Sunday, August 15, 2010

කන්න පුලුවන් තරමක් කාපල්ලා!!!!!!


මම ඉන්න රටේ, ඒ කියන්නෙ ජපන් රටේ මේ දවස් වල බොහොම ජනප්‍රිය වේගෙන යන රෙස්ටුරන්ට් ක්‍රමයක් තමයි "All you can Eat" කියන එක.
ඒ කියන්නෙ රෙස්ටුරන්ට් එකට සල්ලි ගෙවන්නෙ පැය ගානට. ඒ කාලය ඇතුලත කන්න පුලුවන් තරමක් ඉල්ලගෙන කන්න පුලුවන්.
ඒ වගේමයි "All you can Eat and Drink" එකත්. එතකොට ඕන තරම් කන්නයි බොන්නයි පුලුවන්.
මේවගෙ ගානත් එක එක විදිහයි.
රෙස්ටුරන්ට් එකේ ලෙවල් එක සහ තියෙන කෑම වර්ග අනුව ගාන වෙනස් වෙනව.
ඒ වගේමයි, රෙස්ටුරන්ට් එකේ පිහිටීමත් මිල ගනන් වලට බලපානව.
මේ රෙස්ටුරන්ට් වල ගාන වැඩි වෙන්නෙ රෑට තමයි. මොකද මෙහේ මිනිස්සු පැය ගනන් කකා බිබී පාටි දාන්නෙ රෑට. දවල්ට ඔව්ව කරන්න තරම් වෙලාවක් මෙහි මිනිස්සුන්ට නෑ. ඒ නිසාම දවල් වෙලාවට මේවගෙ මිල බාගෙට බාග‍යක් විතරම අඩු වෙන්ව.
අනික, දවස අනුවත් මිල ගනන් වෙනස්. මිල වැඩිම සිකුරාද රෑ සහ සෙනසුරාද රෑ. ඒ වගේම රජයේ නිවාඩු දින වලට කලින් දවසෙ රෑටත් මිල ටිකක් වැඩි වෙනව.
සමහර තැන් වල නම් ගැහැණු පිරිමි අයටත් වෙන වෙනම මිල වෙනස් වෙනව.

පැයකට ගාන යෙන් 1000 ඉඳල 2500 විතර,
පැය එකහමාරට යෙන් 1500 ඉඳල 3000 වෙන්කන්,
පැ‍ය දෙකට යෙන් 2500 ඉඳල 3500,
පැය හතරට යෙන් 3500 ඉඳල 5500 පරාසය තමයි සාමාන්‍යයෙන් එක වේලක මිල.
යෙන් එකක් රුපියලයි සත විස්සක් විතර වෙන නිසා රුපියල් වලින් බැලුවත් වැඩි වෙනසක් නෑ.
මෙහේ කෑම වල මිල බැලුවහම පාටි වලට එහෙම ගොඩක් මේ ක්‍රමය පාවිච්චි කරන අය වැඩි වේගෙන එනව.

ජපන් ජාතිකයො මේ වගේ තැනකට ගියත් යන්නෙ යාලුවොත් එක්ක විනෝදෙන් කෑම ටිකක් කන්න මිසක් අර වෙලාව ඇතුල කන්න පුලුවන් තරමක් කාල එන්න නෙවෙයි.
ඒ නිසා මේ රෙස්ටුරන්ට් වලටත් පාඩුවක් නෑ. මොකද හිනා වෙවී කතා කර කර කන නිසා වෙලාව යනව තේරෙන්නෙත් නෑනෙ.

ඒත් පුතෝ ලංකාවෙ මේ වගේ රෙස්ටුරන්ට් එකක් දැම්මොත් නම් බංකොලොත් තමයි.
අපේ වැඩි දෙනෙක් කන්න ගත්තහම කිසිම සද්ද්යක් නැතුව කාගෙන කාගෙන යන්වනෙ. කෑම මේසෙදි කතා කර කර කන පුරුද්දක් අපිට නෑනෙ.
අනික අපේ අයට "All you can Drink" පැකේජ් එක දුන්නොත් ඉතින් ගෙදර යන්නෙ හතර ගාතෙන්නෙ. සම්හරු නම් එතනම වැටිල ඉඳීවි.
ලෝකෙ, ජනගහනයෙන් වැඩිම ප්‍රතිශතයක් මත්පැන් බොන ජපානෙ පවා මම මේ ඉඳපු අවුරුදු 4ටම මිනිස්සු බීල වැටිල ඉන්නව දැකල තියෙන්නෙ දෙතුන් පාරයි. බීල ගහගන්නව කවදාවත්ම දැකල නෑ.

