Friday, April 23, 2010

මිසොං ඉම්පොසිබොල් කජු කෑම


කජු කන එක මිසොං ඉම්පොසිබොල් වලට වඩා සිරා ගේමක් වෙච්චි හැටි කලින් ලිපියෙ ලිව්වනෙ. තාම කියෙව්වෙ නැත්තං මෙතනින් බලන්න. අද ලියන්නෙ මගේ ප්ලෑන නිකං කිරි ගහට උල් පිහියෙන් ඇන්න වගේ සිරාවට වැඩ කරපු හැටි.( දන්න කෙනෙක් කියන්නකො ඔතන ඔය කිරිගහ කියන්නෙ රබර්ද, පැපොල්ද නත්තං අරලියද කියල... හික්ස්..)

ඔන්න අම්ම කජු ටික ගෙනැල්ල සුපුරුදු විදිහටම දැම්ම ෆ්‍රිජ් එකේ. පහුවෙනිද හැමෝම TV බලන වෙලාවක ගත්ත කබඩ් එකෙන් එක කජු බෑග් එකක්. ඇල්ලුව හැමෝටම. අම්ම ඉතිං පුතණ්ඩිය ගැන දන්න නිසා මුකුත්ම නොකිය හිමීට නැගිටල ගියා. මම දන්නවනෙ ඒ ගියේ ෆ්‍රිජ් එක චෙක් කරන්න කියල. මමත් ඉතිං මුකුත් නොදන්න ගානට අනිත් අයට කජු ඇල්ලුව. අම්ම ආපහු ආපු ගමන් ඇහුවෙ කොහෙන්ද මේ කජු කියල. මමත් ඉතිං බොහොම අහිංසක විදිහට කිව්වව මාස දෙකක පොකට් මනී එකතු කරල ඒකෙන් කජු 100ක් ගෙනාව කියල. හතර දෙනාම (පුංචිත් ඒ කාලෙ අපි ගෙදර ) කජ්ජක් දෙකක් අරගෙන වැඩි හරිය මට ඉතුරු කරා. පවුනෙ පොඩි එකා. මමත් TV බල බල මගේම කියල සල්ලිවලට ගත්තු කජු ටික රස කරකර කන්න ගත්ත.

ඊලඟ දවසෙ ඉතුරු කජු බෑග් එකත් ඇල්ලුව. එදා අම්ම ෆ්‍රිජ් එක චෙක් කරන්න ගියෙත් නෑ. නිකමට ඇහුව කොහෙන්ද කියල.මම කිව්ව ඉතුරු කරපු සල්ලි වල ඉතුරු බාගෙන් තමයි මේ කජු ටික ගත්තෙ කියල. එදත් වැඩි කොටහ මට. මගේ යක්ශ ප්ලෑන වැඩ කරයි වගේ.

ඔන්න ඊට පස්සෙ දවස තමයි මගේ ගේම දෙන දවස. එදා කලින්ම ෆ්‍රිජ් එකේ තිබුනු කජු ටික ඊට කලින් දවසෙ කජු කාල ඉතුරු කරපු බෑග් එකට දාල,හිස් කජු බෑග් එක තිබුනු තැනම තිබ්බ.නිතරම ෆ්‍රිජ් එක අරින වහන වෙලාවට කජු ටික පේන්න තිබුනොත් පොඩි එකාට කන්න හිතෙයි කියල බයටද කොහෙද අම්ම කජු තියන්නෙ ෆ්‍රිජ් එකේ යටම හරියෙ වැඩිය නොපෙනෙන තැනක. කජු ටික තියෙන්වද කියල විශේෂයෙන් බැලුවොත් මිසක් නිකන් ෆ්‍රිජ් එක අරින වහන වෙලාවට කජු ටික තියෙන්වද නැද්ද කියල පේන්නෙ නෑ.

රෑ කට්ටියම TV බලන වෙලාවට හිමීට ගිහිල්ල ඇල්ලුව කජු බෑග් එක. සුපුරුදු විදිහටම අහනවනෙ කොහෙන්ද කියල. බොරුත් නොකියවෙන විදිහට සිරා උත්තරයක් රෙඩි කරගෙන තම්යි හිටියෙ.
"කලිංම ගෙනැල්ල ෆ්‍රිජ් එකේ දාල තිබුනු කජු"
කවුද ගෙනාවෙ කියල ඇහුවෙ නෑනෙ.... හික්ස්...
සුපුරුදු විදිහටම හැමෝම ටික ටික අරගෙන වැඩි කොටහ මට ඉතුරු කරා. පවුනෙ අහිංසක පොඩි එකා.

එතකොට අම්ම කියනව "මේ කජු කලින් දවස් දෙකේ කාපුවට වඩා රසයි. මීට පස්සෙ කජු ගන්නවන්ම් මේ කජු ගත්ත කඩෙන්ම ගන්න"කියල.
අම්ම කෑම හදන්න දාන්නෙ ඉස්තරම්ම බඩුනෙ.
අම්ම කජු ගන්න කඩේ දන්න නිසා මමත් "හාං!!!!" කිව්ව.

