අපේ ලංකාවෙ අයට නං කජු කනව කියන්නෙ නිකං කජු කනව වගේ වැඩක්නෙ. නැද්ද මං අහන්නෙ. මොකෝ, ඕනම ලේසි වැඩක් කරන කොට කජු කනව වගේ කියල කියන්නෙ කජු කිරි වලට කට කහන්න අරගෙන එහෙම නෙවෙයිනෙ.
හැබැයි මටනං පොඩි කාලෙදි කජු කනව කියන්නෙ හෙනට පැලෑනක් එහෙම ගහල, හොඳ පෙර සූදානමක් සහිතව කළයුතු, ඒ වගේම පොඩ්ඩ වැරදුනොත් බෙල්ලෙන්ම ගහල යන විදිහෙ සිරාම ගේමක්. ඒකෙන් Film එකක් ගැහුවොත් ටොම් කෲස්ගෙ මිසොං ඉම්පොසිබොල් එක නිකං පොඩි එකෙක්ගෙ හැංගිමුත්තං සෙල්ලමක් ගානට වැටෙනව සුවර්.
අර වේදිකා නාට්ටිය පටන්ගන්න කලින් පොතේ ගුරා එනව වගේ සිරා ඉස්ටෝරිය (මට විතරද මංද සිරා...හික්ස්) ලියන්න කලිං පසුබිම හදල ඉන්න එක මගේ සිරිතනෙ. කජු කන එක මිසොං ඉම්පොසිබොල් වෙච්චි හැටි මුලින්ම ලියල ඉමුකො.
අපේ පවුල අම්මගෙයි තාත්තගෙයි මාසෙ පඩියෙන් ජිවත් වුනු මොහොම සාමාන්‍ය පවුලක්. එදාවේල ඇඩුවක් නැතුව කන්න ලැබුනත් ඔය විච්චූරණ කෑම ජාති නිතර කන්න තරං හැකියාවක් තිබුනෙ නෑ. අපේ අම්මට නනාප්‍රකාර කේක්, පුඩිං, ජෙලි, දෝසි ජාති වගේ සක්වල තියෙන ඕනම් කෑම ජාතියක් රසට හදන්න හදන්න පුලුවං උනාට ඕව ඇත්තටම හැදුවෙ ඉඳල හිටල. ගොඩක් වෙලාවට පඩි දවසට පස්සෙ එන සති අන්තෙ තමයි.
ඔය කේක්, දෝසි එහෙම හදන්න කජුත් යහමින් දාන්න ඕනනෙ. ඒ නිසා ඒකට ගේන කජු ග්‍රෑම් 100,200 අම්ම බොහොම හොඳට පරිස්සං කරා.(පුතණ්ඩිය හැටි දන්නවනෙ.) එක පාරක් කෑමක් හදන්න ගෙනාපු කජු ග්‍රෑම් 200 දවස් 3කට පස්සෙ කිරන කොට ග්‍රෑම් 50 වෙලා තිබුණු නිසා කජු වලට සියලු ඩීටේල් සහිත තහංචි සෙට් එකක් තමයි දාල තිබුනෙ.
අම්ම දන්නෙ නෑනෙ මම කේක් වලටයි දෝසි වලටයි කජු දාල කනවට වඩා කජු ටික වෙනම කාල කේක් දෝසි වෙනම කන්න කැමති බව. කොටින්ම කිව්වොත් දෝසි වලට කජු දාල තිබුනොත් මුලින්ම කජ්ජ වටේට තියෙන දෝසි ටික ලෑටි ගාල(ගෙදරදි විතරයි හොඳේ.... ) අන්තිමට කජු කෑල්ල විතරක් වෙනම කනව. කජු කන එකත් එසේ මෙසේ සෙල්ලමක් නෙවෙයි.
මේ වැඩේ ඉතිං හැමදාම කරන්න බෑනෙ. මටත් ආත්ම ගරුත්වයක් කියල එකක් තියෙනවනෙ. ටිකක් කල්පනා කරල බැලුව කරන්න පුලුවං දෙයක් ගැන. මගේ ඇට්ටර වැඩ අල්ලන්න පුලුවං අම්මට විතරයි(මේ පුත්තරයගෙම අම්මනෙ...හික්ස්) ඒ නිසා දෙනවනං දෙන්න ඕන අම්මටත් ඇඩ්රස් නැතිවෙලා යන විදිහෙ ගේමක්. මං ඔය කලබලේට කරන්න ගිහිල්ල වරිගෙ නහගන්න විදිහෙ ගේම් දෙන්නෙ නෑනෙ. කල්පනා කරල කල්පනා කරල ගැහුව සිරා ප්ලෑනක්. හරියට වැඩ කරොත් අම්මට ඇපත් නැතිවෙන විදිහෙ එකක්.
හැබැයි ප්ලෑනට අනුව ගේම දෙන්නං රුපියල් 40ක් විතර හොයාගන්න ඕන. අක්කගෙන් ඉල්ලන්නත් බෑ. අපේ අක්ක ඉතිං ඇල් වතුරත් නිවලනෙ බොන්නෙ. වැඩේ ගැස්සුනොත් ඒ අහිංසකීටත් නිකරුනේ බැනුම් අහන්න වෙනව. එකතුකරා හැමදාම උදේට ඉස්කෝලෙ යන්න කලිං තාත්තගෙන් ලැබෙන පොකට් මනී.(දවසට රුපියලයි. ඒත් ඔය කාලෙ 4,5 වසර නිසා රුපියලත් සෑහෙන්න වටිනව. ) මාස දෙකක් පුරාවටම ඩැනි අයියගෙ රබර් වඩේ කන එකටත් විරාම්යක් දීල සිරාවටම ගේමට එන්ටර් උනා.(ගාල්ලෙ මහින්දෙට ගියපු ඕනම කෙනෙක් ඩැනි අයියයි එයාගෙ රබර් වඩෙයි ගැන දන්නව. ඩැනි අයිය ගැන වෙනම ලිපියක ලියන්නම්.)
