Tuesday, April 20, 2010

පුංචි පහේ මං


මේ මතක මංපෙතේ හාහාපුරා කියල ලියන්න යන්නෙ 5 වසරෙ ඉන්න කාලෙ කරපු ඇට්ටර වැඩක් ගැන. ඔය කාලෙ අපිට තියෙනවනෙ ශිෂ්‍යත්වෙ කියල මහා ලොකු කඩුලු පැනීමක්. ඉතින් ඔය කඩුලු පනීම පුරුදු කරන්න ශිෂ්‍යත්ව පන්ති කියල ජාතියකුත් තියෙනවනෙ.

මම ශිෂ්‍යත්ව පන්ති ගියපු කාලෙ, ඒ කියන්නෙ 95/96 කලෙ තමයි ලංකාව ඔය මහා බලශක්ති අර්බුදයකට මුහුණ දීල හිටියෙ. සුද්දගෙ ග්‍රිනීජ් රේඛාව බල්ලට දාල, මැඩම්ට ඕන විදිහට
ඔරලෝසුවෙ කටු කරකවල රෑට ලයිට් කපපු ඔය කාලෙ අපිත් හිටියෙ නිකං උතුර දකුණ මාරුවෙලා වගේ තමයි.

කොච්චර මාරුවෙලාද කියනවනම් ඒකාලෙ දෙනව නේද ගැටළු වර්ගයක් අර සවස 5 ට කාර්යාලයෙන් පිටත් වුනු නිමල් පැයට කි.මි. 60ක වේගයෙන් ගමන් ගන්නා බසයකින් කිලෝමීටර් 70ක් ගමන් කර, එතැන් සිට පැයට කි.මී.3 ක වේගයෙන් මීටර් 600ක් ගමන් ගත්තේනම් නිමල් නිවසට එන විට නිවසේ ඔරලෝසුවේ වෙලාව කීයද? කියල අහන. අපි එතකොට සර්ගෙන් අහනව නිමල්ගෙ ගෙදර ඔරලෝසුවෙ තියෙන්නෙ අලුත් වෙලාවද පරණ වෙලාවද කියල. ඔන්න ඔයවගේ කොලොප්පං මානසික තත්වයකින් තමයි අපි ඒ කාලෙ ජීවත් වුනේ.

සතියෙ දිනවල හවස 5 ඉඳල රෑ 8 විතර වෙනකං පැවැත්වුණු අපේ ශිෂ්‍යත්ව පන්තියටත් ඔය වෙලාව වෙනස් කිරිල්ලයි ලයිට් කැපිල්ලයි බොහොම ලොකුවට බලපෑව. සර්ගෙ ලඟ ජෙනරේටරයක් නොතිබුණු නිසා දවසක් ඇර දවසක් ලයිට් කපනකොට අපි ඉගෙනගත්තෙ ඉමර්ජන්සි ලෑම්ප් වල පිහිටෙන් තමයි. පන්තියෙ ළමයි 200ක් විතර හිටපු නිසා හැම තැනටම හොඳට එලිය වැටුනෙ නෑ. එහෙම එලිය අඩු තැන් පිරිමහගත්තෙ ඉටිපන්දම් වලින් තමයි. අපි හැමෝගෙම බෑ
ග් වල ඉටිපන්දමකුත් නොවරදවාම තිබුන.

පන්තියෙ මාසෙකට සැරයක් විභාගයක් තියල ඒකෙ වෙනිය පිලිවෙලට වාඩි කරන නිසා ගෑනු ළමයි පිරිමි ළමයි වෙනසක් නැතුව එකට තමයි වාඩි උනේ. කොණ්ඩෙ දිග ගෑණු ළමයි කොණ්ඩෙ ගොතාගෙන එන එක අනිවාර්ය කරල තිබුනත් ඉටිපන්දම් වලට පිච්චෙන්න පුලුවන් නිසා ඒ දවස් වල විතරක් කොණ්ඩෙ උඩට කරල බැඳගෙන එන්න අවසර තිබුන.