මට ෆුල් සැටිස්. මගේ ප්ලෑන හිතුවටත් සඩා හොඳට වැඩ කරා. දැන් තියෙන්නෙ රිසල්ට් එනකන් ටිකක් ඉවසීමෙන් බලං ඉන්න එක විතරයි.

පහුවෙනිද සෙනසුරාද නිවාඩු දවස. ශිෂ්‍යත්ව පන්ති පටන් ගන්න කලින් අම්මල කෑම හදන්න ගන්නවනම් හොඳයි. මටත් ඕන වෙලා තිබුනෙ මං ගෙදර ඉන්න වෙලාවකම වැඩේ පත්තු වෙනව බලන්න. එතකොටනෙ Live Show එකත් සමග උපරිම රසය විඳින්න පුලුවං.

ඔන්න අම්මයි අක්කයි පුංචියි කුස්සියෙ බිබික්කං (පොල් කේක්) හදන්න ලේස්ති වෙනව. තාත්තත් ඒ පැත්තෙම වෙන මොකක්ද වැඩක්. මතක නෑ මොකක්ද වැඩේ කියල. ෆුල් ඕඩියන්ස් එකම කුස්සියෙ. මම සාලෙ TV බල බල හිටියට කණ තිබුනෙ කුස්සියෙ. කොයි වෙලාවෙ වැඩේ පත්තු වෙයිද කියල හිත හිත ඉන්නකොට ඔන්න ඇහෙනව........
පුතා..... කොල්ලෝ............මෙහාට එනව!!!!

කටහඬේ සංඛ්‍යාතය තීව්‍රතාවය ධ්වනි ගුණය සේරම හරි. ලෙඩේ තමයි. කොච්චර එඩිතරව ගේම් දුන්නත් දැන්නම් හිතට ටිකක් බයයි. ඒත් ඉතිං කුම්බිලා මාලු කෑවානම් දිරවාපන් පූසියෝ කියල මමත් බිවු මවු කිරියි කෑ කිරි කජුයි මතක් කරකර කුස්සියට ගියා.
"කෝ මේකෙ තිබුණු කජු බෑග් එක?"
"ඔය තියෙන්නෙ බෑග් එක"
අම්මගෙ කට කොනට පොඩි හිනාවක් ආව. බරපතල ජීවිත හානි නැතුව ශේප් වෙන්න පුලුවන් වගේ.
"කෝ එතකොට බෑග් එකේ තිබුණු කජු ටික?"
"ඇයි හැමෝම ඊයෙ TV බලන ගමන් කෑවෙ. අම්මමනෙ කිව්වෙ හොඳට කිරි රහට තියෙනව කියල."
කට්ටියම ලාවට හිනා වෙනව. අම්මටත් ටිකක් හිනා.
"එතකොට බොරු කිව්වෙ මොකද ඔයා ගෙනාව කියල?"
"මම කියපු බොරුවක් නෑ. කලිං ගෙනැල්ල ෆ්‍රිජ් එකේ දාල තිබුණු ඒව කියල කිව්වනෙ. අම්ම ඇහුවෙ නෑනෙ කවුද ගෙනාවෙ කියල."
දැන් හැමෝම හිනාව තදකරගෙන ඉන්නව. මගෙත් බ‍ය ටිකක් ගියා. ඒත් නඩුව තාම ඉවර නෑ.
"එතකොට කලිං දවස් වල කාපු කජු?"
"ඒව මම එකතු කරපු සල්ලි වලිං ගත්තු කජු. තනියම කන්න හොඳ නැති නිසා තමයි හැමෝට්ම දීල කෑවෙ."මම පොඩි බටර් පාරක් දැම්ම.

මටත් මේ වෙනකොට තේරිලා තිබුනෙ මට කජු කන්වටත් වඩා ඕන උනේ ගෙදර පොලිස්කාරියට පොඩි පහේ ගේමක් දෙන්න කියන එක.
අම්මටත් මුකුත් කියන්න බෑ. ඇයි අම්මත් කජු කෑවනෙ. නිකංද,හොඳට කිරි රසයි කිය කිය.

අම්ම අනුමානෙට හිතන්න ඇති මගේ ප්ලෑන මොකක්ද කියල. ගැහිලි බැනිලි අවවාද දීම් මුකුත් නැතුව මගේ ගේම කෙළවර උනා. හැබැයි බිබික්කං කන්න සිද්ධ උනේ නම් කජු නැතුව. මට මොකෝ..!!!! මම කොහොමත් කැමති ඔය දෙක වෙනවෙනම කන්නනෙ.

මට ඒ වෙනකම් දාල තිබුනු බිග් මැච් බලන්න යෑමේ තහංචිය ඒ අවුරුද්දෙ ඉඳල ඉවත් වුනා. ඒ වගේම තනියම බස් එකේ යෑමේ අවසරයත් ලැබුන. මොකද ඒ කෙස් එකෙන් පස්සෙ අම්මට තේරෙන්න ඇති මට මං ගැන බලාගන්න පුලුවන් විත්තිය.
හැබැයි මේකෙන් ලබුනු හොඳම දේ තමයි හැම මාසෙම පඩි දවසට මටයි අක්කටයි පුංච්ටයි කන්න වෙනමම කජු ටිකක් ලැබිච්ච එක. ඒ ඩබලටත් හොඳ කුට්ටිය. මගේ පහනෙන් එලිය බලන්න.

