Thursday, June 17, 2010

දොස්තර, මම සහ කොකා කෝලා......

අද පරණ කතාවක් ලියනව ලියනවමයි කියල ඊයෙ පොරොන්දු උනානෙ. ඒ පොරොන්දුව රකින්නත් ඕන නිසා ඔන්න අද ලියනව මම පොඩිකාලෙ වෙච්ච තවත් කේස් එකක් ගැන.
මේක උනේ මම 2,3,4 වසරෙ ඉන්න කාලෙක. ඉස්කෝලෙ යන,ඒත් පොඩි පන්ති වල ඉන්න කාලෙ කියල විතරයි මතක. හරියටම වුරුද්ද මතක නෑ. කොහොම හරි කතාවට එන්ටර් වෙන්න කලින් සුපුරුදු විදිහට පසුබිම හදල ඉන්නම්කො.

පොඩි කාලෙ මම කූල් බීම ජාති, ගණිතය සර් කියන විදිහට කියනව නම් පැණි බීම ජාති බොන්න හරිම කෑදරයි. මොන පොඩි එකාද ඒව බොන්න අකමැති. තාමත් ඒ කෑදර කම සම්පූර්ණයෙන්ම නැති වෙලා නෑ. මේ දැන් ලියන ගමනුත් ෆැන්ටා එකකට වග කියමින් තමයි ඉන්නෙ. හික්ස්!!!
ඒ කාලෙ මගේ ප්‍රියතම බීම වර්ග ටික තමයි අලියා ලෙමනේඩ්, කොකා කෝලා, ෆැන්ටා, ස්ප්‍රයිට්, පෝටෙලෝ. තව ලා කොල පාට අලිය බීම ජාතියක් තිබුන, ඒත් නම මතක නෑ. මේ කියන්න අවුරුදු 15කට විතර කලින්.ඕනම වලියක් සමගියෙන් සමාදානෙන් බේරගන්න ඕන නම් මට පගාව විදිහට බීම එකක් අරගෙන දෙන්න නිතරම තාත්තට සිද්ධ වෙනව. ඇඟට කොච්චර අගුණ උනත් ඉතින් මොනව කරන්නද. මාව අවුස්ස ගත්තොත් අහල පහල අයත් ඉඳල ඉවරයිනෙ.

ඒ වගේම තමයි පොඩි කාලෙ ඉඳලම මට නිතරම සෙම් රෝග හැදෙනව. ඉපදිච්ච ගමනුත් දවස් ගානක් වීදුරු පෙට්ටියෙ හිටි‍යැයි කියල කියන්නෙ. ඔන්න මට ඒක නම් මතක නෑ....
ඉතින් මේ විදිහට සෙම තියෙන එකා නිතරම කූල් බොන්න ගන්නව කියන්නෙ ඉතින් ආයෙත් අහන්න දෙයක්ද. මාසෙකට දෙකකට සැරයක් ලොකුවට ලෙඩක් හැදෙනව මයි. ඒත් වැඩේ කියන්නෙ ඉස්කෝලෙ නොගිහින් ඉන්න තරම් සිරාවට ලෙඩේ වැඩි වෙන්නෙ නැති එකනෙ. එහෙම උනා නම් කොච්චර ආතල්ද.

ඉතින් මෙහෙම ලෙඩ වෙනකොට මාව එක්කරගෙන යන්නෙ ඒ කාලෙ ගාල්ලෙ හිටපු ප්‍රසිද්ධ ළමා රෝග විශේෂඥයෙක් වුනු දොස්තර හරේන්ද්‍ර සිලව ලඟට. ඒ කාලෙ එයා ගාල්ලෙ නම් ප්‍රසිද්ධයි. පස්සෙ කාලෙක ගාල්ලෙන් කොළඹට ඇවිත් TV එකෙත් එක එක වැඩසටහන් වලට පෙනී හිටින්න පටන් ගත්තට පස්සෙ තමයි ගොඩක් ජනප්‍රිය උනේ. නිකමට ගූගල් කරල බලනකොට තමයි දැක්කෙ දැන් එයා මහාචාර්ය කෙනෙක් කියල.
ඉතින් මට අසනීප වෙච්ච ගමන් තාත්ත ගිහිල්ල එයාව චැනල් කරන්ව. කොටින්ම කිව්වොත් මම එයාගෙ හොඳම කස්ටමර් කෙනක්. එයාට මගේ නම හිටන් හොඳට කට පාඩම්. හමදාම බෙහෙත් දුන්නෙත් කටපාඩමෙන්ද දන්නෙ නෑ. හික්ස්!!!

