අනේ සමා වෙන්න ඕන පහුගිය දවස් ටිකේ මුකුත්ම ලියන්න බැරි උනාට. අන්තිම පෝස්ට් එක දානකොට තිබුණු ලා උණ ගතිය පහුගිය සතිය තුල බොහොම බරපතල විදිහට වැඩි වෙලා ජීවිතේ මුල්ම වතාවට ඉස්පිරිතාලෙ නවතින්න ඔන්න මෙන්න කියන තරමට අසනීප උනා. ඇත්තටම කියනවනම් දොස්තරලනම් කිව්වෙ ඇඩ්මිට් වෙන්න කියල. ඒත් ඉතින් ජීවිතේ කවදාවත් ඉස්පිරිතාලෙකට ඇඩ්මිට් වෙලා නොතිබුණු නිසා මම කිව්ව තව ටිකක් වැඩි උනොත් නවතින්න එන්නම් කියල. හොඳ වෙලාවට ඉස්පිරිතාලෙ නවතින්න වෙනවට බයේද කොහෙද මගේ අසනීපගතිය තවත් වැඩි නොවී ටිකෙන් ටික හොඳ වෙන්න ගත්ත.
ඒ නිසා පහුගිය සතියෙම බ්ලොග් එක ලියන්න බැරි උනා. ඒත් මම පුරුද්දක් වශයෙන් කියවන බ්ලොග් නම් හැම එකක්ම කියෙව්ව. ඒ වගේම කීපයකට කමෙන්ට් දාලත් ඇති හොඳේ.
පහුගිය සතියෙම කරේ කම්පියුටරේ ඇඳ ලඟට අරගෙන, බලන්න ඉතුරුවෙලා තිබුණු ෆිල්ම්ස් සෙට් එක බලපු එක විතරයි. හොඳ වෙලාවට ගිය සතියම ජපානෙ නිවාඩු සතියක්. ඒ නිසා ලෙක්චර්ස් නම් කට් උනේ නෑ.
මම අන්තිමට ලියපු "බැරි මරගාතෙ ලියන ලිපිය" ට නම් එච්චර හොඳ ප්‍රතිචාර ලැබිල තිබුනෙ නෑ. ඒ ෆිල්ම් එක අල්ලල ගියේ මට විතරක් නිසාද, එහෙම නැත්තං ෆිම් එක බලන්න හිතෙන තරම් ලස්සනට මට ලියන්න බැරි කමද දන්නෙ නෑ. ඒත් ඉතින් අවුලක් නෑ. මමත් ඒ පෝස්ට් එක දැම්මෙ බැරි මරගාතෙනෙ.හික්ස්!!!!
ඉතින් ඔන්න කොහොමින් කොහොමින් හරි පොත් එක්ක ගතවුනු මගේ ජීවිතේ ගැන ඉතුරු කොටසත් කියවලම් බලන්න්කො. මම ලියන්න හිතාගෙන ඉන්න ටික මේ ලිපියෙන් ලියල ඉවර කරන්න පුළුවන් වෙයිද මන්ද. මටත් අර දුකාට වගේ ශෝට් අන්ඩ් ස්වීට් ලියන්න බැරි ලෙඩක් තියෙනවනෙ. හික්ස්!!!
බලන්නකො ඒකෙත් හැටි. පොත් ගැන ඊලඟ පෝස්ට් එක ලියන්න හදනකොටම මේ දැන් හෙනහුරෙක් කඩන් පාත් උනා. උගේ කොම්පුටරේ කැඩිල. මට හොඳ වෙනකන් හිටියලු කොම්පුටරේ ලෙඩේ හොයා ගන්න. මමත් ඉතින් මගේ ලෙඩේ පැත්තකින් තියල ගියානෙ උගෙ කම්පීතරගෙ ලෙඩ හොයන්න. උගේ CPU ෆෑන් එක නියම වේගෙට වැඩ කරන්නෙ නෑ.ඉතින් CPU එක රත් වෙනකොට Auto Shutdown වෙනව.ඌට අලුත් ෆෑන් එකක් දාගන්න කියල මම ආව. ඔය වගේ ගැරිජ් වැඩක් ආවොත් මම තමයි හැමදාම අහුවෙන්නෙ. ඒත් ඉතිං සෙල්ලංද කොල්ලො. ලංකාවෙන් ඇවිත් ජප්පොන්ටත් කොම්පුටර් හදල දෙනව කිව්වහම.ඒ වැඩේටත් පැයක් විතර ගියපු නිසා මේ පෝස්ට් එකෙත් වැඩි දෙයක් ලියන්න වෙන්නෙ නෑ වගේ.
