Wednesday, May 19, 2010

කිරිබත් ගහේ පොල්!!!!!!!


මම පහුගිය ලිපියෙ කිව්වනෙ මේ පෝස්ට් එකට ලියන්නෙ මට අවුරුදු 5 දි වෙච්ච සිද්ධියක් කියල. ඉතින් කිව්වත් වගේ ඒක තමයි මේ ලියන්න යන්නෙ.
ගොඩක් අය මොන්ටිසෝරි යන්නෙ අවුරුදු 5 දිනෙ. ඒත් මම නම් අවුරුදු 3 ඉඳල මොන්ටිසෝරි යනව.අම්මයි තාත්තයි දෙන්නම රස්සාවල් කරපු නිසා මාව ගෙදර තියාගන්න අමාරු වෙන්න ඇති.අනික ඒ කාලෙ අපි හිටියෙ ගමෙන් බොහොම ඈත, හම්බන්තොට. මට අවුරුදු 3 උනාට මම මොන්ටිසෝරියෙ හිටපු අනිත් අයියල අක්කලට වඩා පැහිල කියලයි අම්මල තාමත් කියන්නෙ.

එහෙම කියනකොට තව පොඩි කතාවක් මතක් උනා. ළමයි මොන්ටිසෝරි යන මුල් දවසෙ අම්මල එයාලව තියල ගියහම අඬන වෙලාවල් වැඩියිනෙ. අපේ අම්මත් මාව මොන්ටිසෝරි දාන්න ගිය මුල්ම දවසෙ මාව ඉස්සරහින් වාඩි කරවල පිටිපස්සට වෙලා බලාගෙන ඉන්නවලු. ඉක්මනට වැඩට යන්න ඕන උනත් මේ අවුරුදු 3නේ පොඩි එකාගෙ මුල්ම මොන්ටිසෝරි දවස, අඬන්න ගනියිද දන්නෙ නෑ කියල බයේ තමයි අම්ම එහෙම ටික වෙලාවක් නැවතිල ඉඳල තියෙන්නෙ.
එතකොට මම පිටිපස්ස හැරිල අම්මට කිව්වලු " අම්ම වැඩට යන්න. පරක්කුත් වෙනවනෙ. මොන්ටිසෝරි ඉවරවෙන වෙලාවට එක්කරගෙන යන්න එන්න" කියල.
තාමත් අම්ම සැරින් සැරේ ඔය කතාව මතක් කරනව "මුගේ ඇට්ටර කං පටන් ගත්තෙ මූ දණ ගාන්නත් කලින් ඉඳල" කියල කියන ගමන්.

හරි දැන් එමුකො අවුරුදු 5හේ කතාවට.මුලින්ම සුපුරුදු විදිහට පොතේ ගුරා එවල පසුබිම හදන්නම්.
මම අවුරුදු 5හේ දි, ඒ කියන්නෙ නිල වශයෙන් මොන්ටිසෝරි ගියේ ගාල්ල කොන්වන්ට් එකේ මොන්ටිසෝරියට. ඔය කාලෙ අපි හික්කඩුවෙ අලුතින් ගෙයක් හදන කාලෙ. ඒ නිසා පදිංචි වෙලා හිටියෙ ඒ හදන ගෙට අල්ලපු වත්තෙ තිබුනු තාත්තගෙ මහගෙදර. ඒ ගෙදර එක කාමරයක අම්මයි තාත්තයි අක්කයි හිටිය. හතර දෙනෙක්ට ඉඩ මදි හින්ද, මම ඒ කාලෙ නැවතිලා හිටියෙ ඊට කිලෝමීටර් දෙකක් විතර ඈතින් තිබුනු අම්මලගෙ මහගෙදර. දොඩන්දුවෙ මහපාර අයිනෙම තිබුනු ගෙයක්. ඉස්සරහ දොරෙන් එලියට බැස්සොත් ගාලු පාර. පිටිපස්සෙ දොරෙන් එලියට බැස්සොත් මුහුදු වෙරළ. මාව බලාගන්න බාර වෙලා තිබුනෙ අම්මගෙ අම්මට. මුනුපුරු මිනිපිරියො හැමෝම එයාට කිව්වෙ "අම්මම්ම" කියල. ඔය නම දාල තියෙන්නෙ අපේ අක්ක. අක්ක තමයි අම්මම්මගෙ මුලම මිනිපිරී.

