Wednesday, June 16, 2010

ඔන්න මම ආයෙමත් අවෝ!!!!!!

ඔන්න අද කාලෙකට පස්සෙ ආයෙමත් බ්ලොග් පෝස්ට් එකක් දාන්න ලබුන. අන්තිම පෝස්ට් එක දාල මාසෙකටත් ලඟයි. හැබයි නොලිය හිටියෙ කම්මැලි කමට කියල නම් හිතන්න එපා.
පහුගිය සති තුනේ මම පුහුණුවීමකට, සිංහලෙන්ම කියනව නම් Training එකකට පිට ගිහිල්ලයි හිටියෙ. ඉන්ටර්නෙට් පහසුකම් එහෙම නැති බොහොම දුශ්කර පලාතකට නම් නෙවෙයි (මෙහේ එහෙම තැන් තියෙනවද දන්නෙත් නෑ). ඒත් ටෝකියෝ වල ඉඳල ටිකක් දුර පලාතකට තමයි ගියේ.
මගේ උපාධිය ගන්න නම් ඉගෙනගැනීම විතරක් මදි, තමන් ඉගෙන ගත්තු දේ තවත් කෙනෙකුට උගන්නන්නත් පුලුවන් වෙන්න ඕන.ඉතින් මටත් සති තුනක් තිස්සෙ වෙනත් කැම්පස් එකකපළවෙනි වසරෙ සිසුන්ට නෙට්වර්කින් ගැන පාඩමක් කරන්න සිද්ධ උනා. මම පිටරට කෙනෙක් නිසා ළමයිනුත් මගේ හැම හැසිරීම දිහාමක් හොඳින් බලාගෙන ඉන්නව. වරදුනොත්නෝන්ඩියනෙ. ඒත් සම්හර වෙලාවට වචන වැරදිච්ච තැන් වලදි කවුරුවත් හිනා උනේ නම් නෑ.( ජප්පොන්ට ජපන් වලින් උගන්නනව කියන්නෙත් සෙල්ලං කෙළියක්ද )


ඔය තියෙන්නෙ මම උගන්නපු පන්තිය. ඉස්සරහින් හිටගෙන ලොක්ක වගේ ඉන්නෙ කවුද කියල කියන්න ඕන නෑනෙ.මාව පොඩියට පේන එකක් තමයි ඔය තෝරල බේරල දැම්මෙ.

කොහොමින් කොහොමින් හරි ජාමෙ බේරගෙන ඉගැන්නුවයි ඉයමුකො. ඔය වගේ පිට තැනකට ගියහම සමහරු නම් දවස තිස්සෙම මූණු පොතෙයි ට්විටර් එකෙයි ලොග් වෙච්ච ගමන්නෙ.මමනම් ඉතින් ලැබුනු චාන්ස් එකෙන් සම්පූර්ණ ප්‍රයෝජනේ අරගෙන නිවාඩු පාඩු වෙලාවට හතර වටේම ඇවිදින්න ගියා. අතින් ගෙවාගෙන ට්‍රිප් යනව වගේද මෙහෙම නිකන් ඇවිදින්නලැබෙනකොට. ඉන්ටර්නෙට් පාවිච්චි කරේ මේල් චෙක් කරන්න විතරයි. ඉතින් ඒ නිසා බ්ලොග් ලිව්වෙත් නෑ. කමෙන්ට් වලට රිප්ලයි කලෙත් නෑ. රිප්ල්යි නොකරපු කමෙන්ට් ටිකක් තියෙනව.
මේ පොස්ට් එක දාපු ගමන් ඒවටත් රිප්ලයි කරන්න කියලයි හිතාගෙන ඉන්නෙ.මට ඊලඟ මාසෙත් මේ වගේ සති දෙකක ට්‍රේනින් එකක් තියෙන්ව වෙනත් තැනක. ඒකටත් ගිහිල්ල ඇවිල්ලම ඒලබපු අත්දැකීම් ගැන වෙනම ලිපියක් ලියන්නම්කො.

අද මොනවම හරි ලියනව කියල හිතාගෙන ආවට මොකද, දැන් මහා කම්මැලි කමක් දැනෙනව. කාලෙකට පස්සෙ ලියන්න ගත්තු නිසාද මන්ද. ටික කාලයක් සද්ද නැතුව හිටියෙ මොකද කියල අද පැහැදිලි කරානෙ. ඒ නිසා මගේ කම්මැලිකමටත් ඉඩ දීල මේ ලිපිය මෙතනින් නවත්තනව. ඒත් හෙටනම් ශුවර් එකටම පරණ කතාවක් අරගෙන එනව එනවමයි.
පොඩි කාලෙ බෙහෙත්ගන්න ගිහිල්ල දොස්තරටත් ඇඩ්‍රස් නැති කරපු කතාවක් තමයි හෙට ලියන්න කියල ඉන්නෙ.
අද කම්මැලි කමට කතාවක් නොකිව්ව එකට තරහ ගියපු අය ඉන්නවනම් ඔය පහලින් තියෙන කොටුවෙ මට බැනල මොනව හරි ලියල යන්නකො.
ඒත් හෙටනම් කතාවක් කියනවමයි. ශුවර්.