දහම් පාසලේ පුස්ථකාලෙට පොත් ටික දුන්නට පස්සෙ කාලයක් යනකන්ම කියෙව්වෙ ඉස්කෝලෙ පුස්ථකාලෙ පොතුයි ඉල්ලගත්තු පොතුයි විතරයි. මම හැමදාම ඉස්කෝලෙ පුස්ථකාලෙන් කතා පොත් විතරක් ගෙනියනව දැකපු පුස්ථකාලෙ බාර මිස් මට නීතියකුත් දැම්ම එකපිට කතා පොත් දෙකක් ගන්න බෑ, පාඩම් වලට අදාල පොතුත් ගන්න ඕන කියල. අපි සැලෙයි ඕවට. අල්ල ගත්ත පන්තියෙ ඉන්න කතාපොත් කියවන්නෙ නැති සගයෙක්ව. මම මට ඕන කතා පොත ඌට දෙනව උගේ කාඩ් එකෙන් ගන්න කියල. මම ඌට ඕන පාඩම් පොත මගේ කාඩ් එකෙන් ගන්නව. සතියක් ඇර සතියක් ඔය විදිහට තමයි මම කතා පොත් ගත්තෙ.
කොහොම හරි A/L කරපු අවුරුදු දෙකටම මම ඉස්කෝලෙන් ගත්තෙ කතා පොත් විතරමයි. ඔය අතරෙ මතක තියෙන පොත් අතරිනුත් මම බොහොම ආසාවෙන් කියවපු පොත් දෙකක් තමයි "ඇට මැස්සා" පොතයි "වෘකයන් අතර නග්නව" කියන පොතයි. ඇට මැස්සා පොතනම් කියවල ඉවරවෙලත් දවස් දෙක තුනක්ම මාව කම්පනයට පත්කරල තියන්න සමත් වුනා. ඒ විදිහට දවස් දෙක තුනක්ම මාව කම්පනයට පත් කරන්න පුළුවන් වුනු, නිතරම දොඩමළු වෙලා හිනාවෙන් කාලය ගතකරපු මාව දස් දෙක තුනකට හරි නිහඬ බැරෑරුම් චරිතයක් බවට පත් කරන්න පුළුවන් වුනු පොත් 8ක් විතරයි මගේ මතකයට එන්නෙ. ඒකෙනුත් 5ක්ම පරිවර්තන පොත්.
උඩින් ලියල තියෙනව විදිහටම එකක් තමයි "ඇට මැස්සා".
ඊලඟ පරිවර්තන දෙකම එකම එකම කතුවරයගෙ සහ එකම පරිවර්තිකාවගෙ පොත්. ඒ තමයි "අපූගේ ලෝකය" සහ "අරණකට පෙම් බැඳ" කියන පොත් දෙක. පොත් වලට කැමති ගොඩ දෙනෙක්ම ඔය පොත් කියවල තියෙන නිසා වැඩි විස්තර කියන්නෙ නෑ.
ඊලඟ පරිවර්තන දෙකත් එකම කතුවරයගෙ. ජැක් ලන්ඩන් ගෙ "වයිට් ෆෑන්ග්" සහ "මුහුදු වෘකයා" කියන පොත් දෙක. පරිවර්තනය කරේ කවුද කියලනම් මතක නෑ.