මම පොඩි කාලෙ ඉඳල තාමත් කිරිබත් කන්න මාර විදිහට ආසයි. ලංකාවෙ කවුද කිරිබත් කන්න අකමැති. හික්ස්!!!
ඒත් මට පොඩි කාලෙ ඉඳලම සෙම් රෝග ටිකක් විතර වැඩියි. ඒ නිසා කිරිබත් දෙන එක ටිකක් විතර පාලනය කරලයි තිබුනෙ. අනික මම ගෙදර ඉන්නවනම් හැමදාම උදේට ඉල්ලන්නෙ කිරිබත්නෙ. ඉතින් කාටද පුලුවන් මට හැමදාම කිරිබත් හදල දෙන්න.
ඕකට අම්මම්ම හොයාගෙන තිබුන හොඳ පිළියමක්. මම කිරිබත් ඉල්ලනකොට කියනව " අද කිරිබත් ගහේ පොල් ඉවරයි. ආයෙත් කඩනකන් ඉන්න වෙනව" කියල.

දැන් කස්ටිය බලනව ඇති මොකක්ද මේ කිරිබත් ගහ කියල.

ඒහේ වත්තෙ හොඳ සරු පොල් ගස් 10 ක් විතර තිබුන. ඒ නිසා කවදාවත් කඩෙන් පොල් ගෙනාවෙ නෑ. ඔය අතරිනුත් උසම ගහ තමයි කිරිබත් ගහ. මට කියල දීල තිබුනු විදිහට ඒකෙ පොල් වලින් විතරයි කිරිබත් හදන්න පුලුව. අනිත් ගස් වල පොල් වලින් කෑම උයන්න පුලුවන් උනාට කිරිබත් හදන්න බෑ. ඉතින් මට කිරිබත් කන්න නම් කිරිබත් ගහේ පොල් කඩනකං ඉන්න ඕන. පිටිපස්සෙ මඩුවෙ පොල් ගොඩ ගහල තිබුනට කිරිබත් ගහේ පොල් වෙන්කරල අඳුරගන්න පුලුවන් අම්මම්මට විතරයි. ඒ නිසා මගේ කිරිබත් කෑමේ අයිතිවාසිකම අම්මම්මයි මේ කිරිබත් ගහයි විසින් අම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් තමයි තිබුනෙ.
මමත් ඉතින් අවුරුදු 5 පොඩි එකා උනාට වෙන දෙයක් වෙන්න කියල ඔහේ බලාගෙන ඉඳීමෙ සිරිතක් තිබුනෙ නෑනෙ. කිරිබත් කෑමේ ආශාවත් ඉතින් සුලුපටු දෙයක්ද. මම ගැහුව බොහොම සිම්පල් ප්ලෑන් එකක්.
මම බලාගෙන හිටියෙ ඊලඟට පොල් කඩන දවස එනකන්. එදා කිරිබත් ගහෙන් කඩන පොල් ටික මම වෙනමම අහුලල මඩුවෙ වෙනම මුල්ලක්ට ගොඩ ගහගත්ත. ඊට පස්සෙ ප්ලැටිග්නම් එකකකින් ඒ හැම පොල් ගෙඩියෙම රවුමක් ඇන්ද. කිරිබත් ගහෙන් කොහොමත් එක පාරකට පොල් ගෙඩි 15~20 ක් කඩන නිසා සති පහලවක් විස්සක් විතර වීක් එන්ඩ් එකට ඇතිවෙන්න කිරිබත් කන්න පුලුවන්.
කිරිබත් ගහේ පොල් ඉවරයි කියපු ගමන් මම මගේ පොල් ගොඩෙන් පොල් ගෙඩියක් දෙනැල්ල දෙනව. ඉතින් අම්මම්මත් කරන්න දෙයක් නැති නිසා කිරිබත් හදල දෙන්ව.