මෙතෙක් වෙලා කතාවට අවශ්‍ය වටපිටාව හදන්න වැල්වටාරම් කිය කිය හිටියට දැන් තමයි වෙච්ච සිද්ධිය කියන්න පටන් ගන්නෙ.

මේ කියන දවසෙ මම වාඩිවෙලා හිටියෙත් හොඳට එලිය නොවැටුණු තැනක නිසා මටත් සිද්ධ උනා මේසෙ උඩ ඉටිපන්දමක් ගහගන්න. මෙන්න එතකොට ඉටිපන්දමට ඉස්සරහින් තියෙනව හොඳට ගෙතපු කොණ්ඩ කැරලි දෙකක්. පොඩ්ඩක් ඔලුව උස්සල බැලුවහම තමයි දැක්කෙ එක්කෙනෙක්ගෙ කොණ්ඩ කැරලි නෙවෙයි, ඉස්සරහ පේලියෙ එක ළඟ වාඩිවෙලා හිටපු කෙල්ලො දෙන්නෙක්ගෙ කොණ්ඩ කැරලි බව. ඉටිපන්දමටත් ටිකක් ළඟ වැඩි නිසා දෙතුන් සැරයක්ම අතින්
එහාට කරල දැම්මත් ආයෙත් මුල් තැනටම එනව. උඩට කරල බැඳගෙන එන්න චාන්ස් එක දීල තියෙද්දිත් මොන එහෙකට ගොතාගෙන එනවද මන්ද.

මටත් ඉතින් මේ වගේ වෙලාවට පහළවෙන්නෙ බොහොම ධර්මිෂ්ඨ සිතිවිලිනෙ. ගත්ත එක කෙල්ලෙක්ගෙ වම් පැත්තෙ කරලයි අනිත් එක්කෙනාගෙ දකුණු පැත්තෙ කරලයි. දැම්ම මැද හරියෙන් හොඳ තද ගැටයක්. අපරාදෙ කියන්න බෑ මම මේ මිශන් එක ඉවර කරනකන් ඒ කෙල්ලො දෙන්න උන්ගෙ කොණ්ඩ වලට වෙන දේ ගැන හාන් කවිස්සියක් දන්නෙ නෑ. ඒකත් වෙන්න පුලුවන්, මොකද උන් දෙන්න තමයි ඒ මාසෙ පන්තියෙ 2 සහ 3 වෙනිය. (එක පේලියෙ 4 දෙනෙක් වාඩි වෙන නිසා මම කීවෙනියද කියල හිතාගන්නකො )

ඔන්න එතකොට ආව ප්‍රශ්ණ ඇසීමේ වාරය. පුදන කොටම කාපි යකා කියල මුල්ම ප්‍රශ්ණ්ය මට(සර් මං ගැන හොඳට දන්න නිසා තමයි ඒ.. හික්ස් ). උත්තර දෙන ගමන් වෙන වැඩ කරන්න බෑනෙ. ගැට ගහපු කොණ්ඩෙ පැතක තියල උත්තරේ දුන්න නිකන් කොර වෙලා යන්න. ප්‍රශ්ණෙ නම් මතක නෑ දැන්. කරුමෙ කියන්නෙ දෙවනි ප්‍රශ්ණෙ මට ඉස්සරහ හිටපු කෙල්ලට.

ඒකිත් දඩස් ගාල නැගිට්ට නිකන් සර්ට ගහන්න වගේ.

ආ....යි....ඌ........යි....අම්මෝ........

සර් දුවගෙන ඇවිල්ල එන්ටර් උනා කේස් එකට. මමත් ඉතින් මුකුත් නොදන්න එකා වගේ පන්තියෙ වහල හදන්න ගියපු වියදම ඇස්තමේන්තු කරන්න පටන්ගත්ත. ඒත් ඉතින් ගැටග
හල තියෙන්නෙ මගේ ඉස්සරහ තිබුනු කොණ්ඩෙ වෙච්චි කොට වැරදි කරය අල්ලන්නන CSI එක ඕන නෑනෙ.