සිංහල කතුවරයො ලියපු පොත් තුනෙන් මුල්ම දෙක නම් ඕනම කෙනෙක් දන්නව. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලිය්පු "සුදු සෙවනැලි" කියන පොතයි භද්‍රජි මහින්ද ජයතිලක මහත්මය ලියපු "ශ්‍රී රවණ්ණා පුවත" කියන පොතයි.
ඊලඟ පොත නම් ගොඩක් දෙනෙක් කියවල තියා අහලවත් නැති වෙන්න පුලුවන්. ඒක තමයි "සඳුගෙ දියණිය" කියන පොත.
කියන්න දුක වුනත් මේකෙ කතුවරයගෙ නම නම් මතක නෑ. සමහර කෙනෙක්ට මේක බොළඳ ආදර කතාවක් වගේම බොළඳ වීර කතාවක් වගේ දැනෙන්න පුළුවන් වුනත් මටනම් ඒක බොහොම සාර්ථක ප්‍රබන්ධයක් විදිහට තමයි හැඟෙන්නෙ. ලංකාවෙ බොහෝ කතුවරයන්ට මූලාශ්‍ර වෙලා තිබුනු ගමේ නගරයේ එක එක චරිත වටා ගොඩනැග්නු නවකතා රාමුවෙන් ඈතට තමන්ගෙ නිර්මාණශීලී මණස විහිදුවල බිහිකරපු වෙනස් විදිහක කතාවක් විදිහට තමයි මම නම් මේ "සඳුගෙ දියණිය" දකින්නෙ. කියවල තියෙන කෙනෙක් ඉන්නවනම් පහලින් තියෙන කොටුවෙ තමන්ගෙ අදහස් ලියල යන්නකො. කියවල නැති වුනත් තමන්ට හිතෙන දේ ලියල යන්න.මේ මම කිව්වෙ මගේ හොඳම පොත් 8 නෙවෙයි. මාව කම්පනය කරපු පොත් 8.
අදත් මම ලියන්න හිතාගෙන හිටපු දේ නෙවෙයි අන්තිමට ලියල තියෙන්නෙ. මොනව කරන්නද. ලියාගෙන යනකොට එක එක අතුරු කතා හිතට එනවනෙ. ඒ ටික නොලිව්වොත් නිකන් හරි නෑ හරි නෑ වගේ නිසා ඒ ටිකත් ඔන්න ඔහෙ මේ ගමන් ම ලියල දැම්ම. මගේ පොත් ගැන ලිවීමත් නිකන් බාල ගිරි දෝසෙ වගේ නේද. ඒ ගැන චෝදනා වුනත් කම්ක් නෑ ඔය පහලින් තියෙන කොතුවෙ ලියල යන්නකො.
ඊලඟ ලිපියත් ඉක්මනටම ලියන්ව. එතකන් සයොනරා!!!
මෝදිගේ පැමිණීම හා හරිනිගේ ජංගිය....
4 hours ago
25 comments:
ඔය "සඳුගෙ දියණිය" පොතේ කතාව මොකද්ද. නමින්නම් මතක් වෙන්නෙ නෑ. පොඩ්ඩක් කතාව කිව්වොත් මතක් වෙයි කියවල තියෙනවද නැද්ද කියලා.
@ අනුරාධ
සඳ ඇතුලෙ කුහරයක තියෙන ලෝකයක්, ඒ ලොකයෙ තියෙන මිනිස් ශිෂ්ඨාචාරයක්, ඒකට අහන්බෙන් ඇතුල් වෙන ශ්‍රී ලාංකික ගගනගාමියෙක් ගැන කතාවක්.
ඇටමැස්සා...... මගෙ ප්‍රියතම පොත....... සුගතපාල ද සිල්වා මහත්මයාගේ පරිවර්තනය..... සිත් ගත් පොත් අතුරින් පළමු තැන.... පොත් ගැන නම් කියන්න දේ ඕන තරම් නේද.....