9 comments:

දිල් said...

හප්පේ...මෙන්න කොල්ල යහතින්ම ඉන්නවලූ. මම නම් හිතුවේ අර එකපාරටම ආපු සුනාමියකට අහුවෙලා ජපානෙන් සුම්ත්‍රාවට ගහන් ගිහින් ඇති කියලා...හික්ස්සෙහෙම වෙලා නෑනෙ බොලේ...

ඔන්න ඔන්න පේනවා නේද අර ඉස්සරහටම වෙලා ඉදගෙන ජිම්පප්පා වගේ උගන්නන හැටි..අනේ අප්පේ දෙයියන්ගේම පිහිටයි මෙයාගෙන් නෙට්වර්කින් ඉගෙන ගත්තු දරුවො ටිකට....:D

කොහොමෙන් කොහොම හරි කමක් නෑ ඉතින්.නායෙමත් ආවනෙ....දැන් ඉතින් පටන් ගමු ලියන්න...මාගල් ගනන්

මතක මංපෙත said...

@ දිල්
හරි හරී.....
අද ඉඳල ආයෙත් ලියනව.
ඔයාගෙ ලිපි ටිකත් සේරම ක්යෙව්ව. ඒත් එකදිගට බ්ලොග් ගොඩාක් කියවගෙන ගියපු නිසා කමෙන්ට් කරේ නම් නෑ.
මගෙන් නෙට්වර්ක් ඉගෙන ගත්තු අයට දෙයියන්ගෙ පිහිට හරි තියෙනව කියමුකො.
ටීච අක්කගෙන් වොලිබෝල් ඉගෙනගත්තු අයට කොහොමද දන්නෙ නෑ නේ....හික්ස්!!!!!

හා පැටික්කි (MS) said...

හප්පේ කාලෙකින්......
කොහොමෙයි අයියේ වාසේ දේසේ..... සැපෙන්යැ...... :D :D:D :D :D

හිහ්.... හිහ්......
ළැමයි ටික නම් කරදර ජරමර නැතුව ඉගෙන ගෙන තියන හැඩයි..........

මතක මංපෙත said...

@ හා පැටික්කි (MS)
මේ පර දේසෙ කලින් විදිහටම දුකසේ සැපසේ වාසය කොරගෙන බලාගත්තු අත බලාගෙන ඉන්නව ඉතිං.
නගාලැයි අලුත් විස්තරත් අකුරක් නෑරම කියෙව්ව ඕං.
ළමයි ටික ජරමර කරන්න ආවනං ඉතින් දනියි මං කොරන දේ.... හික්ස්!!!!

Anonymous said...

Great to see that our people teaching Japanese students. :-)

Hasitha said...

අයියව පොඩිය පේන එකක් දාපු එක හොඳයි. ඒත් පොඩියට පෙනුනත් අලියා තරම් මහත නම් නැහැයි කියලා තමා කියන්න තියෙන්නේ :)

පීවර් said...

ජපන්නු කියන්නෙ තාක්ෂණය අතින් ඉහලින්ම ඉන්න කට්ටියක්නෙ. බලාගෙන ගියහම ඔයා මාර බුලට් එකක්නෙ.

Praසන්ன said...

එහෙනං අපේ කට්ටිය ජපනුන්ටත් උගන්නනවා. ජය..

මතක මංපෙත said...

@ Anonymous
I taught them just what I learned from them.

@ Hasitha
ඇති යංතං අලියට හරි පරාද උනා.

@ පීවර් , Praසන්ன
ලංකාවෙ කැම්පස් වලින් ලබාගන්න පුලුවන් දැනුම මෙහෙට වඩා ගොඩක් වැඩියි.
ඒත් ප්‍රශ්ණෙ තියෙන්නෙ ඒ තාක්ෂණික දැනුම ඇප්ලයි කරන ගියහම තමයි.
ඒ අතින් බලනකොට ජපානෙ ලොකෙ අනිත් හැම රටටම වඩා ඉදිරියෙන් ඉන්නව කියල කියන්න පුලුවන්.

Post a Comment