හරි!!! මෙච්චර වෙලා වටේ කැරකි ඉඳල දැන් තමයි රියල් කතාවට එන්ටර් වෙන්නෙ.
මාස 4කට විතර කලින් අපේ කැම්පස් එක් ආසන්නයෙත් දැම්ම මේ වගේ "All you can eat" රෙස්ටුරන්ට් එකක්. කැම්පස් එක "ලඟ" කියල නොකිය "ආසන්නයෙ" කියල කිව්වෙ කැම්පස් එකේ ඉඳල බයිසිකලෙන් විනාඩි 15ක් විතර දුර නිසා.
කලින් එඳලම මේවගේ රෙස්ටුරන්ට් කීපයක්ම ආල පහල තිබුනත් මේ අලුත් එකේ පැකේජ් එක අනිත් ඒවට වඩා ලාබයි.
පැයට යෙන් 1500යි පැය එකහමාරට 2000යි.
අනික මේකෙ ප්‍රධාන කෑම තමයි පුළුස්සපු මස්. කවුද කන්න අකමැති.
මේසෙ මැද දැලක් දාල ඒක යටින් ගෑස් උඳුනක් තියෙනව. මේසෙට ගේන්නෙ අමු මස්. ඒක තමන්ම පුච්චගෙන කැමති විදිහට සෝස් ජාති ඩ්‍රෙසින් ජාති දාගෙන කන්න පුලුවන්. බතුත් තියෙනව. මේ වර්ගයෙ රෙස්ටුරන්ට් ජපානෙ බොහොම ජනප්‍රියයි.

කැම්පස් එකේ ළමයි එහෙම නිතරම මේ අලුත් රෙස්ටුරන්ට් එකෙන් කන්න පටන්ගත්තු නිසා අනිත් ළමයින්ගෙ අතරෙත් මේක ඉක්මනට පැතිරිලා ගියා.
කොහොමින් කොහොමින් හරි කැම්පස් එකේ ඉන්න පිටරට ළමයිත් ටිකෙන් ටික මේකට යන්න පටන් ගත්ත.
ඒ අතරෙ තමයි දැනගත්තෙ මේ රෙස්ටුරන්ට් එකේ හැම මාසෙම පළවෙනිදටයි විසි වෙනිදටයි "Half price Discount" එකක් තියෙනව කියල.

ඒ කියන්නෙ පැයේ කෝස් එක යෙන් 750යි.
මෙහේ කඩේක සාමාන්‍ය කෑම එකකුත් යෙන් 500ට වැඩියි. ඒකත් ලංකාවෙ අපිට ගෑවෙන්නවත් මදි.
ඉබ්බ දියට දානකොට ඇන්නෑවෙ කිව්ව වගේ අපිත් හැම මාසෙම පළවෙනිදටයි විසිවෙනිදටයි ඕකෙන් කන්න පටන් ගත්ත.
අපේ කැම්පස් එකේ පිටරට ළමයි 70ක් විතර ඉන්නව. ඒ සෙරම අය ආසියාවෙ අය. ඉතින් කන්න බැරිද. ලංකාවෙ අයන්ම් ඉන්නෙ පහයි.