අරණකට පෙම් බැඳ / මුහුදු වෘකයා /රවණ්නා පුවත / සඳුගේ දියණිය / වැනි පොත් මටත් තවම කියවගන්න බැරි වුණා.. මං හිතාගෙන හිටිය මම දක්ෂ පොත් ගුල්ලෙක් කියලයි. දැන් බලනකොට මට වඩා තද ගුල්ලො ඉන්නවනෙ....
@ විශ්මි
ඉතින් ලියන්නකො පොත් ගැනත් ටිකක්. එකම විනෝදාංශෙ තියෙන කෙනෙක් ඒ ගැන ලියන දේවල් කියවන්න ආසයි.
@ kumaraya
පොත් කෝටි ගානක් ලියවිලා තියෙන ලෝකෙක අපි අහලවත් නැති පොත් කොච්චරනම් තියෙනවද. මේ පොත් ටිකත් හොයාගන්න පුලුවන් උනොත් කියවල බලන්න. හරිම රසවත් කතා ටික.
අපූ ත්‍රිත්වාය හා අරණකට පෙම්බැඳ නම් මාවත් කාලයක් ගල් කරපු . . අදට වුනත් මතක් කරලා ගල් වෙන්න පුලුවන් පොත් 4ක්. අනිත් පොත් වලින් ඇට මැස්සා බලලා තියෙනවා වුනාට මතක නෑ මොකද ගොඩක් කාලෙකට කලින් බැලුවේ . . . මම වගේම පොත් පිස්සෙක් වුනු උඹට ත් මගේ ලෙඩේ ම වෙච්චි ශෝට් ඇන්ඩ් ස්වීට් කතා කියනන් බැරි ගතියට ජය වේවා .. . .
අහ් අනේ බන් කොල්ලෝ අර ෆිල්ම් එක ගැන පෝස්ට් එක දැක්කේ අදයි . . ඔන්න ඒක බාන්න දැම්මා . .. බලලම කියන්නම් ගුනාගුන . . මගේත් කැමති වර්ගයේ එකක් වගේ පේන හැටියට . ..
කලින් දාපු කමෙන්ට් එක වැටුනේ නැතුව වත්ද . . ?
@ දුකා
මටනම් පිටරට ඉන්න එකේ ලොකුම පාඩුව සිංහල පොත් කියවන්න නොලැබෙන එක. උස්ස්ගෙන එන්නත් පොඩි බරක්ද. නිවාඩුවට ලංකාවට ගියහම ගෙදරට ගියාට පස්සෙ මුලින්ම යන්නෙ මරදානට. පොත් කඩ තුන හතරක්ම තියෙනවනෙ.
ඉතුරු පොත් ටිකත් ඉඩ ලැබුනොත් කියවල බලන්න. "සඳුගෙ දියණිය" ඇරෙන්න අනිත් ඒවනම් හොයාගන්න එච්චර අමාරු නෑ.
ෆිල්ම් එකත් බලල හොඳ නරක කියන්නකො. ජීවිතේට ගොඩක් දේවල් ගන්න පුලුවන් ෆිල්ම් එකක් කියලයි මගේනම් අදහස.
ඔය කමෙන්ට් දෙකම යස අගේට වැටිල තියෙන්නෙ.හික්ස්!!!!
අයියේ ඔය අරනකට පෙම් බැද සහ අපූගේ ලෝකය මං කියවලා තියෙනවා.හැබැයි ගොඩාක් පොඩි කාලේද මංදා කියෙව්වේ.හරියටම කතා මතක නෑ.ආයේත් පුස්ත කාලේ පැත්තේ ගිහින් බලන්න ඕනා.
අයියෝ ඔයා අසනීප වෙලා කියලා මං දැනගත්තේ දැනුයි අයියේ.කමක් නෑ දැන් අයියාට සනීපයි නේ..පොඩි කාලේ කරපු දඟ වැඩක් ඉක්මනටම් ලියන්න..
@ මම
පොත් ගැන ලියන්න පටන් ගත්තු නිසා ඒක ලියල ඉවර වෙලාම තවත් මගෝඩි වැඩක් ගැන ලියන්නම්කො.
