාගෙ දඟ වැඩ තාම කියල ඉවරත් නෑ, මේ නඟාට ඕන වෙලා තියෙන්නෙ ඒ පොඩි එකා මහ එකා කාලෙ දාපු විජ්ජාවල් ගැන අහන්නනෙ. තාම පොඩි එකා ඉන්නෙ පහේ පංතියෙ.
ජුන්ඩක් ඉවසල හිටින්. මම නිසි කලට වේලාවට නියමිත මාත්‍රාවෙන් ඉස්ටෝරිය දෙන්නම්.

දුකා said...

අනේ බන් කොල්ලෝ . . උඹත් මගේ ජාතියෙම එකෙක්ද කොහේද . . . මමත් ලංකාවට ගිය ගමන්ම කරන්නේ මරදානේ ගිහින් පොත් කඩ තුන හතරින්ම රු. 15,000ක විතර පොත් ගන්න එක. ඊලඟට සී.ඩී. සහ ඩී.වී.ඩී. දැන් නම් ඉතින් ඩවුන් ලෝඩ් කරන්න පුලුවන් නිසා ෆිල්ම් නම් ගන්නේ නෑ ඒත් පොත් නම් තාම එහෙම්මමයි. අපරාදේ කියන්න බෑ මගේ ගෙදර උන්දැත් පොත් කියවන්න බොහෝම කැමතියි . . .සමහර වෙලාවට පේමන්ට් එකේ ඇවිදින ගමනුත් අපි පොත් ගනන්වා.

මගේ පොත් කලෙක්ෂන් එකේ සෑහෙන ප්‍රමානයක් දැන් නම් මිසින් . . සමහර අය ඉල්ලගෙන යනවා යනවාමයි . . . පස්සේ සුම්මා . .. කවුරුවුනත් කියවන්න ආසාවටනේ ඉල්ලගත්තේ කියලා හිතලා මමත් හිත හදා ගන්නවා.

මට මෙහේ ඉඳන් පොත් ටිකක් උඹට එවන්න තිබ්බ්නම් කියලා හිතෙනවා පොත් නැතුව උඹ දුක්ලෙන් කියලා දැක්කාම . . . අපි ලංකාවේදී දවසක හම්බුවෙමු . . .. එක්ස්චේන්ජ් කරගෙන කියවමු පැලෙන්න හරිය . ..

Hasitha said...

එලම කතාව අයියා. මමත් හරියට පොත් කියෙව්වා. දැන් නම් ඇත්තටම පොත් කියවන්න ලැබෙනවා අඩුයි. දැන් පුලුවන් තරම් subjects වලට ඕන කරන වගේම කියවන්න ඕන පොත් තමා කියවන්නේ.

පොත් අනිත් අයට දුන්නහම ආපහු හම්බෙන එක ගැන කිව්වොත් නම් මම අහලා තියෙනවා ශ්ලෝකයක් "ස්ත්‍රී රත්නම්, පුස්තක රත්නම්, පර හස්තම්, ගතම් ගතම්" කියලා. ඒ කියන්නේ ස්ත්‍රී රත්නයක් හරි පුස්තක රත්නයක් හරි පිට කෙනෙක්ගේ අතට ගියොත් ගියාමයි කියලා

පිස්සා පලාමල්ල said...

මම නම් සල්ලි දීල අර ගන්නේ කලාතුරකින්. ඉස්සරනම් පැලෙන්න කියෙව්ව පුස්තකාලෙන් අරන්. දැනටත් මේ පාලු රටෙත් සින්හල පොත් හොයා ගන්න පුලුවන් පුස්තකාලෙන් මම ඉන්න පැත්තෙ. ඉතින් ඒවත් කියවනව... හුන්ගාක්ම නව කතා තමයි ඉතින්.

මම said...

අයියෝ අයියා...එවත් ඕනා ඉතින් ..හා හා දැන් කවදද ඔය පොඩි කොල්ලා ලොකු වෙන්නේ.දවසට post 7ක් 8ක් දාලා හරි ඉක්මනට ලොකුවෙන්ඩෝ.....

isimbuwa said...

මගෙත් ආසාවක් තමයි ලොකු පොත් එකතුවක් හදාගන්න එක .මේ දවස් වල මමත් පොත් එකතු කරනව.යන යන තැනට පොත් ටික අරගෙන යන්නෙ කොහොමද කියල තමයි මම ලතවෙන්නෙ.

Anonymous said...

හික්ස්....

මාතලන් said...