ජප්පො ගිහිල්ල කදේ දාගෙන හිමීට කන අතරෙ අපි ගිහිල්ල හුස්මක් කටක් ගන්නෙ නැතුව කනව.
අලුතින් කෑම ඕඩර් කරහම ඒක ලැබෙන්න විනාඩි 5ක් විතර යනව. ජප්පොන්ට නම් ඒක ගානක් නෑ. ඒත් අපි මේසෙ තියෙන කෑම ටික ඉවර වෙන වෙලාව ගනන් හදල ඒ වෙලාවට අලුතින් කෑම මෙසෙට එන්න තමයි ඕඩර් කරන්නෙ.
අනික Half price දවසට ජප්පො එන්න කලින් පිටරට ළමයි ගිහිල්ල මේස අල්ලගෙන.
එදාට 70 දෙනාගෙන් අඩුම ගානෙ 50ක් වත් කන්නෙ එතනින් තමයි.
එතකොට නම් ඉතින් කුකුලද ඌරද හරකද කියල බලන්නෙ නෑ. කන එක ඇරෙන්න වෙන දේවල් ගැන හිතන්න සිහියක් නෑනෙ.
එතනින් නොකන්නෙ හලාල් කෑම විතරක් කන මුස්ලිම් ළමයි විතරයි.
කොහොම හරි Half price දවසට යෙන් 750 ගෙවල යෙන් 4000 ක 5000ක විතර කෑම කාල එනව.
වැඩේ කියන්නෙ වැඩිය කන්න බැරි ගෑණු ළමයි උනත් Half price දවසට බෑ නොකිය කන එකනෙ
වැඩිය ඕන නෑ, සූර පප්ප බලපු අය දන්නවනෙ ජිම් පප්ප සීසර්ගෙ රෙස්ටුරන්ට් එකකට දීපු ගේම.
අපි මේ රෙස්ටුරන්ට් එකට කරෙත් ඒ වැඩේම තමයි.

අද Half price නොවුනත් අපි ලංකාවෙ 5 දෙනා අද ගියා මේකෙන් රෑට කන්න කියල.
අනේ!!! කඩේ වහල, එතන අලුතින් නූඩ්ල්ස් කඩයක් දාන්න ලේස්ති වෙන්ව.
කලින් රෙස්ටුරන්ට් එක බංකොලොත් වෙලාද කොහෙද.
එහෙම නොවී තියෙයිද 50 දෙනෙක් විතර ගිහිල්ල කඩේ පාළු කරනකොට.
නූඩ්ල්ස් කඩේ නම් All you can eat දාන එකක් නෑ. එහෙම දැම්මොත් තිතින් එකටත් මාස තුන හතරකින් අකුලගෙන යන්න වෙනවනෙ. හික්ස්!!

අර රෙස්ටුරන්ට් එකේ අයිතිකාරයට මොනව උනාද මන්ද. මිනිහ ආයෙත්නම් පිටරට ළමයි ඉන්න කැම්පස් එකක් ලඟ කඩයක් දාන එකක් නෑ.
ඒ ඉතින් රසට ලාබෙට කාපු කඩේ නැතිවෙච්චි එක ගැන නම් හිතට අමාරුයි. මොනව කොරන්නද ඉතින්.
දැන් ඉතින් පාළු කරන්න අලුතින් රෙස්ටුරන්ට් එකක් හොයාගන්නකන්, මාස හතරක් තිස්සෙ ඉස්මුරුත්තාවට එනකන් කාල එකතු කරගත්තු මේද තට්ටුවෙ පිහිට තමයි.

එහෙමනම් අදට ඉවරයි.
ඇපිට පාළු කරන්න අලුතින් රෙස්ටුරන්ට් එකක් ලැබේවා කියල ඔය පහලින් තියෙන කොටුවෙ එක හිතින් ප්‍රාර්ථනා කරල යන්නකො.

19 comments:

Shadow/හේමලයා said...

ලංකාවෙ එහෙම ඕව දැම්මොත් මීක් සද්දය්ක්වත් එන එකක් නෑ.....වැඩිම උනොත් පැයයි.....රෙස්ටුරන්ට් එක බංකොලොත්....:D

මතක මංපෙත said...

@ Shadow/හේමලයා
ආයෙත් අහල!! අපි ඉතින් ජීවත් වෙන්නෙ කන්නනෙ.
මේ රටවල් වල බිස්නස් තියරි ලංකාවට ඇප්ලයි කොරන්න බෑ.
ඒක වෙන්ට ඇති අපේ ලොකොත් මේ දවස් වල වෙනමම තියරියකින් ලංකාව ගොඩගන්න හදන්නෙ.

Abeetha Edirisinghe said...

මේකත් හොද කන්සෙප්ට් එකක් ... අපිට ලංකාවට ගැලපෙන විදිහට දෙන්න පුළුවන්නම්....

හා පැටික්කි (MS) said...