සල්ලි එකතු උනාට පස්සෙ ගත්ත ඒ සල්ලි වලින් කජු ග්‍රෑම් 200ක්. ඒකත් ගත්තෙ ග්‍රෑම් 100 බෑග් 2කට.
ඊට පස්සෙ ඉතිං මුල්ලකට වෙලා තනියම කෑව කියලද හිතන්නෙ..
හික්ස්....මොන පිස්සුද.
අපිනං කරයි එහෙම දෙකේ පංතියෙ වැඩ.
කරොත් කරන්නෙ ධර්මිෂ්ඨ වැඩක්නෙ.
හැංගුව කජු ටික පොත් මේසෙ ලාච්චුවෙ. ඒ පොත් මේසෙත් අපේ සීය එයාගෙ අතින්ම මට හදල දීපු සිරා මේසෙ. ආයෙත් කතාවෙන් පිට යන්ව. සොරි වෙන්න ඕන. පොත් මේසෙ ගැනත් වෙනම කතාවක ලියන්නම්.
ඔන්න ටික දවසකට පස්සෙ පඩි ලැබිලද කොහෙද අම්ම ගෙනාව කෑමක් හදන්න කියල කජු.ගෙනාපු ගමන් කෑම හදන්නෙ නෑනෙ. නිවාඩුවක් ලැබෙනකං ඒ කජු ටික ෆ්‍රිජ් එකේ. දැන් තමයි මගේ ප්ලෑන ටෙස් කරන්න වෙලාව. හිතා ගන්න පුලුවන්ද මොකක්ද කියල ප්ලෑන. අනුමානෙට වගේ කියන්න පුලුවන් අය ඉන්නවනම් පොඩ්ඩක් හිතල බලල Comment කොටුවෙ ලියන්නකො බලන්න මොකක්ද ඒ ප්ලෑන කියල...හික්ස්
කතාව කුට්ටි කරන්න අකමැති උනත් හෙට තියෙන ඉන්ටර්විව් එකට රෙඩි වෙන්න තියෙන නිසා ඉතුරු බාගෙ හෙට රෑට ලියන්නම්. ලියනව කිව්වොත් සුවර් එකටම ලියන්ව.
උද්දච්ඡ කුක්කුච්චලා බල්ලා මාක් වූ වගයි....
19 hours ago
9 comments:
දැන් ලංකාවෙ කජු කන එක නම් කියන තරම් ලේසි නැහැ පුතෝ.සෑහෙන ගණන්නෙ.
රසවත්ව ලියලා තියනවා ලිපිය. අනුමානයක් නම් කරන්න අපහසුයි. ඒ නිසා ඊළග කොටස ලියන තුරු බලාගෙන ඉන්නවා.
ඉන්ටර්විව් එක සාර්ථක වෙන්න කියලා පතනවා.
කජු කනවා වගේ තමයි ඔයාගේ මේ කතාවත් කියෙව්වේ.....
ඉතුරු කතාව කියවන්න බලාගෙන ඉන්නේ....
මල්ලියො, අනුමානයක් කරන්න නම් අමාරුයි...
ඔයාගෙ ලිවීම ලස්සනයි....
මරු...
ඉතින් අදත් රෑට මතක මංපෙත ට එන්නම්කො... මොකද වුනේ බලන්න..
interview එක සාර්තක වේවා.. මගෙත් පැතුම Raven මල්ලිගෙ වගෙම..
අහා.... ඉන්ටර්විව් එක අද නේද...... මුලින්ම සුබ පතනවා ඒකට..........
:)
අනුමාන කරන්න නම් අමාරුයි...... ලිපිය නම් කජු වගේම රසවත් සහෝ..... කිවුවත් වගේ දැන්නම් කජු කන එක ලේසි නෑ......
word verification අයින් කරානම් හොඳයි වගේ..... :(
@ හැමෝටම
හැමෝගෙම ආශිර්වාද ලැබුණු නිසාද කොහෙද ඉන්ටර්විව් එක ඉවර වෙලා පැයක් ඇතුලත mail එකක් ආව ඉන්ටර්විව් එකේ මුල් අදියර පාස් කියල. දෙවනි අදියර ඊලඟ සඳුදට. හැමෝටම බොහොම පිං.
@ විශ්මි
ඔන්න කියපු විදිහටම word verification අයින් කරා!!!
ආ.... බං උඹ එහෙනම් මහින්දේ. උඹ කීවෙනි year එකේද. මන් 2005. අඩෝ රබර් වඩේ මතක් වෙද්දිත් කට මොනාද වෙනවා. අපේ ජාතික ආහාරෙනෙ ඉතින්. ඩැනි අය්යා තාම ඉන්නවද දන්නෙ නෑ. ගිහින් බලන්න ඕන වෙලාවක.
ප්ලෑනද මට හිතෙන විදියට 100ක් දැම්ම ෆීජ් එකේ තියෙන ගොඩටම අනිත් 100 අම්මට පෙන්න පෙන්න කෑවා
මං හරිනේ..
Post a Comment