හැබැයි මගේ ගේම මුල ඉඳල ප්ලෑන් කරපු හැටි පවුලෙ හැමෝටම විස්තර සහිතව කිව්වෙ මේ සිද්ධියෙනුත් අවුරුදු ගානකට පස්සෙ ලයිට් ගියපු වෙලාවක හැමෝම ඉස්තෝප්පුවෙ ඉඳං ආගිය කතා කියනකොට තමයි. අම්මට මොනව හිතෙන්න ඇත්ද.. හික්ස්!!!!!!

16 comments:

Grey said...

lol..uba yakaage porakne bun...

madhushika kaushalya said...

mm

Praසන්ன said...

කජු වලට වඩා රසවත් කතාව.

දිල් said...

හික්ස් .....බලාගෙන ගියාම හොර ගෙඩියෙක් නෙ.....
හරිම ෂෝක්....

Jay said...

නියම කතාව.
:D

චේජනා said...

mmm.. superb plan..

මතක මංපෙත said...

ඔය පොඩි කාලෙ ඔයවගේ නාහෙට අහන්නෙ නැන්ති වැඩ කලාට දැන්නම් අපි ඉන්නෙ හොඳ සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ
හික්ස්..!!!!!!!!!

Raven said...

හෙහෙ..මරු ප්ලෑන් එක.

Anonymous said...

කජු කැමත් ලේසි නැහැ. ගුට් කැමෙන් බේරුන එකනම් හරිම අගෙයි.

Anonymous said...

සැලසුම් කරන ක්ෂේත්‍රයක නේද ඉගෙන ගන්නෙ? පොඩිකාලෙ කළා වගේම සැලසුම් කරන රැකියාවක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!

හා පැටික්කි (MS) said...

මරු ප්ලෑන....
මටත් මතක් උනා පුංචි කාලෙ කජු හොරෙන් කාපු හැටි.... අපේ නම් සල්ලි වලට අරන් නෙමෙයි වත්තෙ හැදෙන ඒවා අම්ම පණ කඩන් සුද්ද කරල..... (දන්නවනෙ ඒක කන තරම් ලේසි නෑ....)

අපරාදෙ කියන්න බෑ අපෙ අම්ම කොච්චර හොඳද කියනව නම් ඒව බැදල බෝතල් වල දාල අරන් තියන්නෙ මං නිදා ගත්තු කාමරේමයි...... ඉතුරු ටික ඕන්නෑනේ ඉතින්...... :D :D :D :D

මතක මංපෙත said...

@ wath
මම කරපු දඟ වැඩ වල හොඳ පැත්ත අම්ම දැක්ක නිසාද කොගෙද අම්ම මට ගැහුවෙ බොහොම කලාතුරකින්. ඒකත් රිදුනෙ ඇඟට වඩා හිතට.

@ nadeesthoughts
දැන්නම් ඉගෙන ගන්නෙ Network සැලසුම් කරන හැටි. ඒකත් මට කජු කනව වගේ තමයි. සිරා ගේමක්.. හික්ස්....

@ හා පැටික්කි (MS)
හා.....පෝ.....
ගෙදර හැදෙන කජු නම් අම්මට පේන්නවත් තිබ්බෙ නෑ. ඒව මායි අක්කයි එකතුවෙලා වෙනමම වේලල පලාගෙන කෑව. අවුරුද්දකට සැරයක් අපි දෙන්නගෙ අතයි කටයි හම යන සීසන් එකක් එනව. හික්ස්!!!

Machan said...

මාර ඩයල් එකනේ බන් උඹ.......

මම said...

අයියෝ මෙයානම් හරිම හොර ගෙඩියෙක් තමා.අනේ පව් අප්පා අම්මා.කොහොමම උනත් කතාව නම් හිනා වෙවී කියෙව්වා.මට අපෙ අයියාගේ පුතාව මතක් උනා. ඌත් කරන්නේ ඔය වගේම වැඩ.තාම අවුරුදු 9 යි.ඒත් මේකා මාර ගේම් දෙන්නේ...(අපරාදේ කියන්න බෑ කෑම ජාති වලට විතරයි)

මතක මංපෙත said...

@ මචං
ආයෙත් අහල!!! හික්ස්!!!!

@ මම
එහෙනම් අයියගෙ පොඩි එකාටත් පස්සෙ කාලෙක මතක්ක කර කර හිනාවෙන්න දේවල් ගොඩක් තියේවි.

දුකා said...

adoooo daga daasa . . mata marenna hinaa meka kiyola . . mage kollath oya uba wagema dagayaek wai wage uu me awurudu 2hamaare di karana wada dakkama hitenne . . . . mama balala iwara welaa wife ekkath kiyo kiyo hinaa wunaa ube wada gana . . ..

Post a Comment