මමත් ඉතින් ඉටිපන්දමට පිච්චෙන්න නොදී කොණ්ඩ කැරලි දෙක බේරාගැනීම සඳහා කළ උතුම් ක්‍රියාව කෙටියෙන් විස්තර කරා. ඒ වෙනුවෙන් වේවැල් පහරවල් 5 ක ත්‍යාගයක් සමග පන්තියෙ හැමෝටම වඩා ඉස්සරහින් තිබුණු ස්ටේජ් එක ළඟ දණගහගෙන දවසේ ඉතුරු පාඩම් ටික ඉගෙනගැනීමෙ දුර්ලභ අවස්ථාව හිමි උනා.

හැබැයි අපරාදෙ කියන්න බෑ සර් බොහොම සාදාරණ විදිහට තමයි කේස් එක ක්ලෝස් කරේ. ඉටිපන්දමට පිච්චෙන්න ඉඩ තියෙන විදිහට කොණ්ඩෙ ගොතාගෙන ආපු කෙල්ලො දෙන්නටත් එදා
පන්තිය ඉවර වෙලා පන්තිය තිබුණු ඉඩමෙ ගේට්ටුවෙන් එලියට යනකන් අර කොණ්ඩ දෙක ගැට ගහගෙනම ඉන්න නියම කෙරුනා.


මම ඒ පන්තියෙ කොච්චර ධර්මිෂ්ඨව හිටියද කියනවනම් අවුරුදු 13 කට පස්සෙ දැනටත් සර්ට මාව නමින් මතකයි.
(කතාවෙ ගුණ දොස් කියල පොඩි Comment එකකුත් දාල යන්න අමතක කරන්න එපා)
එහෙනම් හෙට නැවත හමුවනතුරු සයොනරා!!!

8 comments:

මතක මංපෙත said...

කවුරු හරි කෙනෙක් මට කියනවද dumriya (Train) කියන එක කොහොමද Realtime Unicode Converter එකෙන් ලියන්නෙ කියල.
dumriya කියල type කරහම පෙන්නන්නෙ "දුම්‍රිය" කියල.

msenarath said...

ළමයා පොඩි කාලෙ හරිම දගයෙක්නෙ! :)

ආහ්...හැබෑව නේන්නම්, ඒක ලියවෙන්නෙ දුම්‍රිය කියලා තමයි.. එහෙනම් කෝච්චිය කියලා ලියමු! :D නැත්නම් මේකෙන් ලියලා බලන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/

Hasitha said...

මනුස්සකමට උදව්වක් කරන්න ගියාමත් ඔන්න වෙන වැඩ. වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටෙනවා කියන්නේ ඕවාට තමා. :) :) :)

දැන් ඔය කොණ්ඩ පටලෝපු ගෑණු ළමයි දෙන්නා ගැන ආරංචියක් එහෙම නැද්ද ? :) :) :)

මතක මංපෙත said...

@ msenarath
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/
එකෙන් ලියන්න පුලුවන්. බොහෝම පිං.

@ Hasitha
එක කෙල්ලෙක් නම් මූණු පොතෙත් ඉන්නව. අනිත් කෙල්ලනම් අන්තිමට දැක්කෙ A/L කරන දවස් වල. පාරෙදි දැකල පොඩි හිනාවක් දාල ගියා.

මාතලන් said...

මට හරියටම මතක නෑ මහත්තයො ...

මීට් මාස 3 කට කලින් වගෙ තමයි මතකය ......

දැන් අළුත්ම ගේමකට බැහැල ඉන්නෙ .....

මාතලන් said...

අපි ඔය වගේ වැඩ කලාට....
ඕව මහ කැත වැඩ ..
"ළමා අපයෝජන"

මතක මංපෙත said...

@ මාතලන්
මම නම් ඔය කාලෙ ඔය අපයෝජනය කියන වචනෙ තේරුම වත් දැනගෙන Hඉටියද මන්ද. මටත් ඉතින් මගේ අත පය තියාගෙන ඉන්නබෑනෙ.

දුකා said...

hak hak haa .. mekath maarai ban . . uba nam mahaama mahaa pissu kollek . . ..

Post a Comment