මට නම් පොත් කතාවට වැඩියෙ අර ස්වීප් කතාවට හිත ගියා.

ජපානේ ස්වීප් එකක් ඇඳුනොත් කොහොම තියෙයිද.? මං කියනවට එකක් දෙකක් ගන්න.

ඇදුනොත් මටත් පොතක් දෙකක් වගේම, කීයක් හරි........... (හෙහ් හෙහ්..... මට ලැජ්ජයි අනේ....)

චේජනා said...

ඔයා නම් පොත් ගුල්ලෙක් මල්ලි,
ඔයාට ජපන් පොතුත් කියවන්න පුලුවන්ද?

මතක මංපෙත said...

@ දුකා
අනිවා ඩෙෆා!!! මම ලංකාවට එන කාලෙක ඔයත් ලංකාවෙ හිටියොත් නොවැරදීම මුණගැහෙමුකො. මම වගේම පොත් ගුල්ලෙක්ගෙ පොත් එකතුව කියවල බලන්න ආසයි.
මට නම් මෙහේ එනකොට පොත් ගේන්න තරම් ඉඩක් ඉතුරු වෙන්නෙ නෑ. වෙන අඩුම කුඩුම කොච්චර තියෙනවද උස්සගෙන එන්න.

@ Hasitha
මරු ශ්ලෝකෙ.හික්ස්!!!
අද ඉඳල ඕක කටපාඩම් කරල තියාගන්න ඕන.

මතක මංපෙත said...

@ පිස්සා පලාමල්ල
මමත් කියවන තරමක් කියවන්නෙ නවකතා තමයි. ඒවගෙ කොච්චර දේවල් තියෙනවද අපේ ජීවිතයට එකතු කරගන්න. චරිතාපදානත් අහු උනෝතින් කියවනව.

@ isimbuwa
පොත් එකතු කරනකොට තියෙන ලොකුම අඩුපාඩුව තමයි ඒක. මමත් මෙහේ ඇවිල්ල ඉන්නෙ මගේ පොත් ටික ගෙදර තියලනෙ. නිවාඩුවට ගියහමත් ආපහු එන්න ගෙදරින් පිට වෙන්න කලින් පොත් ටික අතපත ගාල තමයි එන්නෙ.

මතක මංපෙත said...

@ මාතලන්
මම නම් මෙහේ ආවට පස්සෙ ලොතරැයි ගත්තෙ එකම එක පාරයි. ඒකටත් කිසිම දිනුමක් තිබුනෙ නෑ. දුක තමා ඉතින්.බලමුකො ආයෙත් සැරයක් ගන්න හිතුනොත්.

@ චේජනා
ජපන් පොත් කියවන්න ට්‍රයි කරා. ඒත් මගේ කන්ජි දැනුම එච්චර හොඳ නෑ. ඒ නිසා අත ඇරල දැම්ම.
මම මේ බලාගෙන ඉන්නෙ අර Indu Sundaresan ගේ The Twentieth Wife කියන පොත ඩිලිවරි වෙනකන්. එයා ලියපු තවත් පොත් දෙකක් ඒ එක්කම ඕඩර් කරා.

මතක මංපෙත said...

@ මම
යකඩො, මං පොඩි එකා කාලෙදි මටවත් ඔච්චර තදියමක් තිබුනෙ නෑ ඉක්මනට ලොකු වෙන්න.
අනික මම බ්ලොග් එකක් ලියනව කියලවත් අදාල පාර්ශව දැනුවත් කරල නැති එකේ, බ්ලොග් එකක් ලියන්ව මදිවට ඒකෙ වෑන් බස් වල කේසුත් ලියනව කියල දැනගත්තොත් මට ලංකාවට යන්න වෙන්නෙ නෑ. ඕන්නැති ඒව ලියනව කියල එයාපෝට් එකේදිම එයා මාව ඩිපෝට් කරයි. එහෙම උනොත් ඇපත් නෑ.

ගයාන් තාරක said...

මං ‍වගේ ඩයල් එකක්ද කොහේ. මාත් පුංචි කාලේ ඉදලම කියවන් ආසයි. පිටු 400 විතර පොත් දවසින් කියවල ඉවර කරන්න පුලුවන් කමත් තිබුණා ඒ කියවපු කියවිල්ලට. දැන්නම් ඒපුරුද්ද අතඇරිල ගිහින්

මතක මංපෙත said...

@ ගයාන් තාරක
පොතක් කියවන්න ගත්තහම කන්න බොන්නවත් වෙලාවක් නැති කාලයක් මටත් තිබුන.

Post a Comment