මම ඔය විදිහට කෝටා ක්‍රමයට පොල් රිලීස් කරපු නිසා අම්මම්මට කට උත්තර නෑ. මගේ පොල් ගොඩේ තිබුනු පොල් ගෙඩි ගාන ගනන් කරල තියාගෙන තිබුණු නිසා (අවුරුදු 3ක්ම මොන්ටිසෝරියෙ මාර ඇට, ඔලිඳ ඇට ගනන් කරපු මට පොල් ගෙඩි විස්සක් ගනන් කරනව කියන්නෙ ඒ හැටි කජ්ජක්යැ ) මට හොරෙන් පොල් ඔයන්නත් (ලෙලි ගහන්න ) බෑ. එහෙම කරල තිබුනොත් එදාට ගාලු පාරෙ වාහන ගිහිල්ලත් හමාරයි කියල ගෙදර අය දන්නව. ඒ කාලෙ මම ඒ තරම්ම අහිංසක කොලු පැටියෙක්නෙ. ඒකයි.හික්ස්!!!!

ඔය ගේම කොච්චර කල් ගෙනිච්චද කියලනම් මට හරියටම මතක නෑ. ඒත් තවත් අවුරුදු 2ක් විතර යනකන් ඔය කිරිබත් ගහේ පොල් නැතුව කිරිබත් හදන්න බෑ කියන එකනං විස්වාස කරා.

පොඩි කාලෙ ඉඳන්ම මාව හොඳට රැක බලාගත්තු අම්ම්මම්ම නම් තාමත් මම ලංකාවට එන්නෙ කවදද කියල නොඉවසිල්ලෙන් මග බලාගෙන ඉන්නව කියන එකත් අන්තිමටම කියන්න ඕන.

24 comments:

Ansh Lucky Sri Jay said...

ශා.. !! හරිම ලස්සන පෝස්ට් එකක්. මාවත් එක පාරට අතීතෙට ගෙනිච්චා වගේ දැනුනා.

මතක මංපෙත said...

@ Ansh Lucky Sri Jay
මේ පැත්තෙ ඇවිත් යන්න ආවට බොහොම ස්තූතියි.
ඔයාගෙ බ්ලොග් එකෙත් අලුතින් පෝස්ට් එකක් වැටෙනකන් මම නිතරම මග බලාගෙන ඉන්නව.

හා පැටික්කි (MS) said...

අප්පේ අයියේ ඔයා සුවර් එකටම මනුස්ස බබෙක්නේ???????

මතකය නම් හරිම සුන්දරව ගලපල තියනව.......

මතක මංපෙත said...

@ හා පැටික්කි (MS)
"මනුස්ස" නං තමයි නගෝ.... ඒ උනත් "බබෙක්"....???? ;-)

.::පිස්සා::. said...

ඒයි නසරානියෝ, උඹත් ගාල්ලේ කිව්වාම අහන්නත් සතුටුයි..

roylyfernando said...

"මුගේ ඇට්ටර කං පටන් ගත්තෙ මූ දණ ගාන්නත් කලින් ඉඳල" කියන එකනම් සිරාවටම උඹට ගැලපෙනවා තමා මචෝ. :)

එල එල ඉක්මනින්ම තවත් කතාවක් දාහන්කෝ :)

änthräX said...

නියපොතු, කොන්ඩ එහෙම කපන්න එපා මචෝ, උබේ ඇග පුරාම මොලේ..

ඉලංදාරියා said...

නියම පොස්ට් එකක්...මචො....අපිකියවනවා..එල තව ලියපන්........

msenarath said...

කොහොමද ටිකිරි මොළේ! :D

වැම්පයර් said...

පට්ට...
දකුණේ උන් ඉතින් ඔහොම තමා...

මාතලන් said...

අපෝ ගාල්ලෙ එකෙක්ද එහෙනම් ඉතිං අහන්න දෙයක් නෑ. බෙන්තර ගඟෙන් සෑහෙන එහානේ. ඔය කියන පැත්ත මාර ලස්සනයි.

මාත් ඒ පැත්තේ... හෙහ් හෙහ්

Praසන්ன said...

නියම පොස්ට් එක. ලස්සනට ලියල තියෙනව. දිගටම ලියන්න.

isimbuwa said...

අම්මම්මට මාර දඬුවමක් නෙ දීල තියෙන්නෙ.

මතක මංපෙත said...

@ .::පිස්සා::. , වැම්පයර් , මාතලන්
ඔය " වැඩ බැරි උනත් ගම ගාල්ලෙ" කියන ප්‍රකාශය ලංකාවෙ ජනතාවගෙ සමගිය සමාදානය කඩාකප්පල් කරන්න විජාතිකයන් විසින් ක්‍රියාත්මක කරපු කුමන්ත්‍රණයක්.
ඒකට එරෙහිව කමිටුවක් පත් කරල ගේමුද නවතම ප්‍රකාශයක් "වැඩත් පුලුවන්, ගමත් ගාල්ලෙ" කියල. හික්ස්!!!!