අප්පේ........ ලංකාවට ඕක කලොත් දන්සැල වගේ පෝලිම තියෙවි......... (මං දන්න අයත් ඉන්නව දන්සල් තියන දවස් වලට ගෙදර උයන්නෑ. කෑම වෙලාවල් අල්ලල දන්සලකට ගිහින් කාල ගෙදර එනව....) ඕකටත් වෙන්නේ ඒ ටික තමා මෙහෙ දැම්මොත්.......... අර කිව්වත් වගේ පැයෙන් බංකොලොත්........ :D :D

Chanaka Aruna Munasinghe said...

වැඩි තණ්හාවට ගිහින් :D

Anonymous said...

ඒකත් මරු වැඩේ නේද? අනේ ඔහොම එකක් ළඟ පාතක තිබුන නං

හසී said...

අනේ පවු මෙයාලා අර රෙස්ටුරන්ට් කාරයාව බංකොලොත් කරලා. ජිම් පප්පලා සෙට් එකක්ම ගිහින්නේ ආයේ අහන්නත් දෙයක්ද? :D

Praසන්ன said...

හපොයි. මැනේජරය හිතන්න ඇති මුං ටික සෝමාලියාවෙ ඉදල එන්න ඇත්තෙ කියල.

Hero said...
This comment has been removed by a blog administrator.
මතක මංපෙත said...

@ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
ඕක ලංකාවවට ගැලපෙන විදිහටැ කරන්න පුලුවන්න් නම් MC Food Court එකට එහෙම යන්න කවුරුවත් නැති වේවි.

මතක මංපෙත said...

@ හා පැටික්කි (MS)
ඔව් ඉතින් අපේ ධාර්මික රටනෙ.
ඒක නෙවෙයි පැටික්කියො!!! විහාගෙ එහෙම කොහොමෙයි??

මතක මංපෙත said...

@ Chanaka Aruna Munasinghe
තණ්හාව නෙවෙයි අප්පා!! බඩජාරි කම!!!!

@ sameerausa
නරකද පටන්ගෙන බැලුවොත්!!!

@ හසී
ජිම් පප්පල විතරක් නෙවෙයි ජිම් මමීලත් ඔය වැඩේට හරි හරියට හවුල් උනා!!!

මහිම මදුරංග said...

@Hero
mokada mee buruwa

මතක මංපෙත said...

@ Praසන්ன
සෝමාලියාවෙ කියල හිතුවනං කමක් නෑ!!!
ලංකාවෙ කියල හිතුවනං තමයි නෝන්ඩිය!!!
හික්ස්!!

මතක මංපෙත said...
This comment has been removed by the author.
මතක මංපෙත said...

@ mahima
මම වහාම ඒක ඉවත් කෙරුව.
ඉක්මන් ප්‍රතිචාරයට බොහෝම පිං!!!

දුකා said...

යකෝ උඹ ඔහොම පොඩ්ඩක් කාලාද ඔය චූටි හුරු බුහුටි සරීර පොජ්ජ හදා ගත්තේ . . . හෆොයි අහින්සක හෝටල් කාරයා . .. (අහ් ඊමේල් එක ලැබුනා මලේ .. පස්සේ උත්තර එවන්නම් හරිය .. )

මතක මංපෙත said...

@ දුකා
මම මෙහෙම හිටියට කන්නෙ හරි පොඩ්ඩයි. හොක්ස්!!!
මේල් එක ගැන කලබල වෙන්න එපා.
ආයෙත් කියවල බලනකොට මීට වඩා හොඳට ලියන්න තිබුන නේද කියල හිතුන.
"Sleep on it" මෙතඩ් එක. හික්ස්!!!
ඒ නිසා දෙවනි සංස්කරණය එවනකම් කලබල වෙන්න එපා. කලින් ලිපිය අමතක කරල දාන්න.
බොහොම තැන්ක්යූ......

Hasitha Gunasinghe said...

ලංකාවේ ඔහොම කළොත් නම් කන්න දීලා පිරිහන්න බැරිවෙයි අයියා. ලංකාවේ අය කන බොන හැටි අපි නොදන්නවායැ. ඉක්මනින්ම ලාභෙට කන්න පුලුවන් තැනක් හම්බෙන්න කියලා මමත් ඉත සිතින්, සතුටු සිතින් ප්‍රාර්ථනා කරනවා ඕන්

Post a Comment