මමත් දවස ගානෙ අලුත් පෝස්ට් තියෙනවද කියල බලන බ්ලොග් 15 විතර තියෙන්ව. මේව කියවගෙන යන අතරෙ මටත් ඉස්සර කාලෙ සිද්ධ වුනු රසවත් සිදුවීම් ටිකක් බ්ලොග් එකක ලියන්න හිතුන. ඒත් ඉතින් බ්ලොග් කෙරුවාවත් බාලගිරි දෝසෙ වගේම ටිකෙන් ටික කල් ගියා. අනික මට ලස්සනට ලිවීමේ විශේෂ හැකියාවකුත් නැති නිසා මම ලියන දේවල් කවුරුහරි කියවයිද ඉයල හිතේ පොඩි සාංකාවකුත් නොතිබුනාම නෙවෙයි.
ඔන්න ඔහොම දෙගිඩියාවෙන් ඉන්න අතරෙ තමයි මේ කාලෙ ආවෙ.මේ තමයි මම රස්සාවක් හොයාගන්න මහ්න්සි වෙන කාලෙ. මෙහේ ( ජපානෙ )ලංකාවෙ වගේ තමන් කැමති තැනකට ඉල්ලුම්පත් දාල සම්මුඛ් පරීක්ෂණයකට ගියහම දෙකෙන් එකක් තීරණය වෙනව වගේ සරළ ක්‍රමයකට රස්සාවල් හොයන්න බෑ. සමාගම් කීපයකටම ඉල්ලුම්පත් දාල, විභාග ලියල, පියවර කීපයකින් තියෙන සම්මුඛ් පරීක්ෂණ වලට ගිහිල්ල හරි කෙලියක් කරන්න තියෙනව.
ඔය කෙලිය ඉතින් ගෙදර ඉඳන් කරන්න බෑ නෙ. මම ඉල්ලුම්පත් දාපු හැම සමාගමක්ම ටෝකියෝ වල තිබුනු නිසා මටත් ඔය පින්තූරෙ ඉන්න කස්ටිය අතරට මිශ්‍ර වෙලා සතියට දවස් 4-5 විතර ටෝකියෝ වල කරක් ගහන්න සිද්ධ උනා.

අපේ කොල්ලො කෙල්ලො ඔය බම්බ යන්ව වගේ තමයි මෙහේ අය Shibuya යන්නෙ.)
හෙම යන එන අතරෙ දවසට පැය 2 කටත් වඩා Train එකේම ගත වෙනව. කොටින්ම කිව්වොත් පෙබරවාරි 18 වෙනිද ඉඳල අද අප්‍රේල් 15 වෙනකන් මගේ ගමන් ගාස්තු විතරක් යෙන් 60,000 කත වැඩියි. රුපියල් නම් 70,000 කට වැඩියි.
ඔහොම Train එකේ යන එන අතරෙ ඉස්කෝලෙ යන කාලෙ කරපු දේවල්, පොඩිකාලෙ කරපු කුපාඩි වැඩ වගේ සිද්ධි මතක් කරකර තනියම හිනාවෙනගමන් පොඩි නෝට් එකක ලියාගත්ත. බාලගිරි දෝසෙටත් තිත තියල මේ මතකයන් ටික බ්ලොග් එකක ලියන්න ඕන කියල හිතුනු නිසා තමයි මේ බ්ලොග් එක පටන් ගත්තෙ.
මතක මං පෙතේ මුල්ම මතකයත් අරගෙන මම හෙට අනිවාර්යයෙන්ම එනව. ඒ අතරෙ මේකට ගොඩ වෙලා ගිය අය පහලින් තියෙන කොටුවෙ මොනව හරි ලියල යන්න අමතක කරන්න එපා.
එහෙනම් හෙට නැවත හමුවනතුරු සයොනරා!!!
8 comments:
කවුරු හරි කෙනෙක් මට කියනවද dumriya (Train) කියන එක කොහොමද Realtime Unicode Converter එකෙන් ලියන්නෙ කියල.
dumriya කියල type කරහම පෙන්නන්නෙ "දුම්රිය" කියල.
දිගු ගමනකට කෙටි සුභ පැතුමක් මගෙන්
කෝච්චිය කියලා ලිව්වා නම් ඉවරනේ සහෝ. "දුම්රිය" කියලා ලියන්න බැහැ තමා
@ Hasitha
අද ඉඳල "කෝච්චිය " කියල ලියන්නම්. ඒත් සහෝ උඹ "දුම්රිය" කියල ලිව්වෙ කොහොමද?
කොහොමද ටිකිරි මොලේ. :) :) :)
මුලින්ම http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html පාවිච්චි කරලා දුම් රිය කියලා වචන 2 ක් හැටියට type කලා. පස්සේ ඒක copy කරලා comment කරන්න තියෙන box එකේ paste කරලා රිය කියන තැන ඉදන් දුම් කියන තැනට වෙනකම් backspace කලා.
ඔච්චරයි.
@ Hasitha
මගේ අනිත් ලිපියෙ Comment එකක තිබුණු
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/ ලින්ක් එකෙන් ලියන්න පුලුවන්. ඒ කොහොම උනත් ටිකිරි මොලේ නම් එල.
දුම්රිය
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
dhumriya
ඔන්න ඔහොමයි ලියන්නේ..... :)
ජපානේ කොහෙද මචෝ උඹ ඉන්නේ....?? මගේ පුංචි අම්මාත් ඉන්නේ ජපානේ.... යාලුවෝ දෙතුන් දෙනෙකුත් ඉන්නවා ජපානේ....!!
@ Uraj Deemantha
මම ඉන්නෙ Kanagawa කියන ප්‍රාන්තෙ.Tokyo වලට කෝච්චියෙන් පැයයි.
Post a Comment