මතක මංපෙත said...

@ Praසන්ன , ඉලංදාරියා , roylyfernando
තව දවසකින් දෙකකින් ඊලඟ පෝස්ට් එකත් දාන්නම්කො.......

මතක මංපෙත said...

@ änthräX
නියපොතු නං කපනව. කොණ්ඩෙ කපන්න දෙයක් නෑ මචෝ. බොහොම සීඝ්‍රයෙන් හැලීගෙන යනව. :-(

මතක මංපෙත said...

@ msenarath
හැබැයි මන්චි ටිකිරි මාරි කාල නම් නෙවෙයි!!!!!!!!!

@ isimbuwa
මට ගේමක් දෙන්න ආවොත් ඉතින් ඔහොම තමයි.හික්ස්!!!!!

දුකා said...

උබේ මේ කතා කියෝනකොට මට මතක් වෙන්නේ ම මගේ පුංචි සොඳුරු ත්‍රස්තවාදියාව. ඌත් තාම වයස දෙකහමාරයි උනාට කරන්නේ මහා නසරානි වැඩ. හික් හික් . ..

මම වෙලාවකට ඌට කියන්නේ විරුල් ඇම්ඩන් ගුණවර්ධන කියලා . .

උඹෙත් ඔය කිව්වට නමේ එහෙම කෑල්ලක් තියෙනවාමයි මට නම් ෆුල් ශුවර්

දිල් said...

හපොයි...මේකා පොඩි කාලෙ මාර පුත්‍රයෙක් වගේනෙ....කියවද්දිනම් හිත එහයෙන් දුවනවා අතීතයට. මට සොදූරුම ලමා කාලය උරුම උනේ අම්මයි අප්පච්චියි ජීවත් වෙලා ඉන්නකම් විතරනෙ..ඒ කාලෙ මම නම් හරිම හොඳ ළමයෙක් ;)

බය උනේ යකාට විතරයි :D

මාතලන් said...

හික් හික්... ජාත්‍යන්තර කුමණ්ත්‍රන කතාව මරු. මට පංචායුධය දැක්කම ටෙනී දැක්ක වගේ හිනා යන්නේ. උඹගේ අනිත් අදහස පටන් ගන්න කාලෝ අයංතේ. රාජ්‍ය අනුග්‍රහයත් නොඅඩුවම ලැබෙයි. රජතුමත් ඒ පැත්තෙනේ.....

මතක මංපෙත said...

@ දුකා
සොඳුරු ත්‍රස්තවාදිය ගැනත් අලුත්ම විස්තර ටිකක් බ්ලොග් එකේ ලියන්නකො.
ලංකාවට ගියපු වෙලාවක උප්පැන්නෙ ඔරිජිනල් කොපිය අරගෙන අයන් කරල බලන්නම්කො "ඇම්ඩන්" කියන කෑල්ල ඉන්විසිබල් වෙන්න දෙහි යුශ වලින් හරි ලියල තියෙනවද කියල.

@ දිල්
මම නම් ඉතින් යකාටවත් බය නෑනෙ. හික්ස්!!!

@ මාතලන්
හික්ස්!!!
බලමුකො ලංකාවට ආපු කාලෙක එහෙම ප්‍රොජෙක්ට් එකක්පටන් ගන්න පුලුවන්ද කියල.
ඒක නෙවෙයි, ටෙනී දැක්කහම ඇත්තටම හිනා යනවද? මටනම් ඌ අපිව හිනස්ස්වන්න දෙන ගේම දැකල ඇඬෙනව.

වැප් said...

හි හි .........

මම said...

හපොයි දෙවියනේ මේ මාර පුත්‍රයා එක්ක අම්මා කොහොම විසුවද මන්දා...

මතක මංපෙත said...

@ වැප්
හ හා..................

@ මම
මට මාර පුත්‍රය කියල කියන කොට මාරයිය තරහ වේවිද දන්නෙ නෑ.
එහෙම උනොත් අපිනං එන්නෙ නෑ ඔන්න වලි බේරන්න.

Post a Comment