හා හා කමක් නෑ දැන් අර බස් එකේ කතාවත් දලාම පොඩි කාලේ කාතාවක් අහමු හොදේ
පරක්කුවෙලා උනත් ආසම මාතෘකාවක් නිසා:
ඔයා කියෙව්වද 'අපරාධය හා දඬුවම'? මාව සහ මං දන්න හැමෝවම කම්පනය කරපු පොතක්. එතකොට 'පෙරලූ නැවුම් පස'? හුඟාක් පුංවිකාලෙ කියෙව්වෙ. මං හිතන්නෙ මං ආදරය ගැන දැනගත්තෙ ඒ පොතෙන්.
'ඈට මැස්සා' පොතේ අන්තිමට "ආදරණීය ජිම්...." කියල රිවාරේස්ගෙ ලියුම පටන්ගන්නතැන කවදාවත් අමතක නොවේවි.
ලියනවනම් තව මොනතරම් ලියන්න පුළුවන්ද?
ස්තූතියි මලේ පරණ මතක ඈවිස්සුවාට.
තව දෙයක් 'සුදු සෙවනැලි' ලිව්වෙ පියදාස වැලිකන්නගේ.
@ ඇටමැස්සා
හරි හරි මතක් උනා.
සුනිල් ආරියරත්න තමයි ඒකෙ ෆිල්ම් එක හැදුවෙ.
සමා වෙන්න ඕන ඔය පොඩි පොඩි මිස්ටේක් වලට.
මම "අපරාධය හා දඬුවම" නම් කියවල නෑ. ඊලඟ පාර ලංකාවට ගියහම හොයාගෙන කියවන්නම්කො.
අපිටත් දැනගන්න එක්ක ඔයාගෙ ඔය පොත් කතා ටිකක් ලියන්නකො.
Mamath poth pissek, tikak nemei hondatama. Mamath oya sanduge diyaniya kiyawala thiyenawa, habai awrudu 10kata issara, Author mathaka na matath. Aththatama lassanai, Duka hithenawa.
Sanduge Diyaniya gana mey wage blog ekaka dakinna labeemath sathutak. Hari amarui e potha hoya ganna. Mage langa thibila yaluwek arang gihilla apahu return kare naha. Arang giye koi yaluwada kiyala mata mathaka naha!
Kawuru hari dannawa da e potha hoya ganna hati? Kathuwaraya hari dana ganna labunoth...?
Kohomada oya gollo sinhala type karanne?
mama kiyawapu poth walin hodama 1 tama sanduge diyaniya.mama e pota hoyanawa ayet kiyawanta.et tama hambun ne.liyapu kenata mara danumak thiyanawa.eya pita rataka hitiyanam me katawa film 1 kata gahanawa sure,e taram hoda nirmanayak......
http://192.248.95.7:8000/cgi-bin/koha/opac-detail.pl?bib=4300
math kiyawala tiyenawa "Sanduge Diyaniya", public library eken tama hoya gatte, ath dennam eketh na, mata mathaka vidihata Manju Sri liyapu pothak, Gunasena eke tama publish kale, ath den eketh naha,
සඳුගෙ දියණිය කර්තෘ මමයි . මොරටුවේ ග්‍රන්ථ ආයතනයේ දෙවන මුද්‍රණය සිදුවේ. සඳුගෙ දියණිය දෙවන කොටස බලාපොරොත්තු වන්න.
මම P.M.P.Srikantha
කර්තෘ ප්‍රීති ශ්‍රීකාන්ත
වැඩි විස්තර සඳහා facebook Preethi Srikantha
පට්ටම story එකක්.. S ගොඩගේ ප්‍රකාශනයක්.
සඳුගෙ දියණිය මම.කියවූ ඉතාම නිර්මාණශීලි වෙනස් ආකාරයක පොතක්. හරිම රසවත්. ඒත් දැන් හොයාගන්න නැ
Post a Comment