ඒ වගේම තමයි දොස්තර හරේන්ද්‍ර මහත්තයට තිබුන අතඇරගන්න බැරි එක පුරුද්දක්. ඒක තමයි හමදාම ලෙඩ්ඩු බලන වෙලාවට කොකා කෝල එකක් මෙසෙ උඩ තියාගෙන ස්ට්‍රෝ එකෙන් ටිකෙන් ටික බොන එක. මම බෙහෙත් ගන්න යනකොට හැමදාම ඔය කොකා කෝල එකනම් වරදින්නෙ නෑ.
අනිත් පොඩි එවුන් බෙහෙත් ගන්න ගියහම දොස්තරගෙ වෙද නලාවයි( ස්තෙතස්කෝප් ද මොකක්ද කියන්නෙ ) ,ටෝච් එකයි අරකයි මේකයි හැම එකම මැජික් බලන්ව වගේ බලනවනෙ. මට නම් ඔය මොකක්වත් වැඩක් නෑ, මම ගියපු ගමන් බලන්නෙ කොකා කෝල එක දිහා.
මුල් හරියෙ නොම්මරයක් ලැබුනොත් මම යන වෙලාවට බෝතලේ ෆුල්. අන්තිම හරියෙ නොම්මරයක් නම් ඉතින් ඉවර වෙන්න ඔන්න මෙන්න. පැය දෙකක් තුනක් තිස්සෙ ඕක කොහොම බොනවද මන්ද.
වැඩේ කියන්නෙ මේ මනුස්සය කොකා කෝල එකෙන් උගුරක් බොන ගමන් තමයි තාත්තට කියනෙ මට කූල් ජාති එහෙම බොන්න් දෙන්න එපා, අයිස් ක්‍රීම් කන්න දෙන්න එපා කියල. මට ඒ කාලෙ ඕකට මාර ජුවල් (මාරයියගෙ ජුවෙල් එහෙම නෙවෙයි ඔන්න )
වෙන වැරැද්දක් නම් නෑ. හැමදාම බොහොම කරුණාවෙන් කතා කරල ඉස්කෝලෙ විස්තර එහෙමත් අහන ගමන් තමයි බෙහෙත් දෙන්නෙ. අනික මමත් ඉතින් රෙගියුලර් කස්ටමර් කෙනෙක්නෙ. හැමදාම පොඩි පෙප් ටෝක් එකක් දානවමයි.

ඉතින් ඔහොම යනකොට එක දවසක් මෙයා මගෙන් ඇහුව ලොකු උනහම කවුරු වෙන්නද කැමති කියල. ඕනම වැඩි හිටියෙක් පොඩි එකෙක්ගෙන් අහන බොහොම සරළ ප්‍රශ්ණයක්නෙ.
ඒත් ඉතින් කොට්ටෝරුවට වරදින්නෙ කෙහෙල් ගහට කොටපු දවසට කියන්න වගේ දොස්තරටත් වැරදුනෙ මට ඔය ප්‍රශ්ණෙ දාපු දවසෙ තමයි.හික්ස්!!!
මම පට ගාල කිව්ව "දොස්තර කෙනෙක් වෙන්න" කියල.
විශේෂඥ මහත්තයටත් ෆුල් හැපී. පිටිපස්සට වෙලා හිටගෙන හිටපු අපේ තාත්තටත් හැපීද මන්ද.
"ඒ මොකද පුතා ඒ? ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න ඔච්චරම ආසද?" මෙයා තවත් හුරතල් වෙන්න හදනව.
"නෑ..නෑ... එතකොට මට ඕන වෙලාවක කොකා කෝල බොන්න පුලුවන්න්නෙ....." මමත් බොහොම ලාමක විදිහට උත්තර දුන්න.
දොස්තරට කොහොමද දන්නෙ නෑ. ඒත් පැත්තක හිටපු අපේ තාත්තටයි නර්ස්ටයි නම් බකස් ගාල හැපී සාගරයයි.හික්ස්!!!

