ලාවට උණ ගතියක් එක්ක කටහඬත් නිකන් "අබර තබර නාබර" වෙලා. අද ඉඳල සතියක් එක දිගට නිවාඩු තිබුනත් ඒ නිවාඩුවටත් කෙල වෙන්න වගේ යන්නෙ. මටමමයි වෙන්නෙ!! හික්ස්!!!
ඒ නිසා ටිකක් කලින් නිදාගන්න ඕන කියල හිතුව. ඒත් අප්ප නින්ද යන්නෙ නෑනෙ!!! බ්ලොග් එක මතක් වෙනව!!! ඉතින් ඒ නිසා මොනවම හරි ලියල යන්න ඕන කියල හිතුව. අනේ මන්ද මමත් මේ බ්ලොග් කෙරුවාවට ඇබ්බැහි වීගෙන යන්වද කියල.
මේක කෙටි සටහනක් වෙන්න බොහෝ විට ඉඩ තියෙන නිසා පොත් ගැන ඊලඟ එපිසෝඩ් එක වෙන දවසක ලියන්නම්.
ලියන්න දේවල් මහා ගොඩක් හිතට ආවත් ඒ හැම එකක්ම මහා පතරංග ජාතකේ වගේ දිගට ලියන්න පුලුවං දිග කතා. මටත් ඉතිං ශෝට් ඇන්ඩ් ස්වීට් ලියන්න බෑනෙ. මමත් ඔය ජාතකේ කියවලනම් නෑ. කියවල බලන්න ආසයි. දන්න කෙනෙක් ඉන්නවනම් විසතර ටිකක් කියන්නකො.හික්ස්!!!
ලියන්න කියල කෙටි මාතෘකාවක් කල්පනා කරනකොට තමයි අවුරුදු දෙකකට විතර කලින් බලපු Film එකක් ගැන මතක් උනේ. මගේ යාලුවොත් මේ Film එක ගැන අහල නොතිබුණු නිසා ලංකාවෙ එච්චර ජනප්රිය වෙලා නෑ කියල හිතුන. ඒ නිසා බලන්න කැමති අයට පොඩි හඳුන්වා දීමක් විදිහට මේ ලිපිය ලියන්නම්කො.
Spanglish (2004)සමාජ තල දෙකක සංස්කෘති දෙකක පවුල් දෙකක් එකට ජීවත් වෙනකොට කොච්චර නම් හැලහැප්පීම් සිද්ධ වෙනවද. ඒ සිද්ධීන් ඉතාම දක්ශ ආකාරයට රූප රාමුවකට ගොනු කරල නිර්මාණය වුනු ඉතාම සංවේදි කතාවක් තමයි Spanglish කියන්නෙ. සමාජ සබඳතා,මාපිය දූදරු සබඳතා, අඹුසැමි සබඳතා වගේම ඒ අතර දෝලනය වෙන ආදරය, වෛරය, ඊර්ෂ්යාව වගේ හැඟීම් බොහොම ලස්සනට කතාවක් විදිහට වියමන් කරල තියෙන ලස්සන Film එකක්.
අපි කවුරුත් දන්න Adam Sandler සහ Téa Leoni එක්ක සුරූපී නිලි Paz Vega ගෙ අති විශිෂ්ඨ රඟපෑම එක්ක කිසිම කම්මැලි කමක් නැතුව බ්ලන්න පුලුවන්. කතාව බලල ඉවර වෙනකොට අපේ ජීවිතේ අපි වැඩිය කලපනා නොකරන සුළු සුළු දේවල් ගැන තව ටිකක් කල්පනා කරන්න හිත යොමු කරන විදිහෙ කතාවක්.කතාව ඉවර වෙලත් ඔයාල තව ටික වෙලාවක් ඒ විදිහටම වාඩිකරල තියන්න පුළුවන් විදිහෙ අවසානයක් තමයි තියෙන්නෙ.
මට හොයාගන්න පුළුවන් වුනු හොඳම Torrent එකටත් ලින්ක් එකක් දැම්ම ඕන්න. මෙතනට කොටන්නකො.
Comedy කියන Category එකට දාල තිබුනට මේක කොමඩියක් විතරක්ම නෙවෙයි.
මේක බලල නැත්තෙ මගේ යාලුවො ටික විතරක් නම් ඔන්න මට දොස් කියන්න එපා.මම දන්නවැයි ලංකාවෙ ජනප්රිය Film මොනවද කියල. මම වෙලාවවක උන් ටික අල්ලල දෙන්නම් බ්යිට් කරන්න. හික්ස්!!!
පොත් ගැන කතාව ඊලඟ දවසෙ ලියන්නම්. සුවර්!!!!
දැන්වත් මට නින්ද යයිනෙ.හික්ස්!!!
මෝදිගේ පැමිණීම හා හරිනිගේ ජංගිය....
1 day ago
7 comments:
ela
ෆිල්ම් එකක් හොය හොය හිටියෙ බන් බාන්න. ඇඩම් සෑන්ඩ්ලර්ගෙ නම් එල ඇති.
බලමුකො.
මේක කොමඩියක් විදිහට විස්තර කරල තිබුනට ඇස් වලට කඳුලු උනන තැනුත් තියෙනව
@ Raven
බලල ඉවර වෙලා හොඳ නරකත් කියල යන්නකො එහෙනම්.
@ Raven
අනේ සහෝ!!! සමා වෙන්න ඕන. කලින් දාපු Torrent එකට වඩා හොඳ Torrent එකකට ලින්ක් එක මාරුකරා. කලින් එකෙන් බාන්න බැරිනම් මේ අලුත් ලින්ක් එකෙන් බාන්නකො. සිදු වූ ප්රමාද දෝශය ගැන මගේ බලවත් කණගාටුව.
බලලම හොඳ නරක කියන්නම්..ස්තූතියි මේ ගැන කිවුවට
බලපු අය කවුරුවත් හොඳ නරක කියන්නෙ නැද්ද. නැත්ත්ං කවුරුවත් බැලුවෙ නැද්ද දන්නෙ නෑ නේ..........හික්ස්!!!
Post a Comment