Wednesday, August 04, 2010

නෑ.. මේ... පොඩි ගැම්මක් ගන්නෙයි කියල!!!!!!!



ගිය මාසෙ මම දාල තියෙන්නෙ එකම එක පෝස්ට් එකයි. මේ යන විදිහට ගියොත් මගේ බ්ලොග් එකත් මාස 4කින් 5කින් මැරිල යන හතු බ්ලොග් එකක් වෙයිද දන්නෙ නෑ. මොකද මේක පටන් ගෙන තාම මාස 4යිනෙ.
මොන පිස්සුද!!!!!
කොහොමටවත් එහෙම වෙන්න දෙන්නෙ නෑ. මට ලියන්න දේවල් තව කොච්චර තියෙනවද. මගේ මතක මංපෙතේ මම තාම බොහොම ටික දුරයි ඇවිද්දෙ. ඉතුරු ටිකත් යන්න ගැම්මක් ගන්න කියල හිතාගෙන තමයි මේ පෝස්ට් එක ලියන්නෙ.

පහුගිය කාලෙනම් වැඩ කන්දරාවක් තිබුන.
එක පැත්තකින් මගේ රිසර්ච් එක. මේ අවුරුද්දෙ ඔක්තෝබර් වෙනකොට රිසර්ච් එක ඉවර කරල රිපෝට් එකත් ඉවර කරන්න කියල ප්ලෑන් කරගෙන හිටියට තාම රිසර්ච් එක ඉවරවෙන මානයක් වත් පේන්න නෑ. ඒත් ඉතින් ඒකත් කොහොම හරි ඉවර කරන්නත් ඕනනෙ.
තව පැත්තකින් ට්‍රේනින්. අන්තිම පෝස්ට් එක දාන්න කලින් සති 4ක ට්‍රේනින් එකකට දුර ගිහිල්ල ආව විතරයි. මේ ලියන්නෙත් ගිය 19 වෙනිද ඉඳල සති දෙකක් ට්‍රේනින් වලට දුර ගිහිල්ල ඇවිල්ල.
සති දෙකේ ට්‍රේනින් එක ඉවර වෙලා ආපු ගමන්ම මම කියවන බ්ලොග් සේරම ටික එක හුස්මට කියෙව්ව.
දැන් තමයි කියවල ඉවර වෙලා හුස්මක් කටක් ගත්තෙ. හැබැයි එක දිගට කියවගෙන ගියපු නිසා කමෙන්ට් නම් දැම්මෙ නෑ ඕං.
ඒ සති දෙකේ ට්‍රේනින් එක නම් එපා උනා. වැඩකට ඇති දෙයක් කෙරුනෙත් නෑ. ඒ උනාට ජොලියෙ නිකං ඉන්න ලැබුනෙත් නෑ. හරියට "නටපු නැටුමකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ වගේ" (මගේ නම් පලුවක් නැති උනේ නෑ හොඳේ )
ඒ මදිවට රස්නෙ!!! මම ගියේ වැඩිය ලොකු නගරක් නොවන ෆුකුශිම කියන නගරයට. මම් එහේ ඉඳපු දවස් වල පරිසර උෂ්ණත්වය සෙල්සියස් 37යි. එලියට බහිනකොට නිකං ස්පා එකකට ගියා වගේ. මැදපෙරදිග පැත්තෙනම් මීට වඩා ගොඩක් රස්නෙ ඇති. ඒත් ආර්ද්‍රතාවය වැඩි නිසා මෙහේ රස්නෙ හොඳට ඇඟට දැනෙනව.

දැන් ඉඳල 23 වෙනිද වෙනකන් නම් සමර් වැකේශන් එක. ඒත් රිසර්ච් එක තියෙන නිසා නිවාඩු පඩුවෙ ඉන්න වෙලාවක් නෑ.
අනික මට නිකං ඉන්න බැරි නිසා ඊලඟ සතියෙ ෆුජි කන්ද නගින්න කියලත් හිතාගෙන ඉන්නව. ජපානෙට ඇවිල්ල අවුරුදු 4ක් උනත් තාම ෆුජි කන්ද නගින්න බැරි උනු නිසා මේ පාරවත් නගින්න කියලයි හිතාගෙන ඉන්නෙ.
ඒකෙ විස්තර ඉතින් ගිහිල්ල ඇවිල්ලම ලියන්නම්කො.