සාමාන්‍යයෙන් මගේ දඟ වැඩ වලට හිනා වෙන්නෙයි තරහ වෙන්නෙයි අපේ අම්ම තමයි. තාත්ත නිතරම නියුට්‍රල් එකේ හිටියෙ. ඒත් එදා නම් ගෙදර එනකොට බස් එකේදිත් තාත්ත කීප සැරයක්ම තනියම හිනා වුනා කියල මතකයි.
එදා ඉඳල මම බෙහෙත් ගන්න යනකොට දොස්තරගෙ මේසෙ උඩ අර සුපුරුදු කොකා කෝල බෝතලේ පේන්න තිබුනෙ නෑ. ඒ පුරුද්ද අතඇරියද, එහෙමත් නැත්තං චැනලින් ලිස්ට් එකේ මගේ නම දැකපු ගමන් බෝතලේ මේසෙ යට හැංගුවද කියන එකනම් මට තාමත් අභිරහසක්.
ඔය කොළඹදි මහාචාර්ය තුමාගෙන් බෙහෙත් ගන්න ගියපු කෙනෙක් ඉන්නවනම් අපිට දැන්ගන්නත් එක්ක කියන්නකො තාමත් ලෙඩ්ඩු බලනකොට ඒ කොකා කෝල බෝතලේ මේසෙ උඩ තියෙනවද කියල.
එහෙම නම් ආයෙත් මොකක් හරි පරණ කුණුගොඩක් ඇදල මතක මංපෙතේ අතුරනතුරු සයොනරා!!!!!!

පිංතූර තික අහුල ගත්තෙ මෙතනින්.
http://farm3.static.flickr.com/2581/3819406710_2dc1bf1057.jpg
http://www.colastuffusa.com/images/products/8241695_1463088.jpg

33 comments:

Anonymous said...

Elama kiri kathawak.

-AD

හසිත මදුශංක said...

අර මුලින් කිව්ව ලා කොල පාට බීම ජාතිය ඇවිල්ලා ලංකා ලයිම්. මාර රසයි. ඒක ආයිත් හදන්න පටන් අරන් අලියා බීම සමාගමෙන්.

Anonymous said...

එල.... එල.... මට තමත් හිනා.......දිගටම ලියන්න....

ඉලංදාරියා said...

එල බන් දිගටම ලියපන්..එල එල..

මතක මංපෙත said...

@ හසිත මදුශංක
ඊලඟ වතාවෙ ලංකාවට ආවහම බීල බලන්න ඕන.
පොඩි කාලෙ විඳපු රස තාමත් යංතං විතර මතකයි වගේ.

@ AD, Anonymous, ඉලංදාරියා
මෙහෙම කියනකොට නොලිය ඉන්නෙ කොහොමෙයි ඉතිං.
පුලු පුලුවන් විදිහට ලියන්නංකො.

හා පැටික්කි (MS) said...

හිහ්....... මරු කතාව.....
අයියත් එසේ මෙසේ ගණුදෙනු නෙමෙයි කරල තියෙන්නේ නේද..........

පීවර් said...

කොහොම හරි දොස්තර කෙනෙක්ට පාඩමක් ඉගන්නුව කිව්වහම, ලේසි පහසු දෙයක්ද?
එල කතාව.

මාරයාගේ හෝරාව said...

අපොයි ඩොකා..

දිල් said...

ආනේ කොල්ලෝ...මොනා කියන්නද මන්දා....තාත්තා එදා කොයිතරම් හිනාවෙන්න ඇතිද කියලා මට හිතාගන්න පුළුවන්. මොකද අද මේ ටිකට මට මොනතරම් හිනා ගියාද ?

