
දෙන්න දෙන්න....
පිල් දෙකකට බෙදිල.....
ගහන්න නම් සෙට් උනේ ඕමියක්!!!!!
"මචං, මට කෝල් එකක්....."
අරූ මට කියාපි.....
"ඔයාල වෙන සෙල්ලමක් පටන් ගන්න...."
ඌම එකියකට කියාපි.......
"එහෙනං ඉතිං හත් වාසියක් වත් ගහමු....."
තුන් වැන්නිය කියාපි!!!!!!
"මුල් අත මටයි වාසි...."
හාරතේ තුරුම්පු කොල ටික.....
මා සමග සිනාසෙයි!!!
තුරුම්පු හරියට ගැහුවොත්.....
මම පරදින්නෙ නෑ!!!
ඒත්....
සිතයට හීන් චකිතයක්!!!
ඊලඟ අත බාල්දු අතක් උනොත්????
කා සමග එක්ව...
කා හට එරෙහිව...
බාල්දු කොල ගහන්නට සිදුවෙයිද????
අනේ මටත් කෝල් එකක් එනවනං!!!!!!!!
Locus of control
1 day ago




2 comments:
"අනේ මටත් කෝල් එකක් එනවනං!!!!!"පට්ටම පට්ට..තුරුම්පු කොච්චර තිබ්බත් චකිතයනම් නැතිවෙන්නේ නෑ පුතෝ......:)....
@ Shadow/හේමලයා
කවුරු හරි මට ඉහලිං තුරුම්පු කියනකං මම බේරි!!!!!
Post a Comment