ඒ අතරෙ පහිගිය කාලෙ අලුත් පොත් 3කුත් කියෙව්ව.
ඒකෙ නම් ස්තුතිය චේඡනා අක්කට. එයාගෙ බ්ලොග් පෝස්ට් එකකින් තමයි මම Indu Sundaresan කියන කතුවරියගෙ The Twentieth Wife කියන පොත ගැන දැනගත්තෙ.
ඒ පොත ගැන Amazon එකේ සර්ච් කරල බලනකොට එයාගෙම තවත් පොත් 2 ගැන විස්තර තියෙනව දැක්ක.
The Twentieth Wife එකේ දෙවනි කොටස විදිහට ලියපු The Feast of Roses කියන පොතයි ලස්සන් ආදර කතාවක් ගැන කියවෙන The Splendor of Silence කියන පොතයි.
පොත් දැක්කහම මටත් නිකං ඉන්න බෑනෙ. සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව ඕඩර් කරා පොත් තුනම.
පොත් තික අරගෙන නික්න් ඉන්න බෑනෙ. කියෙව්ව පොත් තුනම එක හුස්මට.
මම නම් පොත් තුනෙන් කැමතිම පොත තමයි The Splendor of Silence.
ඒකෙ තියෙන්නෙ මෙතෙක් මම කියවල නැති විදිහෙ අමුතුම ආදර කතාවක්. මම ඒක ගැන මෙතන විචාරයක් ලියන්න යන්නෙ නෑ. ඒත් ඇයගෙ පොත් මේ කෙටි කාලය තුල භාෂාවන් 17කට පරිවර්තනය වෙලා තියෙනව කියන එකෙන්ම ඒ පොත් වල තියෙන සාර්ථක බව හිතාගන්න පුලුවන්නෙ.
මේ කතුවරිය ලියපු තවත් පොත් දෙකක් මුද්‍රණය වෙලා තියෙන්ව. ඉක්මනටම ඒ දෙකත් අරගෙන කියවන්න කියල තමයි හිතාගෙන ඉන්නෙ.

ඔන්න එහෙනම් මම මේ පෝස්ට් එක මෙතනින් නවත්තනව. ඒ උනාට මේ බ්ලොග් එකට මැරෙන්න දෙන්නෙත් නෑ, දියාරු වෙලා යන්න දෙන්නෙත් නෑ. හා පැටික්කි නම් කියල තිබුන ගණිතයට අනුව එයාගෙ බ්ලොග් එකත් සැප්තැම්බර් වලින් ඉවර වෙනව කියල. ඒ උනාටැ බ්ලොග් එකකට එහෙම ලේසියෙන් සමු දෙන්න බෑනෙ.
හා පැටික්කිත් එහෙනම් මේ ගැම්මෙන්ම ආයෙත් ලියන්න පටන්ගමුකෝ....

ඉක්මනටම මගේ ඊලඟ පෝස්ට් එකත් දානව කියන පොරොන්දුව පිට අදට නවතිනව.
සයොනරා!!!

13 comments:

දිල් said...

යන්තම් ඇවිත් ඔන්න මේ පැත්තට..මාගලක් වගේ එකක් ලියලා තියෙන්නේ. හුඟාක් කාර්‍යාබහුලයි වගේ නේද.....

Jay said...

අම්මෝ කාලෙකින්..
බොහොම සතුටුයි..
:)

මතක මංපෙත said...

@දිල්
ඔව් අක්කෙ. ඒත් ඉතින් බොහොම ආදාවෙන් ලියාගෙන යන් බ්ලොග් එක නවත්තන් බෑනෙ. අද ඉඳල ආයෙත් පරණ ට්‍රැක් එකටම එන්ටර් වෙන්නයි කල්පනාව. බලමු හරියයිද කියල.

@Ansh Lucky Sri Jay
මේක ලියන්න පුලුවන් වුනු එකට මටත් මාර කික්!!!! හික්ස්!!!

Shadow/හේමලයා said...