මැක්සා කතාව....දිගටම ලියමු කොල්ලො

මධුරංග ප්‍රභාත් said...

එළ කතාව.

මට මතක විදිහටනම් ලා කොළ පාට බීම ලෙමන් ක්‍රෂ්; ලංකා ලයිම් මට මතක විදිහට නම් තද කොළ පාටයි.

Praසන්ன said...

එල කතාව. දිගටම ලියන්න. අලියා නෙක්ටෝ බීල නැත්ද? ඒකත් මාර රහයි.

Taboo Subjects said...

ඉඳහිට ගොඩ වැදී තිබුණද, නිවී සැනසිල්ලේ ඔබේ බ්ලොග් එක කියවන්න ලැබුණේ අදයි. මුල සිට අගට කියෙව්වා. හැම සටහනක්ම කියැවීමට ආස හිතෙන විදියට ලියන්ට ඔබට ඇති හැකියාව අගය කරනවා. දිගටම ලියන්න.

- Taboo

Hasitha said...

දොස්තර මහත්තයාටත් දීපු සබ්බුව නියමයි :)

Anonymous said...

elaaaa.........

Ansh Lucky Sri Jay said...

ලොල්.
මරු කතාව
:D

මතක මංපෙත said...

@ හා පැටික්කි (MS)
අපි කවදත් ඉතින් කරන්නෙ අසම සම ගනු දෙනු නෙ.

@ පීවර්
ඔය කාලෙ ඉතින් එච්චර හිතල බලල නෙවෙයිනෙ වැඩ කරන්නෙ. දන් තමයි ඒව කොච්චර අණ්ඩපාල වැඩද කියල තේරෙන්නෙ.

@ මාරයාගේ හෝරාව
අනේ පවු අප්පා. ඩොකා කෝක් බොන එක එතනින්ම නැවැත්තුවද දන්නෙ නෑ.
මාර ජුවල් කියන්නෙ ඔයාගෙ ජුවල් එහෙම නෙවෙයි. හරිය!!!!

මතක මංපෙත said...

@ දිල්
හරි හරී...... ඔය හැකි හැකි විදිහට ලියන්නම්කො.
ඔයාගෙ කතාවත් දිගටම කියවනව.

@ මධුරංග ප්‍රභාත්
මටත් මතක විදිහට ලෙමන් ක්‍රශ් වගේ නමක් තමයි තිබුනෙ.
ඊලඟ වතාවෙ ලංකාවට ආවහම බීලම බලමුකො.

@ Praසන්ன
නෙක්ටෝ වලට එච්චර කැමති නෑ. පැණි රස වැඩි නිසාද මන්ද, ගොඩක් බොන්න් බෑනෙ.

මතක මංපෙත said...

@ Taboo
වෙලා අරගෙන බුලු බ්ලොග් එකම කියෙව්ව කියනකොට බොහෝම සතුටුයි.
මම මුලින්ම සිංහල බ්ලොග් ලියවන්න පටන් ගත්තෙ ඔබ තුමාගෙ බ්ලොග් එකෙන්.

@ Hasitha
ඕව ඉතින් පොඩි කාලෙ වැඩනෙ. පවු අප්ප. මම කැමතිම ඩොකෙක්. හරිම කරුණාවන්තයි.

@ Ansh Lucky Sri Jay
තැන්ක් යූ තැන්ක් යූ...
ඔයත් මම වගේම පරණ කතා ලියන්න කැමති කෙනෙක්නෙ.
හැබැයි මම කොච්චර දඟ වැඩ කරත් ඔයා කනත්තෙදි අයිය කෙනෙක් මුණගැහෙන්න ගියපු කේස් එක ඒ හැම වැඩකටම වඩා සිරා.

දුකා said...

අප්පේ කොල්ලෝ උඹත් කොරලා තියෙන වැඩ . . . අර නම තියෙන එකාම තමයි උඹ නම් හොඳේ දන්නවනේ . . .බොරු නම් දාගෙන අපිව රවට්ටන්න බෑ හරිය . .

දුකා said...

අයියෝ ළමයි අර ලාකොල පාට රසම රස බීම ජාතිය ක්‍රීම් සෝඩා . ..

මතක මංපෙත said...

@ දුකා
අයියෝ අයියෙ.මොන යකාද ක්‍රීම් සෝඩ ගැන නොදන්නෙ. මම මේ කියන්නෙ 93,94 කාලෙට පස්සෙ පේන්න නොතිබුණු බීම එකක් ගැන.
මාර රහයි අප්ප.
දැන් තමයි මතක් උනේ.....ලා කොල කියල කිව්වට ලා කොලම නෙවෙයි.ටිකක් විතර තද කොල මයෙ හිතේ..
ඒක නෙවෙයි, මුල් කමෙන්ට් එකේ තියෙන නම් ගැන කතාව ටිකක් පැහැදිලි මදි.
ටයිප් කරන කොට ඔයාට අකුරු මාරු වෙලාද එහෙම නැත්තං වයර් මාරු වෙලාද කියලහිතාගන්න බරුවයි මේ ඉන්නෙ.

දුකා said...
This comment has been removed by the author.
දුකා said...

mama kiwwe "Amdan" gana kollo . .. ube real name eka . . hiks

ඉන්දික උපශාන්ත said...

බි.පෙ.සි. හැදෙන ගහ දෙපෙත්තෙන් නේමෙ බිජ්ජෙම්ම දනී කියල කියල තීන්නෙ බොලා වගේ උන්ට තයි මල්ලි..එළ කිරි සහ උකු ජලය....

ඉන්දික උපශාන්ත said...

මේ...උඩ කොමෙන්ට් එකෙ "ම" යන්නක් අඩුයි... ඔන්න දා ගනින්..

Anonymous said...

කථාව නම් හිනා තමයි. ඒත් මේ කථාවේ යටි අරුත පේන්නේ නැද්ද? උඹලා සේරම එකතු වෙලා අර දොස්තරඋන්නාන්සෙත් එක්කම වස ප්‍රොමෝට් කරනවා. මතකමංපෙත මචෝ තරහ වෙන්න එපා මෙහෙම කිව්වාට. වෙලාවක ගිහින් කිඩ්නි එහෙම තියෙන තැන හොඳින් තියෙනවාද කියලා බලා ගනිං. දන්න නිසයි කියන්නේ. අරක්කු සිගරට් ප්‍රොමෝට් කරනවාට වඩා ඩේන්ජරස් මේ වැඩේ. මොකද කියෙව්වාම ඕනේ පොඩි එකෙකුට බොන්න හිතෙනවා.

මතක මංපෙත said...

@ දුකා
හරි හරි...... ඒක එහනම් මගේ Middle Name එක විදිහට Use කරන්නම්කො

@ ඉන්දික උපශාන්ත
ඔන්න එහෙනම් මම අදාල තැනට "ම" යන්නත් දාගත්ත.හික්ස්!!!

මතක මංපෙත said...

@ Anonymous
අනේ මම කොකා කෝල කොම්පැනිය වත් අලියා බීම කොම්පැනිත වත්, කොටින්ම කිව්වොත් ඔය දොස්තර මහත්මය වත් ප්‍රමෝට් කරන්න කියල හිතාගෙන ලියපු ලිපියක් නෙවෙයි මේ.
මගේ පොඩිකාලෙ මතකයක් ගැන විතරයි ලිව්වෙ.
කතාවෙ ස්වභාවික බව රැකගන්න ඕන නිසයි සාමාන්‍ය භාවිතයෙ තියෙන වෙළඳ නම් ඒ විදිහටම පාවිච්චි කරේ.
මේ කතාව ලිවීමේදී වෙළඳ ප්‍රචාරණය වැනි වෙනත් කිසිම යටි අරමුණක් මහේ හිතේ තිබුනෙ නෑ කියල මම වගකීමෙන් කියනව. එහෙම හිතෙනව නම් සමාවෙන්න ඕන.

Anonymous said...