තැන්කූ ඔත්තුවට....හොයාගන්න බලන්න ඕනැ අර කියපු පොත් ටික.....:)

මතක මංපෙත said...

@Shadow/හේමලයා
කියවන්න අකියවන්න. ගෙවපු මුදල අපතේ යන්නෙ නෑ කියන එකට මම වග කියනව.

හා පැටික්කි (MS) said...

ආහ් ඔය මගේ ගෙවල් පැත්තෙත් ඇවිත් ගිහින් තියෙන්නේ අයියා....
මට අයියව මේ සති ටිකේම මතක් උනා.... මොකද සතියට අයියගේ ෆේවරිට් කජු 500g වෙන්න මේ මාස ටිකේ මාසෙට දෙතුන්පාරක් තනියම වග කිව්ව. :D :D :D :D
කොහෙද අයිය හිටියනම් දෙක තුනක් වත් දෙනව.... ;) හිකිස්....

මේ යන තාලෙට මට සැප්තැම්බරේට ඒකම තමා කරන්න වෙන්නෙ.... ෆූ........ :( :( :( :( අයියට දැනෙන රස්නෙ මොනවද මේ දවස් වල මම ඉන්න රස්නෙත් එක්ක බැලුවම........ :o :o

Praසන්ன said...

ෆූජි කන්ද නගින්නෙ කූල් වෙන්නද?
බ්ලොග් එක නවත්තන්න එපා. කොහොමහරි දිගටම ලියන්න.

මතක මංපෙත said...

@හා පැටික්කි (MS)
ඔන්න ඉතින්!!!! මෙච්චර හොඳට ඉවසීමෙන් සැනසීමෙන් ඉන්න මට කජු ගැන මතක් කරල වැඩේ වරද්දගත්තනෙ. මටැ සැනසිල්ලෙ ඉන්න දෙන්නෙම නෑනෙ.
දැන් ඉතින් සුපර් මාකට් එකට ගිහිල්ල කජු හොයපල්ලකො. ඒත් ඉතින් ග්‍රෑම් 500ක් කන්න වෙන්නෙ නම් හීනෙන් තමයි.
ඇත්තටම නංගියෙ මොකක්ද ඔයරස්නෙ? විභාගෙද?
ඔය කූල් වෙලා ඉන්න වෙලාවක් බලල රිප්ලයි එකක් දෙන්නකො.

මතක මංපෙත said...

@ Praසන්ன
ෆුජි කන්ද නගිනකොටනම් කූල් වෙනව තමයි. හැබැයි ඇඟ නෙවෙයි බොක්ක!!!

Hasitha Gunasinghe said...

හා හා ලියමු ලියමු අයියා එහෙමනම් :)

දුකා said...

අනේ කොල්ලෝ කලින් පෝස්ට් එකත් කියෙව්වාට කමෙන්ට් එකක් දාන්න වෙලාවක් ලැබුනේ නෑ . .

මාත් මේ ටිකේ දුවන්නේ මාර ගේමක් . .

ඔෆිස් එකේ පොඩි නිවාඩුවක ගූගල් රීඩරේට ගිහින් පෝස්ට් කියවන්වා ඒත් කමෙන්ට් කරන්න වෙලාවක් ලැබෙන්නේ නෑ . .

ඔය අතරේ කොහොම හරි වෙලාව හදාගෙන පෝස්ට් එකකුත් ලියනවා . ..

සමාවෙන්න ඕන . . බලමු ඉස්සරහට මීට වැඩිය නිදහසක් ලැබෙයිද කියලා . .

මතක මංපෙත said...

@ Hasitha
ඊලඟ එක ලියාගෙන යනව

@ දුකා
ඔය දුවන ඒව දුවන ගමන් තේ විවෙකයෙදි වගේ මේ පැත්තෙ ඇවිල්ල ගියහම ඇති.
මම මේල් එකක් ඒවල ඇති. පොඩ්ඩක් කියවල බලනවද?

හා පැටික්කි (MS) said...

ඔව් ඔව් ඒ ඉලව්ව තමයි.........

ඔන්න අයිය පවු නිසා මම මේ සතියටම කජු දිහාවේ බැලුවෙවත් නෑ........... හිකිස්...... :D :D :D :D

Post a Comment