සමාව ඉල්ලන්න ඕනේ නැහැ අප්පා. කේන්ති ගියා මට දැක්කාම මේ වස ප්‍රොමෝෂන් එක. මොකද මගේ හොඳම යාළුවා අපිට නැති වුනේ මේ වස බීලා. පාසල් ඇරිලා එද්දි හැමදාම ඔයින් එකක් බිව්වාලු. ගෙදරත් තාත්තා කේස් එකක් ඉවර වෙන්න කේස් එකක් ගෙනැත් තියෙනවලු. අන්තිමට 30 වෙන්නත් කලින් අකාලයේ මේ ලෝකේ දාලා ගියා. කිඩ්නි දෙකම නරක් වුනා.

මම දන්නවා ඔබ මේවා ප්‍රොමෝට් කරන්න නෙමෙයි අපට හිනාවක් ගේන්නයි ලියන්නේ කියලා. මගේ කලින් කොමෙන්ට් එක සැර වැඩි නම් සොරි. ඒත් මේ විදිහේ ලිපියක් ලියලා අවසානයේ වත් අර පළිබෝධ නාෂක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න කියන්නා වගේ දෙයක් කිව්වානම් හොඳයි නේද?

Harendra de Silva said...

Thank you for reminding me of the wrong things I did!!! I am now against coke after I realized that a 300 ml bottle has 8 teas of sugar contributing to obesity, diabetes and heart disease. Now I don't drink it and I tell my patients not to drink!!
Prof Harendra de Silva

Harendra de Silva said...

Thank you for reminding me of the wrong things I did!!! I am now against coke after I realized that a 300 ml bottle has 8 teas of sugar contributing to obesity, diabetes and heart disease. Now I don't drink it and I tell my patients not to drink!!
Prof Harendra de Silva

manju said...
This comment has been removed by the author.
manju said...

මේක ටිකක් පරණ කතාවක්. මමත් දොස්තර මහත්තයාගෙ වයසෙම කෙනෙක්. අපි ගියෙ ආනන්දෙට. 7 වැනි ශ්‍රේණියෙ මමයි හරේන්ද්‍රයි වාඩි උනේ යාබද ඩෙස්කු වල. දැං වගේ නෙමේ ඒකාල එයාගෙ හිත විසිරිල. අඳින කමිසෙ කලිසම පවා එහෙමයි. කොණ්ඩෙ අයින්ස්ටයින් වගෙ පීරල.කමිසෙ බොත්තමක් දෙකක් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කාසයෙන් නිදහස්. ගුරුතුමිය දවසක් මෙයාගෙ කලිසමෙන් ඇද්ද ඒකෙ දිවේ බොත්තම ගැලවිලා හින්ද. මගෙත් ඒ කාලෙ ඔලුව අර තොරණෙ නිවෙන පත්තු වෙන බලුබ් වගෙ හින්දද කොහෙද හරේන්ද්‍ර තමා මගේ වීරයා උනේ. එයා ඉස්කෝලෙට එන්නෙ තරමක පහේ සූට්කේසයකුත් එල්ලගෙන. ඒක ඇතුල රොකට් විද්‍යාඥයෙකුගෙ මෙවලම් පෙට්ටිය වගෙ. දවසක් මිනිහ නූඩල්ස් වගෙ වයර් පාහපු පොඩි ලෑල්ලක් වගේ එකක් එලියට ගත්තා. පොඩි ක්‍රිස්ටල් රේඩියෝවක් . ගුරුතුමිය දාඩිය දාගෙන උගන්නනවා. අපි ඩෙස්කුව අස්සෙ හංගගෙන රේඩියෝ ටියුනින්. ලංකාවෙ මිනිසුංගෙ වාසනාවට ඇමරිකන් කාරයො දැනගත්තෙ නැහැ සූට්කේස් එකෙ ඇතුල ගැන. දැනගත්ත නං හරේන්ද්‍ර අද නාසා එකෙ මහ සුක්කානමක් වෙලා ලංකාවට හොඳ වෙදැදුරෙක් නැති වෙනවා. පස්සෙං පහු කාලෙ රාහු මාරු වෙලාද කොහෙද හරේන්ද්‍ර හිත ධාරණය වූ දීප්තිමත්ම සිසුවෙකු උණා.

Post a Comment